කමෙන්ට් ගෝල් 50
" ඉහි ඉහි. මට යන්න වෙන තැනක් නෑනෙ එයාව හම්බවෙන්න. අනේ මම කොහොමද එයාගෙන් ඈත් වෙලා ඉන්නෙ භාෂිණි. ඉහි ඉහි. අනේ භාෂිණි මොනවා හරි කරන්නකෝ.. ඉහි ඉහි "
මන්දෝදර ඉකි ගහ ගහ ජූස් බාර් එක මැද්දෙ අඩන්න පටන් ගත්තාම භාෂිණියි අග්‍රයි මූණෙන් මූණ බලා ගත්තා. අලුත් වාරෙ පටන් ගත්ත ගමන් මොකක් හරි බාල්දියක් ඔලුවට පාත් වෙනවා. භාෂිණී ඔරවා ගත්තා.
"ටිකක් ඉන්නකො බං. බය වෙන්න එපා. සේරම හොඳින් වෙයි."
භාෂිණී කියනකොට මන්දෝදර භාෂිණිව බදාගෙන අඩන්න පටන් ගත්තාම භාෂිණි ජූස් බාර් එකෙ වීදුරුවෙන් එලිය බලා ගත්තා.
"මොකාද දැන් ඕක ඉස්කෝලෙට මාට්ටු කරපු එකා? අනේ මන්දා මේ ලව් වලට බාල්දි පෙරලන උන් තමා ඊලග ආත්මේ ලැට් බාල්දි වෙලා ඉපදෙන්නෙ"
භාෂිණි ඔරෝගෙන කියනකොට මන්දෝදරගෙ තොල් වල යන්තම් හිනාවක් ඇදෙනකොට භාෂිණියි අග්‍රයි මූණෙන් මූණ බලා ගත්තා. එතන දුන්න ටිෂූ එක මන්දෝදරට දික් කරපු භාෂිණි ජූස් එක මන්දෝදරට ලං කරලා හරි බරි ගැහිලා වාඩි උනා.
"එයාලා මට බැන්නා මෙච්චර කෙල්ලො ඉන්න රටේ කොල්ලෙක් ටම ඇයි ලව් කරන්නෙ කියලා"
ස්ට්‍රෝබරි ජූස් එකෙ බටේ කටේ ගහ ගත්ත මන්දෝදර හුරතල් විදියට භාෂිණිට කියනකොට භාෂිණි රවා ගත්තා.
"යකො මුන්ට තියන ප්‍රශ්න!! උන් කෙල්ලො එක්ක කොල්ලෙක් යාලු උනාමත් බනිනවා. කොල්ලෙක් එක්ක යාලු උනාම කියනව කෙල්ලෙක් එක්ක යාලු වෙන්නලු. යකඩො.. ප්‍රශ්න පත්තර මුන් නම්. ඒකට මට තියන එකම ප්‍රශ්නෙ ඇයි තේවක ගෙ හැම මියුසික් වීඩියො එකකම කෙහෙල් ගෙඩි තියෙන්නෙ"
භාෂිණි කියනකොට අග්‍රයි මන්දෝදරයි උඩ බිම බැලුවා. අග්‍රට මන්දෝදරට තේරෙන කෙහෙල් ගෙඩියක් නෑ.
"ඒක නෙවෙ මම උඹලට ගැම්ම එන්න බඩ්ඩක් කියන්නද? ආදිව් අයියා කීවේ..."
"හා කියපන් බලන්න"
භාෂිණීගෙ ඇස් දිලිසෙනකොට අග්‍ර ඇහුවේ ඕපෙ දැන ගන්න ආසාවෙන්.
YOU ARE READING
හයේ කනිසම ✓
Fiction généraleහාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024