23 කොටස

1.5K 270 131
                                    

කමෙන්ට් ගෝල් 50
(වැඩ ටිකක් වැඩී මේ දවස් වල. ඒ අස්සෙත් අප්ඩේට් කරන එකෙ කමෙන්ට් කරන්න හොදෙ 🥺🙃)

දොළහ වසරෙ අවසාන වාර විභාගය ඉවර වෙලා තිබ්බෙ. අන්තිම දවසෙ තිබ්බ ජෙනරල් ඉංශිෂ් පේපර් එකෙ පලවෙනි කොටස ඉවර වෙලා තිබ්බ නිසා ඉස්කොලේ පුරා මහා ඝෝෂාවක් තිබ්බෙ කවුරුත් ජෙනරල් ඉංශිෂ් කියන විශය ගනන් ගත්තෙ නැති නිසා. මොකද ඒකෙන් වාර විභාගයට ලකුණු එකතු කරන එකක් යෑ.

ඉන්ටර්වල් එකෙ කට්ටිය කෑම කන ගමන් ඉන්නකොට ශේද් විතරක් විභාග ශාලාවෙ තමුන්ගෙ ඩෙස්ක් එක ඉස්සරහ වාඩි වෙලා බෑග් එක ඔඩෙක්කුවෙ තියාගෙන වාඩි වෙලා හිටියා. හොඳට බැලුවොත් පේනවා එයාගෙ අතේ චූටි වීදුරු බෝලයක් තියනවා කියලා. ඒක ඇතුළෙ අත් අල්ලගෙන ඉන්න චූටි පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒකෙන් එක පිරිමි ළමයෙක් ගෙ පිටෙ රෝස පාට තටු දෙකක් තියනවා. ඒ කියන්නේ එයා සුරදූතයෙක්. ඒක එහෙ මෙහෙ කලාම චූටි චූටි රත්තරන් පාට ස්විකුවින්ස් එයාලා උඩට වැටෙනවා. එදා ආදිව් දුන්න තෑග්ග වෙච්චී ඒ ආදරණීය තෑග්ග ශේද් යන යන තැන අරගෙන යන්න පුරුදු වෙලා හිටියෙ හැමෝටම හොර රහසේ... ඒ දිහා බලන් ඉන්න එක ශේද්ව සතුටු කලා.

ශේද්ගෙ දෙතොල් වල නොදැනීම හිනාවක් ඇඳෙනකොට ශේද්ගෙ මනෝලෝකය කඩාගෙන වැටුනෙ එතනට පාත් උන අත් බෝම්බ දෙක නිසා.

"අඩෝ ශේද්..."

"අම්මෝ මේ මගුලෙ බර!!"

එතනට ලොකු පාර්සලයකුයි මොකක්ද වට්ටියකුයි උස්සගෙන කඩාගෙන වැදුනෙ මන්දෝදරයි අග්‍රයි. ශේද් සුපුරුදු නුරුස්සන බැල්මෙන් දෙන්නට සංග්‍රහ කලාට ශේද්ගෙ මූණෙ කුතුහලයක් ලියවිලා තිබ්බා. මන්දෝදර ශේද්ට දෙකක් රවලා තඩි වට්ටිය ශේද්ගෙ මේසෙ උඩින් තියනකොට අග්‍ර පාර්සලය ශේද්ගෙ මේසෙ උඩින් තිබ්බා.

"පුදුම වදයක් මේක නම් අප්පා... මෙන්න මේක සස්රුත් අයියා ගේට් එක ගාවට ඇවිල්ලා දීලා ගියා ආදිව් අයියා ඔහෙට දෙන්න කියලා කිව්වා කියලා... මම හිතන්නෙ සුදු බත් ඔය පාර්සලෙ තියෙන්නේ. මාලුපිනී වට්ටියෙ ඇති..."

මන්දෝදර රවාගෙන කියනකොට ශේද් නිකමට වට්ටිය ඇරලා බැලුවා. ඒක ඇතුළෙ බටු මෝජු , සිංහල අච්චාරු , මාලු ඇඹුල් තියල් දාපු වෙන වෙනම වීදුරු බෝතල් තියනවා. ඒ අස්සෙ සුදු පාට කඩදාසියක ' මගෙ සුදූට ' කියලා ලීව තඩි කොලයක් තියනවා දැකලා ශේද්ගෙ මූණ රතු උනා.

හයේ කනිසම ✓Where stories live. Discover now