01. නමක් නැති හැඟීමක්...

1.3K 60 11
                                    


මනුස්ස හිතක් එක්ක ඉපදුනාම.. තියන ලොකුම ප්‍රශ්නේ.. කෙලවරක් නැති හිතීමක් වෙන්න පුලුවන්.

ඒක එහෙම උනේ.. කොහෙමද..?
ඇයි මෙහෙම වෙන්නේ..?
ඇයි ඔයා මට මෙහෙම කරන්නේ...?
ඇයි දෙයියනේ මට ම මෙහෙම වෙන්නේ..?

මේ ප්‍රශ්න ටික ඔයා ඔයාගෙන්ම එකපාරක්වත් අහලා නැත්නම්.. ඔයාට මිනිස් හිතක් තියනවද කියන එකත් හිතන්න ඕන කාරණාවක්.

කොහොම හරි මම කතා කරන්න හදන්නේ මිනිස් හිත් ගැනවත්.. හිතන විදි ගැනවත් නෙමෙයි.. නමක් දෙන්න බැරි හැඟීමක් ගැන.. ඒ හැඟීමට හේතු වුන පුද්ගලයෙක් ගැන..

නාම මාත්‍රිකව පුද්ගලයෙක් කියලා සලකද්දි.. ඒක බැඳීමක්. කොහොමත් මට අදාළ නොවන මිනිස්සු ගැන මම කතා කල යුතු නැහැ නේ.

ඒ වගේම හැඟීම් වචන කරන්න තරම් ඒ කෙනා මගේ හදවතේ ඉඩක් ගත්තා නම් එතන ආදරයක් තියන්න පුලුවන්..

ඒත් ඒක මොන විදිහේ ආදරයක් ද කියන එකයි මට තියන ගැටලුව...

කොහොම හරි මේ දේවල් පටන් අරගෙන තියන්නේ කාලෙකට කලින්.. මගේ ජීවිතේ එක්ක එකට යන චරිත දෙකක්.. එක්ක මම ගැටුනු විදිය නිසයි.. මෙතන මට ලියන්න තරම් හිතුනු දෙයක් තිබුනේ.

මාත් එක්ක තවත් චරිත දෙකක් නම්.. සමකෝණි ද... නැත්නම් බර්මියුඩා.. ද.. නෑ.. එහෙම නැ.. එයා නිසා ඒක එහෙම උනේ නැහැ.. නැත්නම් ඒක ඒ විදියට වෙන්න අපි ඉඩක් තිබ්බේ නැහැ.

හැමදේටම හේතුව වෙලා තියන්නේ හැඟීම්.. ඒත් මේවා ඉඹේම පහළ වෙලා.. ඕන විදියට හසුරවන්න බැරි උනාම මිනිස්සු විදියට අසරණ වෙලා.. විදවනවා.. ඒ හැඟීම හිතුමනාපෙට විදින්න බැරි වෙද්දි.. ඒක එක්තරා විදියක විදවීමක්.. විතරයි. මතක කන්දක් අන්තිමට ඉතුරැ උන..

එයා මතීෂ මන්දාර.. මම එයාට ආදරේ කලා..

එතකොට.. ලිමේව් ගවේෂ්ණ.. එයා මට ආදරය කරලා..

මම කවුද කියලා කියන්නම ඕනේ නැහැ... ඔයා දැනගනිවි..

මේ ලොකේ තියන දේවල් එක්ක.. ලංකාවේ බලු වෙලා තියන ආර්ථිකේ එක්ක හුස්ම ගන්න වෙර දරන මිනිස්සුන්ට තියන ප්‍රශ්න කඳු ගොන්න එක්ක බලද්දි මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි.. ඒත් අවුරුදු විසිඑකක් වෙන්න ළඟ ඒක මට ලොකු දෙයක්... මගේ ජීවිතේ ඇතුළේ තාත්තට පස්සේ පෙරළි ඇති කරපු පිරිමි දෙන්නෙක්.... කියන්නේ ඒ වගේ හැඟිමක්.

මේ දේවල් පටන් අරන් තියන කාලවලට ගියොත්... ඒවා ලස්සන මතක.. හැබැයි මේ හැමදෙයක්ම.. මම විසින් මගේ හිත ඇතුළට කාවද්දගත්ත මතක.. විතරමයි.




_Ayo_





__________________________________

තරහා වෙන්න එපා කැකුලියනි.. අප්ඩේට් කරන්න පොත් තියෙද්දි මොන විකාරයක් කරනවද.. කියලා.. ඒත් මම ඉන්නේ සංකීර්ණ ප්‍රශ්නෙක..

මම තීරණයක් අරන් ඉවරයි.. ඒත් මට තාම රිදෙනවා.. ඒක අමතක කරගන්නයි මම ට්‍රයි කරන්නේ..

ලොකුවට අදින්නැ.. මේ පොඩි චැපි දහයක් උපරිම යාවි.. හිත එක තැනක නැතුව ඔයාලට කතාවක් ලියන්නත් අමාරැයි.. මම ට්‍රයි කලා....

කැමති නම් මේක බලන්න.. මේක මගේ ජීවිතේට ඩිරෙක්ට්ම් සම්බන්ධ පොඩි සිද්ධියක්..

නම් බොරැ උනාට.. මේ චරිත ඇත්ත.. ඒ නිසා.. කමෙන්ට් කරද්දි පරිස්සමින්.. ❤️

MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now