කමෙන්ට් ගෝල් 50 ( ඕක පන්වන්න හොදෙ)
"ආහ්... කොහෙද මේ?"
තමන්ටම කියා ගත්ත මන්දෝදර අමාරුවෙන් ඇස් දෙක ඇරියා. ලා පාට බල්බ් එකක් දාලා තිබ්බ කලුවර කාමරේ බාගෙට බාගයක්ම අඳුරෙන් වැහිලා තිබ්බා. කාමරේ පුරා දැනුන අමුතු ගඳ එක්කම මන්දෝදරට දැණුනෙ හුස්ම ගන්න අමාරු ගතියක්. සිදුවීම් සියල්ල ටිකෙන් ටිකේ එක පෙලට මතක් වෙනකොට මන්දෝදර අමාරුවෙන් කෙඳිරි ගෑවා.
" කරදරයක් නැත්තං ඔය තඩි පස්ස මගෙ මූණෙන් ගන්නවාද?"
හුරුපුරුදු තරහෙන් පිරුණු කටහඩක් අඳුර අස්සෙන් මන්දෝදරට ඇහෙනකොට මන්දෝදර ගැස්සිලා ගිහිල්ලා අනිත් පැත්ත හැරුනා. මන්දෝදර දැක්කෙ අමාරුවෙන් ඔලුව අත ගාන ගමන් නැගිටින තමන්ගෙ එහා පැත්තෙ ඉන්න ශේද්. මන්දෝදරට දෙකක් රැව්ව ශේද් බිත්තියට ඔලුව තියා ගත්තා.
"අ... අපි කොහෙද මේ ඉ...ඉන්නේ? තමුසෙද මාව මෙතනට ගෙනාවේ? මට අතවර කලාද දන්නෑ තමුසෙ..."
මන්දෝදර කෑ ගහනකොට ශේද් රැව්වා.
"තමුසෙව මහන්සි වෙලා මේක අස්සට දා ගන්න මට මොලෙ අමාරුවක් තියනවා වගෙද තමුසෙට පේන්නෙ. අනික මම තමුසෙට කරපු ඇති අතවරයක් නෑ. තමුසෙ යි මට අතවර කලෙ. තමුසෙගෙ තඩි පුක මගෙ කටේ ගාවගෙන තියන් හිටියෙ තමුසෙනෙ මමයෑ..."
ශේද් අමනාපයෙන් කියනකොට මන්දෝදර ශේද්ට රවාගෙන අමාරුවෙන් නැගිට්ටා. ශේද් එක්ක වාද කරන්න බැරි තරමට මන්දෝදරට කලන්තෙ ගතියක් දැනුනා. අඩියක් ඉස්සරහට තිබ්බ මන්දෝදර විසි වෙලා ගිහිල්ලා බිත්තියක වැදෙන කොට ශේද් සුසුමක් හෙළුවා.
"ආව්...!!"
"වාඩි වෙලා ඉන්නවා ඕයි. තමුසෙට දැන්ම නැගිටා ගන්න බෑ කියලා තේරෙන්නැද්ද?"
ශේද් තරහෙන් කියනකොට මන්දෝදර උත්තරයක් නොදී අමාරුවෙන් වැනි වැනි ගිහින් ලොක් කරලා තියන දොර අරින්න හදන හැටි ශේද් බලාගෙන හිටියා. ඊට පස්සෙ මන්දෝදර දොරට හයියෙන් ගහන්න පටන් ගත්තා.
"මාව එලියට ගන්නකෝ... අනේ මට බයයි. මට මගෙ මැරකපුටා ඕනෙ... මගෙ ආච්චි අම්මා ඕනෙ... මගෙ යාලුවො ඕනෙ.. ඉහි ඉහි.. මට බයයි... අනෙ මාව බේරා ගන්න. ඉහි ඉහි. මෙයාලා අපෙ අවයව ජාවාරමක් කරන්නද දන්නෑ හදන්නෙ.. ඉහි ඉහි. අනේ ශේද් මට බයයි. ඉහි ඉහි"
YOU ARE READING
හයේ කනිසම ✓
Fiction généraleහාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024