painkiller

19 2 2
                                    

මේක මීට කලින් නොඇසු කතාවක් වෙන්න පුලුවන්...වේදනා නාශක ...
ඒක ගැන කෙනෙක් ට එක එක විදිහට කතා කරන්න පුලුවන්...
අතුරු ප්‍රතිඵල භයානක වුන වේදනා නාශක හන්දා ඕනෑවටත් වඩා විනාශ වෙලා මම දැන් ඉන්නේ මරණාසන්න වේදනාවක් ආවත් වේදනා නාශක ඕන්නෑ කියන තත්වයක ...
එහෙව් කාලෙක මට හමුවුන අපූරු හමුවීමක් මට වේදනා නාශකයක් වුනා ...
මේ ඒක ගැනයි කතාව ...
(සමහර විට බොලඳ වගෙ දැනෙන්න පුලුවන්)

crush එකක් painkiller එකක් වුනොත් කොහොම දැනේවි ද ....

        එයා හරි අපූරු පිරිමි ලමයෙක්. මට වඩා අවුරුද්දක් වැඩිමහල් අයියෙක්. පලමු දැකීමෙ ඉදන් ම මේ දක්වාම ගෙවුනේ මාසයකටත් වඩා අඩු කාලයක් වෙනකොට කවදහරි දවසක මට මතක් වෙන්න හරි එහෙම නැත්නම් ඒ පිරිමි ලමයට ස්තූතිවන්ත වෙන්න මම මේක ලියනවා ...

......මම එයාගේ නමක් දන්නෙ නෑ...
එයා මගෙ සෙක්ශන් එකෙත් නෙවෙයි. මේ අපි දුරක ඉදන් හරි අහම්බෙන් හෝ දකින අවසාන අවුරුද්ද.මට කතාව මතක තියා ගන්න ඕන .......

style එකටත් නැතුව චාම් පැත්තටත් නැතුව හුලගෙට හතර අතේ වැනෙන එයා වගේ ම දගකාර කෙහෙරැල්....
හිනා වෙනකොට තරු වගෙ දිලිසෙන
මායාවක් වගේ ලස්සන ඇස් ....
අල්ලල මිරිකන්න හිතෙන අව්වට පොඩ්ඩක් ගියත් රතු වෙන සුදු කම්මුල් ..
දකින දකින හැම තත්පරයෙම ඇණ ගහල තියෙන වශීකාර හිනාව ...
(තව එකක් තියෙනවා මම ඒක ගාව හෙන කොට බිම්මලක් වගේ 😶💔ඒක වෙනම කතාවක්)

      දැකපු මොහොතෙම හිත ගන්න ඒ දේවල් සාධක වෙනකොට දකින දකින පාරට කා එක්ක හරි හිනා වෙවී ඉන්න
ඕනාවටත් වඩා ඇගේ දුවන විසේකාර යෞවනය....
මට මීට වඩා වචන කරගන්න තේරෙන් නෑ. එයා ලස්සනයි ඒත් ඊට වඩා මායාවක් වගේ දෙයක් එයා ලග තියෙනවා ..එයා හිනා වෙද්දි ඒ මැජික් එක වැඩ කරන්න පටන් ගන්නවා වගේ මට දැනෙනවා...

උදේ ඉදන් හවස් වෙනකන් ම මම ඉදියේ එක්කෝ වැඩ කන්දරාවක. නැත්නම් ඊලග තත්පරයෙයි ගෙවන තත්පරයෙයි ඕනෑවටත් වඩා හිතට තෙහෙට්ටු ගෙනෙන ප්‍රශ්න එක්ක...
සමහර විට මේ තත්වයන් දෙකම එක්ක ..
මම අමුතුයි .මගේ අදහස් හිතන පතන විදිහ ම වෙනස් වෙද්දි මට තෝර ගන්න වුනේ හුදෙකලාව .අනිත් ගෑනු ලමයි බොලද ලෝකෙක ගිලෙනකොට මට ඒ අසීමිත බොලඳකම පොඩ්ඩක් වත් පහසුවක් ඇති කරේ නෑ ..ජීවීතේ ගෙවෙන හැම දවසකම හැම පැය විසි හතරකම තනියක් දැනෙද්දි ඒ මදිවට නානා විකාර ප්‍රශ්න ඔලුව කනකොට මට සැනසීමක් සතුටක් ඕන කරා ...කවදාවත් ආදරය එපා යැයි ප්‍රතික්ෂේප කරපු දරදඩු හිතක අයිතිකාරයෙක් වුන මම මොකක් ද පුදුමයකට මේ කොලු ගැටයට හිතේ චූටී ඉඩක් වෙන් කරනවා .
සෙනග දාහක් මැද්දේ එයාව දකිද්දි මගේ ඇස් දිලිසෙනවා කියලත් මම දන්නව. අත රිදෙනකන් නෝට් ලියද්දී ඇස් රිදෙනකල් පොත් කියවද්දී අහම්බෙන් හරි ඒ රූපය මැවෙනකොට නැත්නම් හැබෑවටම දකිනකොට මට පැය ගානක විවේකයක් වගේ දැනෙනවා.

අයිතිකාරයෙක් ඉන්නවද කියලවත් නොදන්න පොතක චරිතයක් වෙන්න තරම් ලස්සන කොල්ලෙක් තනිකඩ වෙන්නැති බවත් මම හොදටම දන්නව.
එහෙව් එකෙ මම මේකට දුන්නේ ආදරය වගේ ආත්මීය වචනයක් නෙවෙයි මහ දරුණු වචනයක්...

"මම එයාව පාවිච්චි කරනවා ..."

මේ වචන ටික ඔයා අහල තියෙන්නෙ මහ නරකම වගේම දුශ්ට ආත්මාර්ථකාමී විදිහට වෙන්නැති. ඔයාට පුලුවන් ද මේක කියවන් යද්දී මට වෛර නොකර ඉන්න  ...ඔව් මම එයාව පාවිච්චි කරනවා මගේ සතුට වෙනුවෙන්. සැනසීම වෙනුවෙන්...
මට එහෙම කරන්න වුනා ...මට මාව රැක ගන්න ඇස්වලට කදුලක් නොගෙන ඉන්න මට එයාව පාවිච්චි කරන්න වුනා .
කිසිම දවසක සිද්ධ නොවන ෆැන්ටසියක එයා ප්‍රධාන චරිතය වෙනකොට එයාගේ අයිතිකාරයා විදිහට මම තේරුවේ මාව නෙවෙයි එයාට ඇත්තටම සුදුසුයි කියල හිතෙන මනඃකල්පිත චරිතයක්.....

එයා මම වගේ කෙනෙක් ඉන්නවද කියලවත් නොදන්න කොට එයාගේ එක හිනාවක් වත් මට නොවෙන කොට එයාගේ නමක්වත් මම තාම නොදන්නකොට අඩුම තරමේ එයාගේ එක බැල්මක් තියා හෙවනැල්ලක්වත් මගෙ ආසන්න මීටර් තුනක දුරකටවත් නොවැටෙන කොට
මම එයාව මගේ painkiller එක කරගෙන .....

මේක ඔයා කොයිතරම් දුරට විශ්වාස කරයිද දන්නෑ...
මේකට කියන්නෙ ආදරය නෙවෙයි.
ඒක හැර වෙන ඕනම වචනයක් ඔයාලට අර්ථකථනය කරන්න පුලුවන්....
කවදහරි දවසක හිතට ධෛර්යයක් තිබුනොත් එයා මගේ ජීවිතෙන් අතුරුදහන් වෙන්න කලින් මම එයාට ස්තූති කරනවා ...

හැබැයි සමහර විට,
                                    ඒ ස්තූතිය ටීචර් කෙනෙක් ඉන්නෙ කොහෙද කියල අහපු ප්‍රශ්නෙට එයාගෙන් ආපු උත්තරයකට වෙන්න පුලුවන්....
ඒ වගෙ චූටී හේතුවකට වෙන්න පුලුවන්...

ඒත් මම මටම පොරොන්දු වෙනව එහෙම අවස්ථාවක් ආවොත් මම එයාගේ ඇස් දිහා බලන් ඒක කියනවා. මගේ ඇස්වල ලොකු කතාන්දරයක් තිබෙන බවක් මම එයාට ඒත්තු ගන්නවා.....

නමක් නොදන්න පිරිමි ලමයාට
ලියා තබමි .....

  ....         සතුට හොයන්න මේ තරම් අසරණ වුනු ගෑනු ලමයෙක් ට සතුටක් වුන පිනෙන් මට දැනුනු තනිකම හරි අසරණකම හරි ජීවීතේ කවදාවත් ඔයාට දැනෙන්න හොද නෑ ....

♡ janje

ඔයාලටත් ඒ වගේ කතාවක් තියෙනවා නම් comment කරන් යන්න

     

hidden feelingsWhere stories live. Discover now