ආදර හෞශා ,
මෑතකදී ඉදන් ඔයා මගෙන් හැමදාම කණ්ණාඩිය ලග හමුවේදී ඇහුව ඇයි ඔයාගෙ ඇස්වල කතන්දර හිඟ...ඇයි ඔයාගේ හිනාව දුර්ලබ වෙලා ...
ඔයාට කියන්න හෞශා මට ලොකු කතන්දරයක් තියෙනවා. ඒකෙ වචන තුන් ලක්ෂ ගානකට වැඩි වුනත් මම පුලුවන් උපරිම කෙටියෙන් කියන්නම්.
ඔයාට මතකද කාලෙකට කලින් හැමදාම ඉස්කෝලෙ නිදි කිරා වැටුන කෙල්ල ..එයාට ඉස්කෝලෙ නමකුත් වැටුනා ..එයාට දැන් රෑ දෙක තුන වෙනකන් නින්ද යන්නෑ ...
මට දවසක් ගෙවිලා යද්දී බය හිතෙනව
ඒ වගේම දවසක් අලුතින් පටන් ගනිද්දිත් බය හිතෙනවා.මට දැන් හදුනන නාදුනන මිනිසුන්ට දෙන්න හිනාවක් නැති තරමට දුප්පත් වෙලා හෞශා...මගේ අලුත් ගෙදර පාර අද්දර හන්දා කුරුලු පිහාටු හම්බ වුන්නෑ ...වාහනවල සද්දෙට එක්කෝ කුරුල්ලෝ එන්නෑ. නැත්නම් එයා ලගෙ පිහාටු හුලගට ගහගෙන ගිහින්...මගේ චූටී චූටී තෑගී හදන්න කුරුලු පිහාටුයි පබලු එකතු කරන ජෑම් බෝතලේ ට අලුතින් එකතු වුනේ සිප්පි කටු විතරයි..
මම ලග සෑහෙන්න අයිස් කෝටුත් තියෙනවා. මම ඒවා පාට කරන්න ප්ලැටිග්නම් දෙකකුත් අලුතින් ගත්තා.
ඔයා දන්නවද මට මගේ ම කියල පොත් හතක් ගන්න පුලුවන් වුනා .ඇයි පුස්තකාලයේ වැඩ කරල අලුත් ම පොත් කට්ටලේ මුලින්ම පොත් අරන් ගියෙත් මම ....ඒත් හෞශා මට සතුටක් නෑ ..පොත්වල සමහර තැන්වල මට මාව මූණගැසෙනවා. මට ලියුමක් ලියන්න හිතුනත් ඒත් කාටද ...? මම ලග කාටහරි යවන්න තෑගිත් හදතැහැකි. ඒත් කාටද ..? මට තේරෙන් නෑ මම මොනවද එයාලට ලියන්නෙ ..පිලිතුරු ලිපියක් හම්බ වෙයි කියලා නොහිතන තරමට එයාලා බිසී..මේ දවස්වල රෑට වැහි මන්දාරමට තරු හැංගිලා.
මාවත් එහෙම අතුරුදහන් වෙලා යනවා හෞශා.සමහර වෙලාවට අපේ අම්මටවත් හිතා ගන්න බෑ මම ගෙදරද ඉන්නෙ කියලා...
තව දවස් දෙකකින් ඉස්කෝලෙ. මාව තවත් අසරණ වෙනවා හෞශා. එහෙ සම්පූර්ණයෙන්ම මාව අතුරුදහන් වෙලා අවුරුදු සීයක් දෙසීයක් ගිහින්..
එහෙ අය එක්ක කතා කරන්න මට දේවල් නෑ හරිම ආගන්තූකයි...ඔයාට කියන්න මම ජීවිතේ අලුතින් පටන් ගත්ත මෑත දවසකදි..
මම එදා හරි ලස්සනට පටන් ගත්ත ..ඔයා දන්නවද එදා දවල් වෙද්දි මට ඉවසන්න බැරි ඔලුව කැක්කුමක් හැදුනා. ඒකත් කමක් නෑ ..ඒත් හවස
අනේ මම ඒක මතක් කරන්නවත් කැමති නෑ..
ඒක හරියට මම තුවාලයක් නැහැයි කියල අමතක කරපු තැනකට කෙනෙක් හෙමි හෙමින් පිහිතුඩක් බැස්සුවා.ඇයි ඊටපස්සේ අල්පෙනෙත්ති දහස් ගානක් හැම පැයකම මගේ ඇග තුවාල කරනවා වගේ සිද්ධි වුනා ...මට හරි මහන්සි හෞශා . මම තාම බලන් ඉන්නවා වැහි මන්දාරම අයින් වෙලා තරුවක් දිලිසෙනකල්.....
මේක දීර්ඝ කුණාටුවක්...ම් ඒක එන්න එන්න දරුණු වෙනවනෙ...
ඔයාට බැරිද මට තවත් පොරෝනාවක්(අලුත් හදවතක්) එවන්න.මෙහෙ මම සීතලේ ගල් වෙන්න
ඔන්න මෙන්න♡...ජැන්ජේ...
YOU ARE READING
hidden feelings
Poetry" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."