28 කොටස

1.4K 269 152
                                    

කමෙන්ට් ගෝල් 50

ශේද් ටවුන් එකෙ තිබ්බ පරණ බංකුවක් උඩ වාඩි වෙලා හිටියෙ ගහකට මුවා වෙලා. එහා පැත්තෙ තිබ්බ රටකජු , බිස්කට් විකුණන ලොරියකින් කෑම ගන්න ආදිව් අයියව ශේද් දැක්කෙ අහම්බෙන් වගේ. අලු පාට ටී ෂර්ට් එකකට , ලා ක්‍රීම් පාට ෂෝටක් ඇඳගෙන හිටපු ආදිව් අයියා හරිම කඩවසම් කියලා ශේද්ට හිතුනා. යන්තම් හමන උණුසුම් හුලගට ආදිව් අයියා ගෙ කොන්ඩෙ හිමීට හෙලවෙනවා. ශේද්ගෙ හදවත එයාටත් නොදැනීම බල කලේ ෆොටො එකක් ගන්න. ඒ නිසා ශේද් හිමීට ෆෝන් එක අරගෙන ෆෝකස් කරලා ආදිව් අයියා ගෙ ෆොටො ගැහුවා.

ඒ අතර පන්ති ඉවර වෙලා ගම්පහ රෝන්දෙ ගහ ගහ හිටපු මන්දෝදර , භාෂිණි , දෙන්නා බස් හෝල්ට් එකට කඩල ගොට්ටක් කන ගමන් ඇවිදගෙන ආවේ අග්‍ර එක්ක සෙට් වෙන්න. මන්දෝදර කියන විකාර අහ අහ ආව භාෂිණි එක පාරට ම බ්‍රේක් ගැහුවා.

"අඩෝ අර අර..."

භාෂිණි මන්දෝදරගෙ ඉල ඇට කූඩුවට අනිනකොට මන්දෝදර පැත්තකට  පැනලා භාෂිණිට රැව්වා.

"මොකද යකෝ අනින්නේ...?" මන්දෝදර තරහෙන් කියනකොට භාෂිණි මන්දෝදරට හොඳවයින් එකක් රැව්වා.

"අර බලපන්... ශේද් ආදිව් අයියා ගෙ නේද ෆොටො ගහන්නේ... අඩෝ ශේද් නම් අයියට ලව් කියලා මයි මට හිතෙන්නේ... බියෙන් කඳුලෙන් ගෙවූ කාලය දැන් ඉතින් අවසන්... සත් පියුම් මැද ශේද් ඇවිදින් ආදරෙන් ඉන්නම්...."

භාෂිණි කියාගෙන කියාගෙන යනකොට මන්දෝදරගෙ කට භාගෙට ඇරුනා.

" උඹ මයිනට කඩේ යනවා නේද?"

මන්දෝදර අහනකොට භාෂිණිගෙ සද්දෙට ඒ පැත්ත බලපු ආදිව් ශේද්ව දැක්කෙ ඒ වෙලාවෙමයි. ෆෝන් එකෙ කැමරාව තමන්ගෙ පැත්තට අල්ලගෙන ඉන්න ශේද් කරන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න ආදිව්ට එච්චර අමාරු උනෙ නැහැ. ආදිව්ගෙ මූණෙ යන්තම් හිනාවක් ඇඳෙනකොට ශේද් ආදිව්ට රැව්වා. හිනා උන ආදිව් හිමීට එතනට ඇවිදගෙන ඇවිත් ශේද්ගෙ අතින් අල්ලා ගත්තාම ශේද් රවාගෙන ෆෝන් එක සාක්කුවට දා ගත්තෙ අතෙම මාට්ටු උනා කියලා තේරුන නිසා.

"මොකද බලන් ඉන්නේ...?" ශේද් රවනකොට ආදිව් හිනා උනාම ශේද් රවාගෙන නැගිටලා බෑග් එක කරට දා ගත්තා.

හයේ කනිසම ✓Where stories live. Discover now