කමෙන්ට් ගෝල් 50
" ඉක්මන් කරනවා ! ! !"
සස්රුත් කෑ ගහනකොට මන්දෝදරත් පස්සට පැන්නා. මන්දෝදරගෙන් එදා කෝච්චි පාර දිගෙ අඬ අඬා යන්න හේතුව අහපු සස්රුත්ට ඕනෙ උනෙ මන්දෝදරට සල්ලි දෙන්න. මන්දෝදර ඒක තරයේ ප්රතික්ෂේප කරනකොට මන්දෝරගෙ එපා එපා කීම , එපා උන සස්රුත් මන්දෝදරගෙ බෙල්ලට පිහියක් තියලා අතට සල්ලි දික් කලා.
" ඒ... ඒත් මම කොහෙමද අයියගෙන් සල්ලි...."
"මගෙන් මැරුම් කන්නද ඕනේ..! ගන්නවා.. ඒකත් එක්කම මේකත් ගන්නවා"
සස්රුත් ආයෙත් නම්බරයක් ලීව කොලයක් මන්දෝදරට පෙන්නලා කෑ ගහනකොට මන්දෝදර ඇස් ලොකු කරගෙන බලාගෙන හිමීට සස්රුත් දුන්න පන්දාහෙ කොළ තුනයි ඒකයි අතෙ ගුලි කර ගන්නකොටම සස්රුත් මන්දෝදරව වෑන් එකෙන් එලියට තල්ලු කලා. මන්දෝදර වැටෙන්න යනකොටම වෑන් එකට කන තියාගෙන ඕපදූපෙ අහන්න ලගට ආව භාෂිණී මන්දෝදරව අල්ලා ගන්නකොට සස්රුත් ඒ දෙන්නාගෙ මූණටම වෑන් එක දොර වැහුවා.
"මොකද උනෙ?"
භාෂිණීගෙ පිටිපස්සෙන් අග්ර එබුනා."ඇත්තටම අනින්න ගියා"
මන්දෝදර කියනකොට භාෂිණීගෙ ඇස් ලොකු උනා.
"ඒ උනාට මම කියන්නෙ ඇනලා ඇනලා මෙහෙම එලියට දාන එක වැරදි.. පොඩ්ඩක් හොයාලා බලන්න එපායෑ... ඒයි මේ... මන්දෝදරට ඇනපු එකා.."
භාෂිණී මන්දෝදරවත් තල්ලු කරගෙන වෑන් එකට අත මිට මොලෝලා පාරක් ගහනකොට මන්දෝදර භාෂිණිගෙ කට වහලා භාෂිණීව පස්සට අදිනකොට භාෂිණි බේරෙන්න දැඟලුවා.
"භාෂිණී මෙහෙ වරෙන්.."
"අත ඇරපන් යකො. බීඑල් වලට අධිපති දේවතාවි පල්ලා මම පොල් ගහනවා ටොප් බොටම් මාරු වෙන්න කියලා... උඹලා.."
භාෂිණී කෑ ගහනකොට මන්දෝදරගෙ සහයට අග්රත් ආවා. මන්දෝදර භාෂිණීව අමාරුවෙන් ඇදගෙන පස්සට පස්සට යනකොට වෑන් එක හෝන් එකකුත් ගහගෙන එතැනින් වේගයෙන් යනවා මන්දෝදර ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. කොච්චර උනන්දුවෙන් එයා වෑන් එක දිහා බලාගෙන හිටියාද කීවොත් , හොඳයි මන්දෝදර කියන්නෙ එහෙමයි. එයා බලන් හිටියෙ වෑන් එක දිහා විතරයි. කොහොම නමුත් මන්දෝදර කොච්චර උනන්දුවෙන් වෑන් එක දිහා බලාගෙන හිටියාද කීවොත් භාෂිණි මන්දෝදරට එයාගෙ බෑග් එකෙන් පාරක් ගහනවා වත් දැණුනෙ නැහැ.
YOU ARE READING
හයේ කනිසම ✓
Aktuelle Literaturහාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024