12 කොටස

2.2K 392 194
                                    

කමෙන්ට් ගෝල් 50

" අදත් දැක්කා... ඊයෙත් දැක්කා... පෙරේදත් දැක්කා.. ඊට කලින් දවසෙත් දැක්කා... මන්දෝදර මොනවද හැබෑවට මෙච්චර මෙතන කරන්නෙ. ඇතුලට යන පාටකුත් නැහැ. බිල්ඩින් එක දිහා බලාගෙනම ඉන්නවා"

ධර්මපාල සර් තරුණ බෞද්ධ සමිතියෙ ඉස්සරහ තියන ලයිට් කණුව අස්සට වෙලා තරුණ බෞද්ධ සමිතියෙ බිල්ඩින් එක පැත්ත දිහා බලාගෙන ඉන්න මන්දෝදර දිහා කට ඇරගෙන බලාගෙන හිටියා. ධර්මපාල සර් මන්දෝදරටයි අග්‍රටයි දෙන්නටම තරුණ බෞද්ධ සමිතියෙ සමාජිකත්වය අරන් දීලා තිබුනා උනාට සමිතිය නැති දවසක බිල්ඩින් එක දිහා බලාගෙන ඉන්න හේතුවක් සර්ට පෙනුණෙ නැහැ. හැමදාම සර් ගෙදර ගියෙ එතන පාරෙන් නිසා සර් හැමදාම මන්දෝදරව දක්නවා. බලාගෙන ඉඳලා බැරිම තැන සර් තීරණෙ කලා මන්දෝදර එක්ක කතා කරන්න.

හිමීට මන්දෝදර ගාවට ඇවිදගෙන ගියපු සර්ව ලඟට එනකම් මන්දෝදර දැක්කෙ නෑ.

"මන්දෝදර..?"

"සර්?"

උඩ ගිහින් බිමට වැටුනු මන්දෝදර ඇස් ලොකු කරලා සර් දිහා බලනකොට සර් මන්දෝදරගෙ මූණට එබුනා.

"මම කීප දවසක්ම බලාගෙන.. හැමදාම මොකද මෙතනට වෙලා කරන්නෙ?"

සර් අහනකොට මන්දෝදර රතු උනා. කොහොම කියන්නද එයා මැර කපුටාව බලන්න හැංගිලා බලාගෙන ඉන්නවා කියලා. මන්දෝදර ටිකක් කල්පනා කලා..

" සර් මම මේ තරුණ බෞද්ධ සමිතියට ආවේ..."

"අද සමිතිය නෑනෙ"

සර් කියනකොට මන්දෝදර දිව හපාගත්තා. හොරේ සර්ට අතේ මාට්ටු වෙන්න කලින් මන්දෝදර ටිකිරි මොළෙ වෙහෙසෙව්වා.

"ආආ... ඔව් සර්. ඒත් සර් මට බිල්ඩින් එක දිහා බලාගෙන ඉන්නකොටත් හිත සැනෙසෙනවා. සුදු පාට බිල්ඩින් එක දැක්කම අපි මේ අධිරාජ්‍ය වාදයට යටත් උන ශ්‍රී ලංකාවෙ තරුණ පුරවැසියන් වශයෙන් රටට දැයට කරන සේවය මතක් වෙනවා සර්..."

මන්දෝදර අත මිට මොලෝලා උඩට උස්සලා කියනකොට ධර්මපාල සර්ගෙ මූණ එලිය වෙනවා මන්දෝදරට පෙනුනා.

' කොහොමද මගෙ ටිකිරි මොලේ.. ගෝල්ඩන් මාරි නැතිව  ටිකිරි මාරි කෑව නිසා හොඳට ගියා '

හයේ කනිසම ✓Where stories live. Discover now