සාමාන්‍ය විදියට දවස් ගෙවුනා.. මොකද අපි ප්‍රශ්න යට කලා... ඒවා එහෙම්ම පතුලකට ගිලිලා යන්න අතඇරියත්.. ඒ දේවල් සම්පූර්ණයෙන්ම ඔලුවෙන් අහකට ගියේ නැහැ. ඒ හැමදෙයක්ම ඒ විදියට තිබුනේ.. රිසාල්ට් එන දවස වෙනකල් විතරයි..
යකඩයක් කියලා අතඇරියට.. අපි පතුළට තෙරපල තියන්නේ... රබර් හැඟීම් ගොඩක්.. රබර් ඉතින්.. ආයමත් උඩට මතු වෙලා පාවෙන්න ගන්නවා නේ.
මට A8 ක් එකක් B එකක් තිබ්බා... සයන්ස් ෆේල් වෙයි කියලත් හිතුනා... ඒත් B එකක් තිබුනේ. මතීෂ ගෙස් කරපු පළවෙනි පොයින්ට් එකක් වැරදුනා.. A9..
මට නම් එදා පුදුම සතුටක් දැනුනේ.. බොරු කියන්න ඕනේ නැහැ.. මම මගේ රිසල්ට් එක ගැන සැටිස්.. තාත්තා එදා මාව වඩාගෙන කැරෙකෙව්වා.. අපේ පවුලේ හැමෝම පුදුම තරම් සතුටු උනා... ගුරුවරු... සතුටු උනා... ඒත් සමහර අය අර B ගැන පොඩ්ඩක් වද උනා.. නෑදැයෝ ගැන කතා කරන්න ඕනේ නැ වැඩක් නැ.. නේ ඉතින්..
හැබැයි අම්මා නම්.. ටිකක් අනේ මන්දා.. එයාට සතුටුයි.. ඒත් අපරාදේ අර B එක කියලා කිව්වා.... එයා ඒ වෙලාවේ එහෙම කියද්දි නම් මට ටිකක් කේන්තිත් වගේ ආවා.. ඒත් සතුට වැඩි නිසා මම ඕක ගණන් ගත්තේ නැහැ.
දැන් නම් හිතෙනවා.. අම්මා එහෙම හිතුවේ ඇයි කියලා.. එයා මං ඉගනගන්න එක හුඟක් බලාපොරොත්තු තියාගත්ත කෙනෙක්.. අම්මා රෑ දවල් නොබලා මාව පන්ති අරන් ගියා.. ඇත්තටම එයා නංගි මල්ලි වෙනුවෙන් එහෙම කැප උනේ නැහැ.. මට තරම් කිසිම දෙයක් එයා නංගි මල්ලි දෙන්නා වෙනුවෙන් වැය කලේ නැහැ... අදටත් මම මොනා හරි ඉල්ලුවොත්.. පුලුවන් ඉක්මනින් අම්මායි තාත්තයි මට ඒ ගෙනත් දෙනවා.. ඒක කෑමක්ද ඇඳුමක් පැළදුමක් ද.. පොතක් ද අදාළ නැහැ... මගේ අම්මයි තාත්තායි හැමදාම මට ගැළපෙන හොදම දේ තෝරලා දුන්නා.
හතර වටෙන් එදා කෝල් එද්දි ටික වෙලාවකින් මතීෂගේ රිසාල්ට් එක ගැන මම දැනගත්තා.. වීනාත් කතා කරලා මට කිව්වා.
" මතීෂගේ C3 යි.. S6 යි කියලා.."
මම එයාට ඊට වඩා රිසල්ට් එකක් ඒවි කියලා හිතුවා ඇත්තටම.. ඒත් ඒකට කමක් නැ.. ඔය රිසල්ට් එක ඇති නේ.. හොඳටම ඇති. එයාට C තිබුනේ.. මැත්ස් කොමස්.. අයිටි වලට.. සාමාන්‍යයෙන් ඒවා අමාරුත් එක්ක...
YOU ARE READING
MY DEAREST || SINHALA || COMPLETED
Historia Cortaඇත්තටම මගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉතින්.. මම... මතීෂ... වගේම ලිමෙව් කියන්නෙත්.. රියලිටියේ හුස්ම ගන්න මිනිස්සු... ලිමෙව්ට මාව තදට දැනුනට...