37 කොටස

1.6K 234 89
                                    

කමෙන්ට් ගෝල් 50

"ශ්.. ශේද්? පුතේ..? මගේ ශේද්?"

තුවක්කුව අතේ තියාගෙන තමන් තිබ්බ වෙඩි උන්ඩෙ වැදුනෙ තමන්ගෙම පුතාට කියලා දැක්ක ශේද්ගෙ පියා දුවගෙන එනකොට වෙඩි පාරට වැටිලා හිටපු ශේද් ආදිව්ගෙ කමිසෙ තද කරලා මිරිකගෙන හිටියා

"ඇයි... ඇයි..? මට තිබ්බ උණ්ඩෙට පැන්නෙ මගෙ සුදු මැණික?"

ආදිව් අඩ අඩා කියනකොට ශේද් ආදිව්ට රවලා බැලුවා. ශේද්ට කිසිවක් හිතා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙමින් තිබුණා. එහෙන් තව ඩිංගෙන් ආදිව්ට වෙඩි වැදෙනව කියලා දැනෙන හැගීම , අනෙක් අතින් පිට පසාරු කරගෙන ගියපු වෙඩි උන්ඩෙ වේදනාව. අනෙක් අතින් ආදිව්ට වෙඩි තියන්න තැනුවෙ තමන්ගෙම පියා කියන හැගීම. ශේද් ඇස් රතු කරගෙන ආදිව් දිහා බලාගෙන හිටියා.

"නැ-නැත්තං තමුසෙට වෙ-ඩි වැදෙනවා-නෙ මෝඩ-ඩ-යො"

ශේද් ගොත ගහ ගහ කියනකොට ශේද්ගෙ ඇස් දෙක පියවෙනවා ශේද්ට දැනුනා. ඇස් ඇරගෙන ඉන්න කොච්චර උත්සාහ කලත් , ශේද් කියන දේ අහන්නෙ නැතිවම ඇස් පියවෙන කොට ශේද් තමන්ගෙ වටේ පිරුණු මහා ජන ගඟ දිහා පිය වෙන ඇස් වලින් බැලුවා.

"සුදූ... ශේද් මගෙ සුදූ...."

ආදිව් ශේද්ගෙ කම්මුලට තට්ටු කරනකොට ශේද් වචන ගලපා ගන්න උත්සාහ කලා.

"ම-මම අයියා ම-ට සුදූ කි-කියනවා-ට ගො-ඩක්....."

ශේද් ගෙ ඇස් පියවෙන කොට ආදිව් සහ අයියා වගේම වගේම ශේද්ගෙ තාත්තා  විලාප තියාගෙන ශේද් ගාවට බඩ ගාගෙන ආවේ කෑ ගහ ගහ අඬ අඬා.

______

මාස හයකට පසු

"ඒක බය හිතෙන මතකයක් මන්දෝදර. මම හිතුවෙ මට මගෙ ශේද්ව නැති උනා කියලා. ඒ වගේම මට ඇති උන ශොක් එක නැති කරන්න බැරි වෙයි කවදාවත්. ඒ වගේම ශේද්ට උන ශොක් එක... ශේද් කවදාවත් හිතන්න නැතිව ඇති අපෙ කුඩු බිස්නස් එකෙ මහමොළ කාරයා ශේද්ගෙම තාත්තා කියලා. අපි කවුරුත් ඒක දැනගෙන හිටියෙ නැහැ. පොලිසියෙන් අල්ලන්න යනකොට එයා බය උනා අපි එයාව පාවා දෙයි කියලා. ඒකයි අපිව මරන්න ආවේ. එයා කවදාවත් හිතන්න නැතිව ඇති එයාගෙ පුතාට වෙඩි වැදෙයි කියලා..."

හයේ කනිසම ✓Where stories live. Discover now