02 කොටස

3K 482 207
                                    

කමෙන්ට් ගෝල් 50

" ඔ.... ඔයාට තුවාල වෙලා?"

මන්දෝදර සස්රුත් ගෙන් අහනකොට සස්රුත් උත්තරයක් දෙන්නෙ නැතිව , තුවාලය අතින් තද කරගෙන බිත්තියට හේත්තු වෙලා හිටියා. පොලිසියෙන් හදිස්සියෙ කරපු වැටලීමේ ප්‍රතිපලයක් විදියට එතනින් පැන ගන්න උත්සාහ කරද්දී සස්රුත්ට වෙඩි වැදුණත් සස්රුත් අහු නොවී බේරුණා. සස්රුත් දැනගෙන හිටියෙ නැහැ සස්රුත්ගෙ කණ්ඩායමට උනෙ මොනවාද කියලා වත්.

"මම බෙහෙත් දාන්නද?"

"මොකක්?"

මන්දෝදර යෝජනා කරද්දී සස්රුත් හයියෙන් කිව්වම මන්දෝදර විරිත්තුවා. සස්රුත් මන්දෝදරගෙ  උඩ ඉඳන් යටටම බැලුවෙ , පොලිසිය පවා බය තමන්ට බයක් සැකක් නැතිව කතා කරන මේ කොල්ලාට නිර්භීතද නැත්තං මෝඩද කියලා හිතා ගන්න බැරුව.  සස්රුත්ගෙ තුවාලෙ දරුණු විදියට වේදනා දෙනකොට දත් මිටි කා ගත්ත සස්රුත් බිම වාඩි උනා.

"බය වෙන්න එපා මැර කපුටු අයියේ මම බයෝ කරන්නෙ... මම බේත් දාන්නම් "

මන්දෝදර ඉදිරිපත් උනාම සස්රුත් වචනයක් අල්ලා ගත්තා

"කපුටු....."

සස්රුත් විරෝධය පාන්න ලෑස්ති උනත් මන්දෝදර ගැම්මට ඉස්සරහට ඇවිත් සස්රුත් ගාවින් දණ ගහ ගත්තා. සස්රුත් ගෙ අතින් අල්ලා ගත්ත මන්දෝදර සස්රුත්ගෙ අත එහාට කරලා තුවාලෙ දිහා බලනකොට සස්රුත් මන්දෝදර දිහා යන්තම් බැලුවා. සස්රුත්ගෙ උණුසුම් හුස්ම මන්දෝදරගෙන මූණෙ වදිනකොට මන්දෝදරට දැනුනා කොහෙන්ද මන්ද හමපු හුලගක් එයාලගෙ කොන්ඩෙ අවුල් කරනවා. මන්දෝදරට හුලග ගැන අවධානය දෙන්න බැරි උනෙ සස්රුත්ගෙ තුවාලෙ ගැඹුරට මන්දෝදරට කැරකිල්ලක් ආව නිසා.

ඩිම් උන එලියෙන් උනත් මන්දෝදරගෙ දෙතොල් සුදු මැලි වෙලා තියනවා දැක්ක සස්රුත් පුදුමෙන් බැලුවා.

"ඒයි... උඹට මොකද?"

"ඒයි... කොල්ලො?"

සස්රුත් කතා කලත් මන්දෝදර එහෙමම පණ නැතිව සස්රුත්ගෙ ඇගට කඩාගෙන වැටෙනකොට සස්රුත් අමාරුවෙන් මන්දෝදරව අල්ලා ගත්තා.

හයේ කනිසම ✓Where stories live. Discover now