32 කොටස

1.4K 256 175
                                    

කමෙන්ට් ගෝල් 50

" අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළග රැදුනේ
හිමිකම් නැති ලැම මත හැඩුනේ..... "

"සුදූ....!! මම කීපාරක් කියන්න ඕනෙද මේ රෑ තිස්සෙ පාරවල් ගානේ රස්තියාදු ගහන්න එපා කියලා ආ?"

ගම්පහ - කොලඹ බස් ස්ටෑන්ඩ් එකෙ වාඩි වෙලා හෑන්ඩ් ෆ්රී දෙකක් ගහගෙන පාඩුවේ හිටපු ශේද් උඩ ගියා. හැන්ඩ් ෆ්රී දෙක අයින් කරපු ශේද් තමන් දිහා බලාගෙන ඉන්න ආදිව්ට රැව්වාම ආදිව් ශේද් ගාවින් වාඩි උනා. ශේද්වයි මන්දෝදරවයි පැහැරගෙන අදට දවස් හතරක් ගෙවිලා ගිහින් තිබ්බත් , ආදිව් ගෙ හිතෙ තිබ්බ චංචල බවයි , වරදකාරී හැඟීමයි අඩුවෙලා තිබ්බෙ නැහැ. ආදිව් ශේද්ගෙ අතින් අල්ලා ගත්තා.

"සුදූ..."

"අත අරින්න"

ශේද් ආදිව් ට රැව්වාම ආදිව් ශේද්ව අත ඇරලා බිම බලා ගත්තා. ආදිව් දිහා බලාගෙන හිටපු ශේද් තොල් හපාගෙන නතර කරලා තියන බස් දිහා ඔහේ බලාගෙන හිටියා.

"සමාවෙන්න. ඒත් සුදූට එදා වගෙ ආයෙමත් කරදරයක් උනොත් මම පපුව පැලිලා මැරෙයි සුදූ..."

"විකාර..."

ආදිව් කියන වචන වලට ශේද්ගෙ හිතෙ ඇති වෙන ගැස්ම හංගා ගන්න උත්සාහ කරන ගමන් ශේද් උත්තර දුන්නාම ආදිව් ශේද් දිහා බලා ගෙන හිටියා. ටිකක් වෙලා ශේද් දිහා බලාගෙන හිටපු ආදිව් ශේද්ගෙ ඔලුව අත ගෑවා.

"මම කරදරයක්ද?"

ආදිව් අහනකොට ශේද් උත්තරයක් දුන්නෙ නැහැ. ආදිව් යන්තම් හිනා වෙලා ඔලුව වැනුවා.

"මම සුදූ දිහා අතන ඉඳන් බලන් ඉන්නම්. සුදූ ට වදයක් වෙන්නෑ."

ආදිව් කියනකොට ශේද් උත්තරයක් දුන්නෙ නැති උනත් , ආදිව් යන්න හැරෙනකොට ශේද් ආදිව්ගෙ සුලැගිල්ලෙන් අල්ලා ගත්තා. අත් දෙකෙන්ම ආදිව්ගෙ සුලැගිල්ල පුලුවන් විදියට අල්ලා ගත්ත ශේද් ආදිව් දිහා බෝල කර ගත්ත ඇස් වලින් බලාගෙන ඉන්නකොට ආදිව් එහෙමම නතර වෙලා ශේද් දිහා බලාගෙන හිටියා. තප්පර කීපයක් මූණෙන් මූණට බලාගෙන හිටපු දෙන්නා ගැස්සුනේ පිටිපස්සෙන් ඇහුන කටහඩකට.

හයේ කනිසම ✓Where stories live. Discover now