කමෙන්ට් ගෝල් 50
මන්දෝදර සස්රුත් ඉස්සරහ රවාගෙන වාඩි වෙලා හිටියා. ශේද්ව අදිව් වාහනේට නග්ගා ගන්න සටන් කරන අතර සසරුත් මන්දෝදරව , සස්රුත්ගෙ උදව්කාරයෙක්ගෙ උදව්වෙන් ලගට කැන්දා ගත්තා. මන්දෝදර කරපු උපකාරයට ප්‍රති උපකාරයක් විදියට මන්දෝදරව කෑමකට එක්කගෙන යන්න සස්රුත්ට උවමනාව තිබ්බත් මන්දෝදර එච්චරකට කැමති උනෙ නැහැ. දොර සම්පූර්ණයෙන්ම ඇරිය සස්රුත් මන්දෝදරට යෝජනාව කළා.
"මට බෑ කීවනෙ..."
මන්දෝදර තරහෙන් කෑ ගහනකොට සස්රුත් වාහනේ ඇතුළෙ ඉඳන් මන්දෝදර දිහා බලාගෙන කට තොනකින් හිනා උනා.
" උඹ එදා කලන්තෙ හැදිලා වැටුනත් උඹ මාව පාවා නොදී මට උදව්වක් කලෙ. උඹට තෑග්ගක් දෙන්න මට ඕනේ "
සස්රුත් කියනකොට මන්දෝදර සස්රුත්ට රවාගෙන හිටියා. පාරෙ යන කීප දෙනෙක්ම ඔවුන් දිහා බල බල යනවා මන්දෝදර දැක්කා. තමන් පාතාල කල්ලි නායකයෙක් එක්ක කතා කර කර ඉන්න එක අදුනන කෙනෙක් දකින එක ලේසී වැඩක් නෙවෙයි කියලා මන්දෝදරට නොතේරෙන්න තරම් මන්දෝදර මෝඩ නැහැ. හොඳයි.. ඒ පාතාල නායකයාගෙ ඔලුවට කෝන් ගහ උඩ හිටපු කපුටෙක් ජරා කරලා සමාජයට විහිළුවක් වෙලා හිටියත්.
" අනේ මේ මැර කපුටෝ... මගෙ පාඩුවෙ ඉන්න දෙන්නකෝ..."
මන්දෝදර තරහෙන් කෑ ගහනකොට සස්රුත් රැව්වා.
"මම යනවා.."
"මට විනාඩියක් උඹත් එක්ක කතා කරන්නයි ඕනෙ. උඹලෑ ලොකු කමයි මහන්දත්තකමයි පැත්තකට කරලා ටිකක් හිටපන්"
සස්රුත් කියනකොට මන්දෝදර බුම්මා ගත්තා.
"මට බෑ" මන්දෝදර විරුද්ධ උනාම සස්රුත් කොහෙන්ද මන්දා පිස්තෝලයක් ඇදලා අරගෙන මන්දෝදර හරි කෙලින් හිට ගත්තා.
"තාම බැයිද?"
"විනාඩියක් විතරයි"
මන්දෝදර මූණ ඔහෙක් කර ගත්තාම සස්රුත්ට හිනා ගියා. පිස්තෝලෙ පැත්තකට කරලා සස්රුත් මන්දෝදරට ලගට කතා කලාම මන්දෝදර සස්රුත් ගාවට හිමීට ගිහින් තොල් දෙක උල් කරගෙන බලාගෙන හිටියා.
YOU ARE READING
හයේ කනිසම ✓
General Fictionහාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024