කමෙන්ට් ගෝල් 50 (ඕක පන්වන්න හොදෙ 🙈)
මන්දෝදර , සස්රුත් දුන්න කෝපි කෝප්පය තොල ගාන ගමන් හිටියේ සස්රුත්ගෙ ගෙදර එලියට බහින පඩිය උඩ වාඩි වෙලා. මන්දෝදරගෙ එහා පැත්තේ වාඩි වෙලා හිටපු සස්රුත් මන්දෝදර දිහා යාන්තම් බැලුවා. ටිකක් වෙලා කල්පනා කරපු සස්රුත් මන්දෝදර බිමින් තියාගෙන ඉන්න නිදහස් අත ලාවට අල්ලනකොට මන්දෝදරව ගැස්සෙනවා සස්රුත්ට තේරුනා. කිසිවක් නොකිව්ව සස්රුත් මන්දෝදර දිහා හිනා වෙලා බැලුවා.
" මන්දෝ දන්නවාද? මගේ අම්මා ඈත අහසෙ තරුවක් වෙලා අපි දිහා බලාගෙන ඉන්නවා...."
සස්රුත්ගෙ වචන මතක් වෙනකොට මන්දෝදරගෙ හිත කීරි ගෑවිලා ගියා. සස්රුත් 'නැන්දම්මා' පෙන්වන්න කියලා එක්කගෙන ගියාට ඈත අහසෙ නිල් පාටට දිලිසෙන තරුවක් පෙන්වලා ඒ මගෙ අම්මා යැයි කියයි කියලා මන්දෝදර නිකමට වත් බලාපොරොත්තු උනෙ නැහැ. මන්දෝදර කිසිවක් කියන්නෙ නැතිව සස්රුත්ගෙ අත තද කරලා අල්ලා ගන්නකොට සස්රුත් මන්දෝදර දිහා බැලුවා. සස්රුත්ට හිනාවක් පෑව මන්දෝදර සස්රුත්ගෙ කම්මුලට හාදුවක් දුන්නාම සස්රුත් ගැස්සුනා.
" හාදු දීලා යාලු කර ගන්නවා කීවේ නම් මාව.. හහ්... අන්තිමට හාදු දුන්නෙත් මමයි.... දෙය්යොම බලා ගන්න එපායෑ මේ අවනඩුව "
මන්දෝදර සස්රුත්ට ඔරෝනකොට සස්රුත්ට හිනා ගියත් සස්රුත් කිසිවක් කිව්වෙ නැහැ. මන්දෝදර කෝපි කෝප්පෙ පැත්තකින් තියලා සස්රුත්ගෙ අත එයාගෙ පපුවට තියලා තුරුලු කර ගත්තා.
"මන්දෝ..... මම ආසාවට නෙවෙ කුඩු බිස්නස් කරන්න පටන් ගත්තෙ..."
සස්රුත් එක පාරටම කියනකොට මන්දෝදර ගැස්සුනා. කිසිවක් නොකිව්ව මන්දෝදර සස්රුත් දිහා බලනකොට සස්රුත් බිම බලාගෙන ඉන්නවා මන්දෝදර දැක්කා.
"අයියේ.... ඇයි මේ..? භාෂිණී කියපු දේ නිසාද....."
" එයා කීව දේ ඇත්ත නේද මන්දෝ...."
සස්රුත් හිමීට මුමුණන කොට මන්දෝදරගෙ පපුවෙ ඊයම් ගුලියක් හිර වෙලා වගෙ මන්දෝදරට පපුව බරට දැනුනා.
" මන්දෝ... මමත් උසස් පෙල ලිව්වා. කලා අංශයෙන් මටත් කැම්පස් එකක් ආවා. ඒ කාලෙ තමයි මගෙ අම්මාගෙ මොළෙ පිළිකාවක් කියලා හොයා ගත්තෙ. හිටියෙ අම්මා විතරක් නිසා කැම්පස් ගමනත් පැත්තකින් තියලා රස්සා කලා. අන්තිමට ලේසියෙන් සල්ලි හොයන රස්සාවක් හම්බුනා මට. පටන් ගත්තා උනාට රස්සාව සල්ලි ටිකක් හොයා ගන්නකොටම අම්මා මාව දාලා ගිහිල්ලා ඉවරයි...."
YOU ARE READING
හයේ කනිසම ✓
Fiksi Umumහාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024