කමෙන්ට් ගෝල් 50
" අයියෝ මේ කාලකණ්නි වැස්සත් කොළඹ නුවර බස් එක වගේ නවත්තන්නෙ නැතිව සට සට ගාලා වැටෙනවානෙ මගුල "
මන්දෝදර බෑග් එකත් තුරුලු කරගෙන ගහක් යටට වෙලා වැස්ස වලාහක දෙයියන්ට දන්න කුණුහරුප දෙක තුනක් එකතු කරලා බැන්නා. අග්‍රට කපු අයියා බලන්න යන්න ඕනෙ කීව නිසා භාෂිණි අග්‍රගෙ සපෝට් එකට ගියාට මන්දෝදර ගියේ නැත්තෙ හෙට උදේම බාස්කට් බෝල් ප්‍රැක්ටිස් තියන නිසා. අද රෑ දහය එකොලහ වෙනකම් වත් අග්‍ර ඔතනින් හෙල්ලෙන්නෑ කියලා මන්දෝදරගෙ අවුරුදු ගානක මිත්‍රත්වයෙ පලපුරුද්ද දැනගෙන හිටියා. පන්ති ඉවර වෙලා , හවස කඩේ වැඩ තිබ්බෙ නැති නිසා මන්දෝදර කෙලින්ම ගෙදර යනකොටයි මන්දෝදරට වැස්සක් සෙට් උනේ.
" රාජපක්ෂලාගෙ හයි වේ ප්‍රොජෙක්ට් වගෙ.. මේ ආත්මෙට ඉවර වෙන මගුල් වැස්සක් නෙවෙ මේක!!. ඔන්න ඔහෙ යනවා මම. තෙමුනත් කෙලින්ම ගෙදරනෙ "
මන්දෝදර වැස්සෙම පොත් බෑග් එකත් තුරුලු කරගෙන එලියට පැන්නා. අඩි දෙක තුනක් දුවගෙන ගිහින් බෝක්කුව ට හැරෙද්දී ම බෝක්කුව ළඟ ඉඳලා හැඩිදැඩි ග්‍රහණයකට මන්දෝදර අහු උනා. මන්දෝදරගෙ සිහින් ඉඟ වටා පැලුන අත මන්දෝදරව කුඩයක් ඇතුලට ඇදලා ගන්නකොට මන්දෝදර හැඩිදැඩි පපුව මත්තෙ නතර උනා.
"මැ...ර කපුටා...?"
"සස්රුත්"
මන්දෝදර දිහා බලාගෙන ඉන්න ආදරෙ පිරුණු දිලිසෙන ඇස් මුමුණනවා මන්දෝදරට ඇහුනා. කොහෙන්දෝ මන්දා ආව හුලඟක් මන්දෝදරගෙ කොන්ඩෙ අවුල් කලත් , අඩුවකට තිබ්බෙ වැස්ස හින්දා ගස් අස්සට වැදුනු කපුටො විතරයි.
"සස්රුත්? කවුද සස්රුත් කියන්නෙ?"
මන්දෝදර සස්රුත් නොහොත් මැර කපුටා ට රැව්වාම සස්රුත් අමනාපයෙන් මන්දෝදර දිහා බැලුවා.
"මගෙ නම"
සස්රුත් රවනකොට මන්දෝදර ගෙ කට ඇරුනා. මන්දෝදර තරුණ බෞද්ධ සංගමය ගාව හට් ගහගෙන පැල වෙලා , හොඳම බෞද්ධ ශිෂ්‍යයාට හිමි සම්මානය දිනා ගත්තාට පස්සෙත්, ඒකට වස්තු බීජය උන කෙනා ගෙ නම දන්නෙ නැහැ කියලා කාරණේට මන්දෝදරට ටිකක් ලැජ්ජා හිතුනා.
YOU ARE READING
හයේ කනිසම ✓
Fiction généraleහාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024