කමෙන්ට් ගෝල් 50
" තේරුම් ගන්නවාකෝ මන්දෝ... මට උඹට සාරියක් දෙන්න පුලුවන්. වලලු ටිකක් දෙන්නත් පුළුවන්. ඒත් උඹ කොහොමද මගෙ හැට්ටයක් අඳින්නේ ගොං මිනිහෝ... ගෑණුන්ගෙ හැට්ට වල බ්‍රෙස්ට් එකට ඉඩක් තියල තියෙන්නේ... උඹ පොල්කටු දෙකක්ද ඒක අස්සට දා ගන්න හිතන් ඉන්නේ ගොං මීමෝ....???? "
භාෂිණීගෙයි මන්දෝදරගෙයි සෝමා දේවි වලිය දිහා අග්‍ර කට ඇරගෙන තම්බපු කඩල එකක් කන ගමන් බලන් හිටියා. මන්දෝදරව ඉස්කොලෙ ඉංශ්රිෂ් ඩේ එකට සිංහල ටයිප් එකට කරන වේදිකා නාට්‍යයෙ සෝමා දේවිට අග්‍රගෙ යෝජනාව පරිදි ගන්න ධර්මපාල සර් තීරණය කලාට පස්සෙ , මන්දෝදර සෝමා දේවිට රඟපාන්න හිත හදා ගත්තා.
අනිද්දා ( සඳුදා ) අන්තිම රියසල් එක තියන නිසා මන්දෝදරට ඇදුම් අරගෙන ඉස්කොලෙට එන්න කියලා කිව්වට මන්දෝදර හිත හදා ගත්තෙ භාෂිණීගෙ අම්මා ටීචර් කෙනෙක් නිසා සහ භාෂිණීත් ඔය ඩ්‍රාමා වලට එහෙම ඉන්න නිසා එයාගෙන් සාරියක් ණයට ගන්න පුලුවන් කියලා දන්න නිසා. ක්ලාස් ඇරිලා යන ගමන් භාෂිණීගෙන් මන්දෝදර මේ ගැන ඇහුවම භාෂිණී සාරියකුයි වළලුයි සෙරෙප්පුයි දෙන්න කැමති උනත් හැට්ටක් දෙන්න කැමති උනෙ නෑ. අවසානෙ ඒ දෙන්නාගෙ වලිය කෙලවර උනෙ මහ පාර මැද භාෂිණී මන්දෝදරගෙ ඔලුවට ගහලා.
" මන්දෝ වරෙන්.. රන්ජන් එකෙ මම දැකලා තියනවා ෆ්‍රී සයිස් හැට්ට. එච්චර ගානක් නෑ. දාහක් එක්දාස් පන්සීයක්.. මම උඹට ඒකත් අරන් දෙන්නම්"
භාෂිණී ඔළුවත් අත ගාන ගමන් තොල් දෙක උල් කරගෙන රවාගෙන ඉන්න මන්දෝදරගෙ අතින් අදිනකොට මන්දෝදර අග්‍ර දිහා බැළුවෙ උඹ නිසා තමා මේ සේරම වගෙ ලුක් එකකින්.
"ලැජ්ජයි යකොව්..."
" මොකටද යකො ලැජ්ජා වෙන්නෙ. මට ගන්න වගෙ ගිහින් ගමු.. වරෙන් වරෙන්.."
භාෂිණී මන්දෝදරගෙ අතින් ඇදගෙන රන්ජන් එක ගාවටම යනකොට අග්‍රත් පස්සෙන් ගාට ගාට ආවා. මන්දෝදරට බැන බැන භාෂිණී ඉස්සරහින් යනකොට මන්දෝදර මූණ දෙක කරගෙන පස්සෙන් ආවා. එක සැරේම අග්‍රගෙ මූණෙ හැඟීම් එක පාරට ම වෙනස් වෙනකොට මන්දෝදරයි අග්‍රයි දිහා බලාගෙන ආව භාෂිණී තිරිංග තද කලා.
YOU ARE READING
හයේ කනිසම ✓
General Fictionහාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024