22. මෝඩ ගොනා...

253 36 12
                                    

ප්‍රින්සිපල් සර් මතීෂ එක්ක ටිකක් එකතුයි කියලා මම කිව්වා නේ. ඇත්තටම අපිට පනිශ්මන්ට් එකක් දුන්නැ. බැජ් එක ගලවලා දුන්නු එකත් මතීෂම ඒ ආවේගෙට කරපු දෙයක්. ඒ දවස්වල මට දැනුන පීඩනේ ගැන කියන්න දෙයක් නැ ඇත්තටම.. පතුළක් පෙන්නැති.. අගාධයක් ඇතුළට දිගින් දිගටම කඩන් වැටෙනවා වගේ. හැම පැත්තෙන්ම කලුවරයි..

ඒ වෙද්දි මම ගෙදර අයගෙන් ඈත් වෙලා ඉවරයි.. මතීෂවත් මට නැති වෙලා... මම හැමදාම කලේ ඒ දෙගොල්ලොන්ව තරාදියකට දාලා.. ඒ බර ⁣සමාන වෙන තැනකින් මැද හිටගත්ත එක. ඒත් ඒ දවස් වෙද්දි.. ඒ බර සමාන කරගන්න හිටගන්න තැනක් තිබුනේ නැහැ.

ගෙදර අයව රිද්දපු එකට.. මතීෂව රිද්දපු එකට.. මම මගේ ඇතුළාන්තයෙන්ම කඩන් වැටිලා හිටියේ. ඒක මෙහෙම කිව්වට බැහැ.. ඒ වගේ හැඟීමක් විදලා බලන්නම වෙනවා ඒක මොන තරම් අමාරුද කියලා. ඒ දවස්වල මම හිටියේ කොහෙත්ම හොඳ සිහියකින් නෙමෙයි.. සිහියකින් ඉන්න පුලුවන් ද.. කොහොමත්.. හැමතිස්සෙම ඔලුව... පුපුරන්න තරමට දැනෙන වේදනාවයි.. හදවත ගැහෙන්නම් වාලේ ගැහිලා දරාගන්න කොනිති ගහන වේදනාව.. එක්ක මම හුස්ම ගන්න ඕනවට හුස්ම ගත්තා.

ඒ හැම හැඟීම ම දරාගත්තත් මතීෂ මාව බිමටම වට්ටලා පාගලා....කුඩු කරලා දාන්න පටන් ගත්තා. මොකද අන්තිමට එදා එයා මගෙන් ඈතට ගියාට පස්සේ.. දවස් දෙක තුනකින්වත් මට එයාව දකින්න පුලුවන් උනේ නැහැ. යන්න කියලා කිව්වට.. ආදරය දාලා දුවන්නැති හදවතක් එක්ක මම එයාව දකින්නවත් ආසාවෙන් බලන් හිටියේ. කොච්චර රිදුනත්.. ඒ ඇස් පේන මානෙන් ඉදිවි නේ කියන එක සහනයක් උනත්.. ඒ ඇස් දවස් දෙක තුනක් නෙමෙයි සති ගානක්ම මං ඉස්සරහට ආවේ නැහැ.

හේතුව... හේතුව මම දැනගත්තේ දවස් හතරකට පස්සේ....

මතීෂ මගෙන් ඈතට යන්නම් කියලා.. ආපහු එන්න බැරි දුරකට යන්න හිතලා.

එයා ස්විසයිඩ් කරගන්න හදලා.. ගෙදර තිබුන දෙයක් එයා බීලා.. ඔහේ නිදාගන්න හදලා... මතීෂ එයාගේ සීයා එක්ක ටිකක් කිට්ටුයි... සීයා එයා ළඟට ඇවිත් එදා රෑට කන්න කතා කරද්දි..යි දැනගෙන තියන්නේ මතීෂ හොදින් නෙමෙයි කියලා. කාගේම හරි ⁣හොඳ වෙලාවකට.. හරි පිනකට හරි මතීෂව බේරගන්න පුලුවන් වෙලා. මම ඕක දවස් හතරකට පස්සේ දැනගත්තේ.. මතීෂගේ ගෙවල් කිට්ටුව ඉන්න එයාගේ අයියා කෙනෙක්ගෙන්.

MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now