කමෙන්ට් ගෝල් 50
" මන්දෝ මට කියපන්කෝ.. උඹ මොකක් හරි අවුලකින් නේද? "
ඉස්කොලෙ ඉවර වෙලා භාෂිණීයි අග්‍රයි එක්ක මන්දෝදර වැඩ කරපු කඩේ ගාවට යයා හිටපු භාෂිණි මන්දෝදරගෙ කරට අත දාලා අහනකොට මන්දෝදර ඉක්මනට ඔලුව දෙපැත්තට වැනුවා. මන්දෝදරට ඕනෙ උනෙ නැහැ භාෂිණීයි අග්‍රයි එයාගෙ ප්‍රශ්නයකට දුක් වෙනවා දකින්න.
"නෑ බං පිස්සුද?" මන්දෝදර ඉක්මනට උත්තර දෙනකොට භාෂිණී මන්දෝදර ගෙ මූණට එබුනා.
"එහෙනම් සෙනසුරාදා ක්ලාස් එන්න බෑ කියන්නේ..?"
ඒ පාර අග්‍ර.
"හරි උඹලට මට නෝට් එක දෙන්න බැයිද?"
මන්දෝදර අහනකොට අග්‍රයි භාෂිණීයි මූණෙන් මූණ බලා ගත්තා.
"එහෙම එකක් නෙවෙ බං කියන්නෙ.. උඹ පන්ති මිස් කර ගන්න එකෙක් නෙවෙයිනෙ... හරි හරි.. උඹට කියන්න බැරි නම් කමක් නෑ. ඒත් ප්‍රශ්නයක් තියෙ නම් කියන්න හොඳද..."
භාෂිණී කියනකොට මන්දෝදර යන්තම් හිනා වෙලා ඔලුව වැනුවා. මේ මාසෙ ණය ටික ගෙවලා දාන්න පන්ති සල්ලිත් එක්ක බෑ කියන කාරනෙ මන්දෝදරට තේරිලා ඉවර නිසා දැනට පිසිස් හැර අනිත් පන්ති වලට නොයා ඉන්න මන්දෝදර තීරණය කරලා ඉවරයි. භාෂිණී මන්දෝදරගෙ කරට අත දා ගත්තා.
"ඒක නෙවෙයි බං මන්දෝ... අහපන්කෝ උඹට හිතෙන්නෙ නැද්ද අපේ පිසිස් සර් කාරයා මිතුනාධ සරුයි , සමිත් සරුයි සෙට් කියලා. දෙන්නගෙ ඒජ් ගැප් එකත් එක ලග. අනික බලපන්කෝ... සමිත් සර් මිතුනාධ සර්ට අයියෙ කියලා කතා කරනකොට මගෙ මුලු සර්වාංගෙම හිරි වැටිලා යනවා ඒයිලා"
භාෂිණි කියනකොට අග්‍ර ඇස් ලොකු කරගෙන භාෂිණි දිහා බැලුවා.
"උඹට පිස්සුද? ඒ මිනිස්සුන්ටවත් ඉන්න දීපන් පාඩුවේ... යකො කොල්ලෙක් ට පාරක බැහැලා යන්න බැරි කාලයක් නෙ මේක... අනේ කාලේ වනේ වාසේ කීවලු"
අග්‍ර තරහෙන් කියනකොට භාෂිණි රවලා බැලුවා.
"සර්ලා දෙන්නා දීඝ ගියාම උඹලාට තේරෙයි"
භාෂිණී පපුවට අත් දෙකත් තද කරගෙන කියනකොට " මොනතරම් අසහනයක් ද " වගේ ලුක් එකකින් මන්දෝදරයි අග්‍රයි මූණෙන් මූණ බලා ගත්තා.
YOU ARE READING
හයේ කනිසම ✓
Ficción Generalහාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024