කමෙන්ට් ගෝල් 50
එදා ඉස්කොලෙ ඇරිලා ක්ලාස් යන්න ටවුමේ මන්දෝදර වැඩ කරන සාප්පුව ලග භාෂිණී එනකම් අග්‍රයි මන්දෝදරයි හිටගෙන හිටියා.
"එහෙනම් බං මම ඒක කරනවා කපු අයියට. හෙට තමා මම දා ගත්ත ඩේට් එක. මම මිනිහට කෝල් එකක් දීලත් බැලුවා. මොකක්දො අමුතු වරයකින් වැඩේ සෙට් කරලා දෙන්නම් කියලා මිනිහා කීවෙ..."
අග්‍ර කියනකොට මන්දෝදර රවලා බැලුවා. ඔය කපුවා ගැන මන්දෝදරට එක තඹ සතේක විශ්වාසයක් තිබ්බෙ නැහැ.
"ඉතින් ඌට එච්චරකට දේව වරමක් තියෙනවා නම් දෙවියන්ට හොයා ගන්න බැරි උනාද උඹෙ ප්ලෑන් එක?"
මන්දෝදර රැව්වා.
"අඩෝ මම ඒක ගැනත් හිතුවා. සමහර විට කපු අයියට වරම දුන්න දෙවියා භාෂිණී වගේ BL ෆෑන් කෙනෙක්ද දන්නෑ නෙ. කවුද දන්නෙ.. නොවිය හැක්කක් නැත"
අග්‍ර අඩම්බරෙන් කියනකොට මන්දෝදර ඔලුවෙ අත ගහ ගත්තා. අග්‍ර එක්ක කතා කරලා තේරුමක් නෑ කියලා දන්න නිසා මන්දෝදර උත්තරයක් නොදී පැත්තක් බලා ගන්නකොට මන්දෝදරට මතක් උනෙ මන්දෝදරගෙ මැර කපුටා. මැර කපුටා හිනා වෙනකොට එක කම්මුලක් යාන්තමට වල ගැහෙනවා. යන්තම් දිග කොන්ඩෙ පිටි පස්සට කරලා පෝනි ටේල් එකක් දාගෙන ඉන්න මන්දෝදරගෙ මැර කපුටා ගෙ හිනාව මතක් වෙනකොට මන්දෝදරගෙ මූණ රතු වෙනවා මන්දෝදරට මතක් උනා. ඒත් මන්දෝදරට මනෝපාර ගහ ගහන්න ලැබුණෙ ටික වෙලාවයි. කොන්ද හරහා වැදුනු පාරට මන්දෝදරට කෑ ගැහුනා.
' හිමින් හිමින් මැර හීනෙට යන කලට
යකෙක් ඇවිත් ගැහුවයි මන්දොගෙ පිට මැදට....... '"ආ කොල්ලා.. මූණ රතු කරන් ඔච්චරකට කල්පනා කරන්නෙ මොනවාද?"
භාෂිණීගෙ කටහඩ ඇහෙනකොට මන්දෝදර හැරිලා භාෂිණි දිහා රවලා බැලුවා.
"අනේ ගෑණියෙ.. ටිකක් ගහද්දී මානුෂීය වෙයන්කො.. මම හිතුවෙ මේක ගෙ කපු අය්යගෙ යකාට පාර වැරදිලා මට ඇවිත් ගහලා ගියා කියලා."
මන්දෝදර තරහෙන් කියනකොට භාෂිණී ඇහි බැමක් ඉස්සුවා.
"අග්‍ර ගෙ කවුරු...?" භාෂිණිගේ ඇන්ටනාවට අහු වෙනකොට මන්දෝදර අග්‍ර දිහා බලනකොට අග්‍ර මන්දෝදරටයි භාෂිනීටයි රවාගෙන බලාගෙන හිටියා.
YOU ARE READING
හයේ කනිසම ✓
Fiksi Umumහාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024