කොරියන් කතා බලන්න මම හුඟක් කැමති වෙලා හිටියේ... ඒත් ඕලවල් දවස්වල මට ඇත්තටම ඩ්රාමා තියා ටිවි එකවත් හරියට බලන්න හම්බුන්නැ. ඒත් ඒලවල් වලට ඇවිත් කොරොනා එක්ක ඔන්ලයින් වේදිකාවක ඉගනගන්න ලැබුනම මම ඩ්රාමා බලන්න පුරුදු උනා. මතීෂගෙන් වෙන් උනාට පස්සේ.. මගේ ඔලුව නිදහස් කරගන්න.. මම කලේ ඩ්රාමා එකක් බලපු එක.. පොත් කියවන එක වැඩි කරපු එක.. සිංදු අහපු එක..
නිදිමරාගෙන දවසින් දෙකෙන් ඩ්රාමා බලලා ඉවර කරපු එක.... කොහොමත් හොඳ ඩ්රාමා එකක් අහුඋනාම.. ඒක බලලා ඉවර කරනකල් සිහියක් නෑනේ.. අන්න ඒ මානසික මට්ටම නිසා මට මගේ වේදනාව අමතක උනා. ඒත් ඒක සැරින් සැරේ උඩට මතු නොවුනා කියලා කියන්න බැ.
2020 අග වගේ යුටියුබ් එකේ කොරියන් ඩ්රාමා වලම මොනා හරි විඩියො වගයක් බල බල ඉද්දි මට සිංදුවක් හම්බුනා.... බැලු බැල්මට එක වගේ පෙනුන කොල්ලො හතක්.. පිත්තන් නුමුල් ගාලා.... හරිම සෙඩක්ටිව් විදියට නටන සිංදුවක් ඒක....
බලපු පළවෙනි පාර නම් හිතුනේ.. එව්වව මේ මොකක්ද මේ කියලා..
හැබැයි මෙහෙමයි.. දවස් දෙක තුනකට විතර පස්සේ මගේ ඔලුවේ අර සිංදුවේ තාලේ හොල්මන් කරන්න ගත්තා... එ අතර පිත්තන් නුමුල් ගාලා.. බෙල්ල කඩාගෙන මුණ වහන කොලු පැටියත්... මගේ ඔලුව පුරා සරාගි දෑස්වලින් ඉගි බිගි පාන්න ගත්ත නිසා.. අන්තිමට මම හිස්ට්රි චෙක් කරලා ආයමත් අර සිංදුව බැලුවා.
එකපාරක්.. දෙපාරක්.. තුන්පාරක්...
" ම්මම මේ සිංදුවේ පොඩි අමුතු ලයින් එකක් තියනවා නේ..... "
හැබැයි අර එක එක පාට කොන්ඩ තිබුන කොල්ලො ටික වෙන් කරලා අඳුනගන්න නම් බැරි උනා. පස්සේ එක දිගට මෙන්න සිංදු රෙකමන්ඩ් උනා... ඒ අහපු සිංදුවලින් මං කිහිප සැරයක්ම ඇහුවේ.. Fire.. Not today.. dope.. අනේ මන්දා.. ඩයිනමයිට් එකට වැඩි කැමැත්තක් තිබුනේ නැහැ.. අහපු මුලම...ම පස්සේ ඉතින්.. ඔක්කොටම කැමති උනා.
ඩොප් එකෙදි.. ඔසෝවා.. බන්ග්ටැනන් චොමේජි..... ඉදන්.. එයො ලෙඩිස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්ට්.. අහන් යද්දි ඇගේ නිකං හිරිගඬු පිපෙන ෆිලින්ග් එකක් එක්ක ඒගොලොන්ගේ ස්ටයිල් එකට මම කැමති උනා. සිංදු අහන් විඩියො බලන් යද්දි.. මට විසාල පස්නයක් ඇති උනා.....
YOU ARE READING
MY DEAREST || SINHALA || COMPLETED
Short Storyඇත්තටම මගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉතින්.. මම... මතීෂ... වගේම ලිමෙව් කියන්නෙත්.. රියලිටියේ හුස්ම ගන්න මිනිස්සු... ලිමෙව්ට මාව තදට දැනුනට...