14 කොටස

1.8K 333 160
                                    

කමෙන්ට් ගෝල් 50

මන්දෝදර සස්රුත් මන්දෝදරව එක්කගෙන ගියපු කෑම කඩේ වාඩි වෙලා හිටියා. පොලිසිය ගාවම ළග තිබ්බ කෑම කඩේ කලේ සස්රුත්ගෙ යාලුවෙක් නිසා අයිනෙන්නම තිබ්බ මේසයක් සස්රුත් මන්දෝදර සහ සස්රුත් එක්කගෙන ආවා පුංචි කෙල්ල වෙනුවෙන් වෙන් කරන්න කඩේ අයිතිකාරයා තීරණය කලා. මේ පුංචි කෙල්ල කවුද කියලා මන්දෝදරට ප්‍රශ්නයක් ආවත් මන්දෝදරට ඒ ගැන අහන්න බය හිතුන නිසා පාඩුවෙ හිටියා.

"තාත්තී.. තාත්තී බාපාට රත්තරන් පාට මුද්දක් දෙන්නද යල්ලේ..."

පුංචි කෙල්ල ඇස් බෝල ගෙඩි දෙකක් කරගෙන අහනකොට වතුර ටිකක් බිබී හිටපු මන්දෝදරට ඉස්මොල්ලෙ ගියා.

"තාත්තා?"

මන්දෝදර කට ඇද කරලා සස්රුත් දිහා බලනකොට සස්රුත් මන්දෝදර දිහා බලලා යන්තම් හිනා උනා.

"නේහා... සීනි බෝල ඕනෙද?"

සස්රුත් අහනකොට පුංචි කෙල්ල නේහා ඔළුව වේගයෙන් වනනකොට සස්රුත් රුපියල් සීයක් නේහාට දික් කරනකොට නේහා නැගිටලා ඉක්මනට සීනි බෝල ගන්න දුවගෙන පහලට ගියා. සස්රුත් හිනා වෙලා මන්දෝදර දිහා බැලුවා.

"ඔයා තාත්තා කෙනෙක්ද?"
මන්දෝදර අහනකොට සස්රුත්ට හිනා ගියා.

"එයාගෙ ඇත්ත තාත්තා හිරේ ගියා කුඩු ගහලා. නේහා කීප වතාවක්ම මිනිස්සු අතින් දූෂනෙ වෙච්චි කෙනෙක්. එයාට කවුරුත් නැති නිසා මම එයාව බලාගන්න ගත්තා. එයාව අලුත් ඉස්කොලෙකට දාළා අපෙ ගෙදර තියා ගන්නවා"

සස්රුත් කියනකොට මන්දෝදරගෙ මූණට හිනාවක් ආවා.

"ඔයා හොඳයිනෙ මැර කපුටෝ... ඒක නෙවෙයි ඇයි එයා මට බාපිද මොකක්ද එකක් කියන්නෙ?"

මන්දෝදර අහනකොට සස්රුත් හිනා උනා.

"මොකද මම කීවා ඔයාට බාප්පා කියලා කියන්න කියලා"

"මොකක්?"

මන්දෝදර කෑ ගහනකොට සස්රුත් එක සැරේටම ඉස්සරහට නැවිලා මන්දෝදරගෙ නළලට හාදුවක් දෙනකොට මන්දෝදර ගල් ගැහුනා. ඇස් දෙක ලොකු කරගෙන සස්රුත් දිහා බලාගෙන හිටපු මන්දෝදර ගෙ අතින් සස්රුත් අල්ලා ගත්තා.

හයේ කනිසම ✓Where stories live. Discover now