දෙයියන්ගේ නාමෙන් පලයන් මගේ ඇඟ උඩින්..!!!
මන් අපේ කුමාරිගේ මහ ලොකු හුරතල් පූස්තඩියාව අල්ලලා විසි කරා.. ඌ එනවා මගේ මූන උඩ උගේ ඇට දෙක තියන්න.. පුක්මන්තා..!! පන්ති ගිහින් ආවා විතරයි මන් හොඳට නාගෙන ඇඳට පැන්නා..
ඊයේ ඉතින් සඳු එක්ක ඉදලනේ ආවේ ම්හුක්.. සමන්ත.. කුමාරී ඒත් ඇහුවා සඳූ පුතාට කොහොමද කියලා.. ඔය ඉන්නේ යස අගේට කකුලත් නොන්ඩි ගගහා..
හවස් වෙලා මිනා මාව ගෙදර ළගට ගෙනත් දැම්මා.. පැක් වෙලා වගේ එන්න උනේ.. බයික් වල දෙන්නට වඩා ඇවිල්ලනේ.. ඊටත් වඩා උන් යන්නේ එක එක පැති වලට.. එකෙක් ස්ටෑන්ඩ් යනවා නම් අනිකා යන්නේ හොරොව්පතානට.. අනිත් එකා යන්නේ වන්නි හත්පත්තුවට.. තව එකෙක් යක්කලමුල්ලට.. නෑ නෑ එච්චර දුර මෑ සමන්ත ඒ උනාට මුන් ගියේ වෙන වෙන බස් වල...බයික් වලින් හතරක් වගේ ආවට අනිත් උන් ඒවගේ එල්ලිලා ඇවිත් තිබුනේ.. ඒක නිසා මිනා උන් සේරම ඩ්‍රොප් කරා.. උගේ ලස්සන කාර් එකේ දාගෙන.. මීනප්පා.. සඳූගේ කකුලත් යම්තාක් දුරට හොඳ නිසා එයා ආයේ ක්ලාස් යනවා කියුවා.. කොහොමත් ඕකට ගෙදර ඉන්න බැරි ලෙඩක් තියේනේ..
හුම්ම්ම්....
මන් ලොකු හුස්මක් පහත දාලා පොත ගත්තේ පාඩම් කරන්න.. මට සමහර වෙලාවට හිතනවා නිව්ටන්ගේ ඔලුවට වැටෙන්න හොඳට කටු තියෙන අනෝදා ගෙඩියක් තියලා එන්න.. සමන්ත..!!! උගේ ඇපල් ගෙඩිය නිසා බලපන් අපි විඳින දුකක්..!! රෙද්ද..
පොත අතට ගමන්ම මතක් උනේ අද උදේ උනු සිද්ධිය.. සිද්ධියකට වඩා.. ඒක නිකන් ෆිල්ම් එකක් වගේ...
කවදාවත් නැතුව අද ඕශියා ක්ලාස් ඇවිත් තිබ්බා.. වලියෙන් පස්සේ මන් අද තමයි ඌව දැක්කේ.. මන් ගිහින් වාඩි වෙද්දිම මට කලින් ඇවිත් ඉදපු ජබ්බා මට වැලමිටෙන් ඇනලා ඕශිව පෙන්නුවා..
" ඕශි ඇවිත් පූ.. මගේ මූන දිහාවත් නොබලා ඌ අතන වාඩි උනා.. බොක්කටම වැදුනා පූ.. මට පට්ට අවුල්.. "
මන් ඌ දිහා බලද්දිත් ඌ අපිට ඉස්සරහ පේළියක පොතට මූන ඔබාගෙන ඉන්නවා... මන් හුස්මකින් පපුව පුරවගත්තා... ඌ වෙනස් වෙලා.. හැමදාම අපි දෙන්නගේ ළග ඌ වාඩි උනේ.. මට උගෙ අඩුව මෙහෙම දැනුනනම් ඕශියා එක්කම ඉදපු ජබ්බට කොහොම දැනෙන්නැද්ද... ඌ මූන සම්පූර්නෙන්ම බෙරි කරන් හිටියේ.. තඩියා වගෙ හිටියට ජබ්බ වැඩිපුරම ඕශිගෙ කරේ එල්ලුන ගමන්මයි.. ඒත් මෙතන උගේ වරදක් නෑනේ.. සේරම උනේ මායි සඳුයි මිනයි අතරේ.. සමහරවිට ඕශි මන් නිසා වෙන්නැති ජබ්බවත් මඟඇරියෙ.. ලොකූ ඔයාගේ රං ගමේ හිටියනම්..හ්ම්ම්..

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...