25💥

1.2K 178 68
                                    




චූටී මන් උබට ආදරෙයි....






හවස අඬලා අඬලා හෙම්බත් උනු ඇස් වලට හරි යන්නම  කට කපලා කාපු වඩේ දහයම රා බිව්වා වගේ වැදිල තියෙද්දි.... ඒ ගැඹුරු කටහඬ යි මුහුදු හුළං පාරයි... සුදු පාට රැල්ල ළා ක්‍රීම් පාට වෙරළේ වැදුනම එන සීතල වතුර පාරයි නිසාම මට නින්ද යාගෙන........... ආ......වා.....




නිදි කිරා වැටෙන ඇස් අමාරුවෙන් ඇරගෙන  නිමක් නැති මුහුද දිහා බලාගෙන හිටියේ ආයේ දවසක්  මෙහෙම බලන්න බැරි වෙයිතෝ කියලා මට හිතුන නිසා........ 





හැමවෙලේම මේ කියන දේවල් තේරුනෙ නැති උනාට මට ඒ කටහඬ ලග.... තාලෙකට උස් පහත් වෙන පපුව උඩ.... නිදාගන්න ඕන උනා... ලොකූගේ රං ට ඒ පපුව උඩ සැනසීමෙන් නිදාගන්න පුලුවන් කම ඕනවටත් වඩා තිබුනා.......


සැනසීම.....!!

හැංගිලා මේ දුශ්ට පපුවේ..!!






මොන තරම් තරහා ගිහින් කෑගැහුවත් මන් ඒ පපුව උඩ ඔලුව තියන හැම වෙලේම තරහා නිවිලා යන හැටි මන් වින්දා... සදැස් ගේ යකා මෙල්ල කරන මන්තරේ මන් ගාව කියන එක මට ගෙනාවේ අමුතුම හැඟීමක්... හරියට මන් දැන් සිතිජය ළගට ගිහින් අහස ඇල්ලුවා වගේ....




" චූටී..."

" චූ.....ටී... "






සදැස් ආයෙත් කතා කරද්දි මන් ඇස් පියාගත්තා... ඒත් නෑ... සදැස් ආයෙම කතා කරනවා... බැරිම තැන මන් ඔලුව ඉස්සුවේ ස්පෝට් ටී එකට වැහිලා තිබුනු පපුව රිදෙන්නම හපාගෙන......




" ආඅහ්හ්හ්හ්හ්.. චූටී...!! "





සදැස් කෑගහගෙන මන් හපපු තැන අතගානවා... ඇස් වල හැඟීම් උතුරනවා...




උබ අහන්න බලන් ඉන්නේ මොන වගේ උත්තරයක් ද බන්.. ! !



" එහෙම කොහොමද එකපාරට ලව් කරන්නේ..?? අනික... කොල්ලෝනේ... අනේ සදැස් හිටපු ගමන් නටුත් මාරු වෙනවද ?? "





මන් එයාගෙ පපුවෙන් ටිකක් ඈතට වෙලා ඇහුවේ හිනා වෙවී... මලිතයා වගේ මූට මෝල් පාරක් වත් ගහලතෝ සමන්ත...   දිලිසි දිලිසි තිබුනු හීනී ඇස් දෙකෙ ලයිට් නිවුනා... එලිය සම්පූර්නෙන්ම නැති වෙලා ගියා...






The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookVWhere stories live. Discover now