09. උපන්දිනේට ඔයාට...

309 38 25
                                    




ජුනි විසිනවය...මගේ උපන්දිනේ.. ඒ දවස් වෙද්දි මම හිටියේ ලොකු සැහැල්ලුවකින්. මොකද හැමදෙයක්ම හොඳ විදියට උනා. එදා මම ජනිත එකෙන් තඩි ගැ⁣ටො එකක් පන්තියටම කන්න අරන් ආවා. එදාට ඉතින් ජය මංගලම් වගේ.. උපන්දිනයක් දවසට ගැටො අරන් ආවම චොකලට් අයිසින් නාන එක අනිවාර්යයෙන්ම වෙන දෙයක්.

එදා උදේ අමතර බෑග් එකක් උස්සන් ආව එකම කෙනා මම විතරක්ම නෙමෙයි. මතීෂත් මොකක්ද බෑග් එකක් උස්සන් ආවා වගේම උදේම කෙල්ලො ටික වටවෙන්න ගියත් එයා ඒක කබඩ් එක ඇතුළට දාලා ලොක් කරලා යතුර සාක්කුවට දාගත්තා.


" ඒ මොකක්ද...ඒ...? "


හැමෝම අහද්දි මාත් මතීෂගෙන් එහෙම ඇහුවේ කුතුහලය නිසා.


" කජ්ජාගේ කෑල්ල හාවි අක්කට තෑග්ගක්.. ඒ පන්තියේ තියාගත්තොත් සප්‍රයිස් කරන්න වෙන්නැලු..."



කජ්ජා අයියා කියන්නේ එකොළහ වසරේ හෙන හැම්සම් අයියෙක්.. ලස්සන චුටි හාවි අක්කගෙයි කජ්ජා අයියාගෙයි ලව් එක ඉතින් හැමෝම දන්නවා. කජ්ජා අයියයි මතීෂයි ගෙවල් ළඟ අය.. කිව්ව කතාව ඇත්ත කියලා පෙනුනා මොකද කජ්ජා අයියා ඇවිත් මතීෂගේ පිටට එකක් දීලා හිනාවෙලා ඇහැක් ගහලා ගියා. පේනවද ලොකු අයියලා පොඩි අයගෙන් වැඩ ගන්න හැටි...


එදා මතීෂ බලෙන්ම වගේ මගේ ටීම් එකට ආවා. මොකද එදා අපි හැමදාම ඉන්න හය දෙනාම ගෘප් එකේ හිටියා. ඒත් වීනාත් ගාව කැරකි කැරකි ඉදලා වීනාත් ගාව හිටපු කැහැටු සමාව එතනින් යවාගෙන එතනට එන්න මතීෂට පුලුවන් උනා. කෙලින්ම මගේ ඉස්සරහා. එදා ඉන්ටවල් එකට කලින්.. හිස් පීරියඩ් එකක අපි සෙල්ලමක් කලා.. අර අතක් උඩට අතක් තියාගෙන එකේ ඉදන් ගණන් කරද්දි පහේ ගුණාකාරවලට බස් කියන සෙල්ලම.. පහේ ගුණාකාරවලට බස් කියන්නැතුව ඉලක්කමම කියන අය අවුට් වෙන එක.

දැන් මට එහා පැත්තේ සොත්ථි ඉන්නවා.. සොත්ථිගේ අත උඩින් මම අත තියාගත්තා. අනික් අත දෙන්න වෙන්නේ මතීෂට..

මට බෑ.......


" අපෝ අල්ලගනින් අමන්දා.. මොන මගුලක්ද.. වෙනදත් අපි ඕක කරන්නේ.."



MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now