සඳේ අයිතිය ට පණ පොවන ඔහු!!
සදැස් POV ❤💥
රෑ දහය පහු වෙලා... ස්කූල් බෑග් එකත් කරේ එල්ලගෙන මන් මිනාට කෝල් කරා..
" මන් එන්න ද ? "
" හ්ම්.. "
ඌ කෝල් එක කට් කරනකොට මන් බයික් එක ස්ටාට් කරන් උපරිම වේගෙන් ගිහින් නැවැත්තුවේ මිනාලගේ ගෙදර...
උගේ කාමරෙන් එළියට සෙට් කරලා තිබුනු දොර ඇරලා මාව ඇතුළට ගන්නකොට මන් බෑග් සපත්තු පිටින්ම උගේ මාස්ටර් බෙඩ් එකට පැන්නා... මිනා මේ ඇඳට කොච්චර ආදරේ ද කියනවනම් ඌ උදේට ඇදෙන් බහින්නේ ඇද විට්ටමට කිස් එකක් දීලා....
" බැහපන් පරයෝ...!! බූල්ල්... හැමදාම කියනවා තොට..වොශ් එකක් දාන් ඉදපන්කෝ උට්ට !!! "
තව විනාඩි පහක් විතර උගේ කෑගැහිල්ලත් එක්කම මන් ඇස් පියාගෙන ඉදලා ඇදෙන් නැගිටිද්දි මිනා මට අදින්න ඇදුම් හොයනවා... මෙහේ මගේ ඇදුම් වෙනම කබඩ් එහෙක දාන්න තරම් තියෙනවා.. ඒත් වැඩක් නෑ.. මිනා පට්ට ගහන්නෙත් මගේ ඒවනේ ඒක නිසා ඌට මන් ආවම දෙන්න ඇදුමක් හොයන්න වරුවක් යනවා...
" මි.....නා...... "
" උබේ බූල්ගේ බඩේ ගින්දර ඇවිලෙනවා සගෝ.... නැද්ද ආහාරයට ගත හැකි යමක්...?? "
මන් ඇස් උපරිම බෝල කරලා මිනා දිහා බලන් ඇහුවා... මහා සද්දෙන් බඩ ගොර ගොර ගානවත් එක්ක.. දවල් කෑවට පස්සේ තාම මුකුත් කාලාවත් නෑ... චූටියත් මට නොදී වඩේ ටික ගිලලා දැම්මනේ...ඉල්ලන්නත් ලෝභයි... ඒ කන හැටි දැක්කම... තව අරන් දෙන්න හිතෙනවා කාපන් කාපන් කියලා.. කටු පෙට්ටියයි පෙට්ටි කටයි...පෙට්ටි මූන රවුම් කරන්... කට පුරවගෙන.. තොල් උල් කරන්.. හරි හුරතල් මගේ එකා...

YOU ARE READING
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV
Fanfiction'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...