27 කොටස

1.5K 270 140
                                    

කමෙන්ට් ගෝල් 50

" වැඩ කරන අපෙ කපුටා
මන්දොට පෙමින් කපුටා!!
මන්දො රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් කපුටා!!! "

"භාෂිණි කට වහ ගනින්. මිනිස්සු බලාගෙන ඉන්නවා"

මන්දෝදර තරහෙන් කියනකොට භාෂිණි එරෙව්වා. කට්ටිය හිටියෙ දාගෙන මුගුණුවැන්න මිටි සුද්ද කරන ගමන්. ගර්ල් එකයි බෝයිස් එකක් , සහෝදර පාසල් දෙක එකතු වෙලා දහවෙනි වරටත් සංවිධානය කරන මාලිගාතැන්න පන්සලට දෙන උදෑසන දානයට උදෙ කෑම උයන්න හැමෝම වගෙ එකතු වෙලා හිටියා. ගියපු ගමන් මන්දෝදරට පලා මිටි සුද්ද කරන්න පැවරුණු නිසා පරක්කු වෙලා ආව භාෂිනිටයි අග්‍රටයිත් එතනින්ම වාඩි වෙන්න උනා. උදව්වට කට්ටිය ගෙන්වා ගන්න පුලුවන් නිසා මන්දෝදර මැර කපුටාට ආරාධනා කළාම මැර කපුටා ආවේ නිකන් නෙවෙයි ආදිව්වත් එක්කගෙන. ඒ දෙන්නත් එතනින්නම වාඩි උනාම ටික වෙලාවකින් අයියා එක්කම ආව ශේදුත් මොකුත් දන්නෙ නෑ වගෙ එතනම වාඩී උනා. ඊට පස්සෙ භාෂිණී ඉන්න නිසා ඇන්ඩෘ වික්‍රන් එක්ක එතින්න වාඩි උන නිසා එතන පලා සුද්ධ කරන්න මහා හමුදාවක් හැදිලා තිබුනේ.

" අයියේ... බඩු වගයක් තියෙ උස්සලා දෙන්න පුලුවන් නේද?"

එතනට ආව කෙල්ලෙක් අඟර දඟර දාලා සස්රුත්ගෙන් අහනකොට ඔලුව වනපු සස්රුත් එතනින් නැගිට්ටාම මන්දෝදර බුම්මා ගෙන පපුවට අත් දෙක බැඳ ගත්තා.

"මම ඉක්මනට එන්නම් මන්දෝ"

මන්දෝදර හිත රිද්දෝගෙන බුම්මා ගත්තා කියලා තේරුන සස්රුත් හිනා වෙලා කියනකොට මන්දෝදර මූණ ඇද කර ගත්තා.

"අමො අමො අමරේන්ද්‍ර බාහුබලී හහ්.."

තරහෙන් කිව්ව මන්දෝදර පලා මිටියට රිද්දන්න වගේ සට සට කාලා මුගුණුවැන්න කඩන්න පටන් ගන්නකොට භාෂීණීයි අග්‍රයි මූණෙන් මූණ බලාගෙන හිනා වෙන්න පටන් ගත්තා. භාෂිණිටයි අග්‍රටයිත් රැව්ව මන්දෝදර හිමීට ඔලුව උස්සලා බැලුවම මන්දෝදර දැක්කෙ ලොකු ගෑස් සිලින්ඩරයක් උස්සගෙන එතනින් යන සස්රුත්ව.

ගෑස් සිලින්ඩරය උස්සගෙන යන සස්රුත්ගෙ අත් වල මසල්ස් අත් කපපු ටී ෂර්ට් එකෙන් පේනකොට මන්දෝදර රතු උනා.

හයේ කනිසම ✓Where stories live. Discover now