මිස් පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් ඊයේ උදේ ඉදන් කාපුවගේ ඉදලම විස්තරේ ඕශියි ජබ්බයි මට කියාගෙන කියාගෙන ගියා... උන් ඊයේ පුදුම සැනසීමකින්ලු සමන්ත හිටියේ.. අනේ අනේ පූ නැති නිසා මුන්ට සැන්සීම.. පුහ්!!
මාත් අතෑරියේ නෑ මාත් ගෙදරට වෙලා කරපුවයි ශෙනාල් හම්බුන එක එහෙම කියලා දැම්මා...දවසේ බයිට් එක අසරණ පූ.. ඊයේ සදැසුත් මාව බයිටට ගත්තා....
එපාර මුන් තුන් දෙනා මට දැම්මේ මහම මහ පඩ වලත්ත හිනාවක්..." ආව් ආව්... ශෙනාල් පූට ලයින් වත් ද..?? "
නල්ලේ හිනා වෙවී අහද්දි මගේ පෙට්ටි කට ඇදවුනු පාර තා පොඩ්ඩෙන් නහයත් උලුක්කු වෙනවා සමන්ත...
" වෙන්නත් පුලුවන්..... මූත් ඉන්නවනේ ලෙච්චමී වගේ... "
ජබ්බේ තොල හපාහෙන ඇස් යටින් මගේ දිහා බැලුවා...ඊයා මුන් නම් මහ...අනේ ලොකූ....රංගේ බඹසර මුන් බිඳී වගේ... අනේ සමන්ත... උබයි මායිත් ඉවරයි වගේ...
" අනේ මේ පිස්සුද බව්වෝ.. ! උගේ එහෙම එකක් පෙනුන්නෑ.. අනික කවුද කොල්ලොන්ටම කැමති..?? "
මන් මුන් තුන් දෙනාටම ඔරවලා ගස්සද්දි මුන් ආයෙම හයියෙන් හිනා උනා...ඊව් එපා වෙනවා සමන්ත.. මුන්ට ජාපාල දාපු මයිලෝ එකක් දෙන්න ඕන බඩ යන්න ඕන උනාට මයිලෝ නිසා යන්න බැරි වෙන්න.....ර්ර්... මෝඩයෝ...
" එහෙනම් උබේ ද පෙනුනේ..? "
හැක හැක😑 තමයි සමන්ත මුන්ට...
" එහෙම අවුලක් නෑ පූ දැන්.. මේ බලපන් නල්ලේ.. මූ අර කලින් පාට් එක දාපු එකා එක්ක යස අගේට ලව් කරන්නේ... "
" ආහ්හ්හ්හ්හ්හ් හෑ....!!! "
ඕශි නල්ලෙට අත දිග් කරද්දි ජබ්බා නල්ලෙගේ උරහිස් මසාජ් කරනවා..පාට් එක දාපු එකා.. හරිම අගෙයි මුන් ලව් කරනවා මේ පූට කියන්නෙත් නැතුව... ඒත් කාට ද...?
" සිරා....ව....ට...???? "
හාපෝ.... මන් අතින් කටවහගත්තා.. ගමෙන් ආපු මට විලි ලැජ්ජයි.. දෙයියනේ.. මලක් වගේ හැදුන ළමයනේ ලොකූ... අනේ ලොකූගේ ළාමක පුතු පැටියා.... සමන්ත...මට ජාපාල දාලා දීපන් රත්තරනේ....

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...