18 කොටස

1.9K 322 110
                                    

කමෙන්ට් ගෝල් 50

"අඩෝ කැන්ටින් පොජ්ජ මන්ගච්චමුද? නැත්තං ගෙවත්ත පොජ්ජෙ හොරකම් පොජ්ජ මන්ගච්චමුද?"

ලයිබ්‍රි පීරියඩ් එක කට් කරලා හිටපු අග්‍රයි මන්දෝදරටයි බඩගින්නක් සෙට් වෙනකොට අග්‍ර මන්දෝදරගෙන් ඇහුවේ ඇහැක් ගහන ගමන්. පාඩුවේ බයෝ රිසෝසස් පොතෙ කපුටෙක් ඇඳ ඇඳ හිටපු  මන්දෝදර අග්‍ර දිහා බලනකොට අග්‍ර විරිත්තුවා.

"මොකක්?"

"බඩගිනී බං.. යමන් ඇග්‍රි උන්ගෙ ගෙවත්තට ඇම්බරැල්ලා ගෙඩියක් මන්ගච්චන්න"

අග්‍ර මන්දෝදරගෙ අතින් අදිනකොට මන්දෝදර හුස්මක් අරගෙන රුධිර සංසරණ පද්ධතිය කියලා ලියලා තිබ්බ මාතෘකාවට උඩින් ඇඳ ඇද හිටපු කපුටා දිහා බැල්මක් හෙලලා පොත වහලා ඩෙස්ක් එක අස්සට එබුවා.

"යමන්කො එහෙනම්..."

හිමීට කීව මන්දෝදර නැගිටිනකොට අග්‍ර මන්දෝදරගෙ කරට අත දාගත්තාම මන්දෝදර අග්‍රත් එක්ක ඇවිදගෙන ආවා.

"ඉතින් කියපන්කෝ මන්දෝ... උඹ වලගෙම්බට කැමතිද?"

"මොන ගෙම්බා?"

අග්‍ර අහනකොට මන්දෝදර රවලා අග්‍ර දිහා බැලුවා.

"සෝමා දේවිගෙ වලගෙම්බා බං. උඹෙ මැර කපුටා... ඇත්ත කියහන්.. උඹ අයියට ලව් නේද?"

අග්‍ර අහනකොට මන්දෝදරගෙන කම්මුල් රත් වේගයෙන එනවා වගෙ මන්දෝදරට තේරුනාම මන්දෝදර බිම බලා ගත්තා.

"ඒම එකක් නෑ බං..."

"එහෙම එකක් නැත්තම් මොකද මෙච්චර රතු වෙලා"

අග්‍ර අහනකොට මන්දෝදර අග්‍රට රැව්වා.

"හෙන ග්‍රීස්මේ බං..."

මන්දෝදර කියනකොට අග්‍ර කලු වලාකුළු පිරුණු අහස දිහා බලලා මන්දෝදර දිහා පිස්සෙක් ගානට දාලා බැල්මක් බැලුවම මන්දෝදර බිම බලා ගත්තෙ හිනා වෙලා. මන්දෝදරට ලැජ්ජා හිතිලා කියලා තේරුන අග්‍ර හිනා වෙලා මන්දෝදරගෙ කරට අත දා ගන්නකොට මන්දෝදර කට වහගෙන පාඩුවේ ඇවිදගෙන ගියා.

ගෙවත්තට ඇවිල්ල අග්‍රයි මන්දෝදරයි කලින් දවසෙ කෙක්ක හංගපු තඩි පැෂන් ෆුට් ගාල අස්සට රිංගපු මන්දෝදර එලියට පැන්නෙ හූ තියාගෙන.

හයේ කනිසම ✓Where stories live. Discover now