06 කොටස

2.5K 424 280
                                    

කමෙන්ට් ගෝල් 50

මන්දෝදරයි අග්‍රයි සැලෝන් එක ඉස්සරහ කැරකි කැරකි හිටියේ භාෂිණී වැඩේ කරගෙන එනකම්. අග්‍ර සැලෝන් එකෙ බිත්තියකට හේත්තු වෙලා සින්දුවක් මුමුණ මුමුණ ඉන්නකොට මන්දෝදර හිමීට තරුණ බෞද්ධ සංගමයෙ බිල්ඩිම ගාවට ඇවිදගෙන ගියා. ඒකට එහා පැත්තෙ තිබ්බ පරණ බිල්ඩිම ගාවට ගියපු මන්දෝදර හිමීට බිත්තියට කන තිබ්බා.

"කපුටු කාක් කාක් කාක්... මැර කපුටෝ....?"

මන්දෝදර හිමීට කියනකොට මන්දෝදර තනියම කට වහගෙන හිනා උනා. අග්‍ර මන්දෝදර දිහා අමුතු විදියට බලාගෙන ඉන්නකොට මන්දෝදර ආයෙමත් බිත්තියට කන තිබ්බා. මන්දෝදරට එහෙම ඉන්න ලැබුණෙ විනාඩි දෙක තුනයි. කවුදෝ මන්දෝදරගෙ පිටට තට්ටු කලා.

"හුටා ධර්මපාල සර්?"

මන්දෝදර මුමුණන කොට ධර්මපාල සර් මන්දෝදර දිහා අමුතු විදියට බැලුවා. ධර්මපාල සර් කියන්නෙ ඉස්කෝලෙ නාට්‍ය ගුරුතුමා. 11 වසර වෙනකම් නාට්‍ය හා රංග කලාව කරපු මන්දෝදරවයි අග්‍රවයි ධර්මපාල සර් හොඳටම අඳුනනවා. නාට්‍ය හා රංග කලාව විතරක් නෙවෙයි බෞද්ධ සමිතිය බාර ගුරුතුමාත් ධර්මපාල සර්.

නමේ ඉඳන් බෞද්ධයි. මන්දෝදර කීවේ එහෙම.

"මන්දෝදර නේද? මොකද ඔය බිත්තියක් බදාගෙන කරන්නෙ?"

ධර්මපාල සර් අහනකොට මන්දෝදර රතු උනා. කරකියා ගන්න දෙයක් නැතිව මන්දෝදර අග්‍ර දිහා බැලුවෙ අග්‍රත් එයාලාට කිට්ටු උන නිසා.

"සර්...!! අපි ආවේ තරුණ බෞද්ධ සංගමයෙ සාමාජිකත්වය ගන්න"

අග්‍ර ආඩම්බරයෙන් කියනකොට ධර්මපාල සර් ඒ දෙන්නා දිහා අමුතු විදියට බැලුවා.

"ආ?"

"ඔව් සර්... දැයේ යොවුන් පරපුර , ගුණ නැණින් පිරි , ධාර්මික දිරිය දරුවන් කරන්නට එකා වගේ නැගී හිටින්නයි අග්‍රගෙයි මගෙයි එකම පැතුම"

මන්දෝදර අතින් පයින් අංග චලන දාලා ආඩම්බරයෙන් කියනකොට ධර්මපාල සර්ගෙ මූණ ආඩම්බරයෙන් දිලිසුනා. ඉස්කෝලෙ කොල්ලො ටික මෙහෙම ධාර්මිකයි කියලා දැන ගත්තාම කාටද ඉතින් ආඩම්බර..?


හයේ කනිසම ✓Where stories live. Discover now