කමෙන්ට් ගෝල් 50
භාෂිණි කඩාගෙන දුවගෙන ගියේ මන්දෝදර ගහන්න පන්වනකොට. කඩාගෙන දුවගෙන ගියපු භාෂිණි දඩස් ගාලා හැප්පුනෙ හෙන තාප්පයක.
"කවුද යකො පාර දිගෙ කණු හිටෝපු එකා..."
තරහෙන් කීව භාෂිණී ඔලුව උස්සලා බලනකොට භාෂිණි දැක්කෙ එයාගෙ ඉස්සරහ විරිත්තගෙන බලාගෙන ඉන්න ඇන්ඩෘ. භාෂිණිගෙ මූණ දෙක උනා. ඇන්ඩෘට එහා පැත්තෙන් සුපුරුදු පරිදි භාෂිණි නැව් ගත කරපු වික්රන් ව බලාපොරොත්තුවෙන් භාෂිණී බැලුවත් වික්රන් පේන්න හිටියෙ නැහැ. භාෂිණීගෙ මූණ ඇද උනා.
"කෝ වික්රන්?"
භාෂීණී අහනකොට ඇන්ඩෘගෙ මූණෙ පැණි හිනාවක් ඇඳුනා. භාෂීණී ඇන්ඩෘ ගෙන් සාමාන්‍ය ප්‍රශ්නයක් ඇහුව පලවෙනි වතාව ඒක නිසා ඇන්ඩෘගෙ මූණ ටිකක් රතුත් උනා.
"වික්රන් ගියානේ උගෙ කෙල්ල එක්ක ඩේට් එකක්"
ඇන්ඩෘ හිනා වෙලා කියනකොට භාෂිණීගෙ මූණ හොඳටම ඇද උනා. මොනවා උනත් භාෂීණී නැව් ගත කරපු කපල් එක මේ ඉන්නෙ.
"රුවල් ඉරී ගිය නෞකාවේ ... "
"බ්රයිට්වින් ඩබල ස්ට්‍රේට් ඩ්‍රාමා වල රඟ පානකොටවත් මෙච්චර දුක හිතුනෙ නෑ "
භාෂිණී දුකෙන් සහ ඒ කෙල්ල ගැන තරහෙන් කියනකොට මෙලොව දෙයක් තේරෙන්නෙ නැතිව උඩ බිම බලන ඇන්ඩෘ යාන්තම් හිනා උනා. ඇන්ඩෘට නැව් ගත කරනවා කියන වචනෙ තේරුම වත් තේරුනෙ නැහැ. ඇන්ඩෘ මොකුත් නොකියා ටිකක් වෙලා ඉඳලා භාෂිණි දිහා බැලුවා. භාෂිණි හරිම හැඩයි සුදු ගවුමට!
"භාෂි.. ඔයාට ෆ්‍රී වෙලාවක අපි අයිස් ක්‍රීම් කන්න යන්ද?"
" මට බෑ.. ඔයා කොහොම හරි වික්රන් එක්ක යන්න"
භාෂිණි පපුවට අත් දෙක බැඳගෙන කියනකොට ඇන්ඩෘ භාෂිණී දිහා බලාගෙන හිටියා මිසක් මොකුත් කීවෙ නැහැ. ටිකක් වෙලා භාෂීණී දිහා බලාගෙන හිටපු ඇන්ඩෘ ආයෙම කතා කරන්න පටන් ගත්තා.
"ඔයාට කොල්ලෙක් ඉන්නවා නේද?"
"පිස්සුද යකො?"
භාෂිණි තරහෙන් කෑ ගැහුවෙ ඇන්ඩෘගෙ දුක හිතෙන විදියට හදාගෙන ඉන්න මූණ දිහා කිසි අනුකම්පාවක් නැතිව බලන ගමන්.
YOU ARE READING
හයේ කනිසම ✓
Ficción Generalහාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024