ඒ හැමදෙයක්ම සිද්ධ උනේ ඔය විදියට... ඇත්තටම ඔය විදියට... සමහරවිට මේක ඇත්තමද.. ෆික්ශන් එකක් වගේ කියලා හිතුනත් ඒක එහෙම නෑ. ඔය හැම හැඟීමක්ම මම අත්වින්දා.. ඔය හැම සිද්ධියක්ම මට මතකයි.. අද උනු දේවල් වගේ.
ඒත් සමහර දේවල් බොඳ වෙලා වගේ.. තවදුරටත් ඒවා බොඳ වෙලා යාවි.... මොකද මතක උනත් සදාකාලික නෑනේ.
මේක දුක හිතෙන කතාවක්ද... සතුටු හිතෙන කතාවක් ද කියලා කියන්න මටත් බෑ. ඒත් ඒ මතක.. දැන් වෙද්දි මට මතක් කරලා.. ආපහු සැහැල්ලුවෙන් පැත්තකින් තියන්න පුලුවන්. ඒත් ඒ මතක වලින් දැනුන.. සතුට වගේම වේදනාව කියන හැඟීමත්.. මගේ හදවත ඇතුළේ තාමත් ජීවමානයි.
මං ආදරය කරපු මතීෂ.. මගේ ආදරේ ගැන කතා කරන්න මම ඇත්තටම කැමති.. කොච්චර දුක හිතෙන දේවල් තිබුනත්.. ඒ හැමදේකටම වඩා මං සතුටින් හිටිය මතක වැඩි... මට දැනුන ආදරේ.. මං වින්ද හැඟීම්වලට මම ආදරෙයි....
ඒත් දැන් මං දන්න මතීෂ ගැන මට පැහැදීමක් නැහැ.. එහෙමයි කියලා.. ඒක මම ඔලුවේ තියන් ජීවත් වෙන්නැ. හම්බුනොත් කතා කලා.. ඒක එතනින් ඉවරයි.
ලිමෙව් ගැන කිව්වොත්... දුකක් දැනුනා.. ඒත් තවදුරටත් නැහැ. හේතුව කිව්වොත්.. එයා එදා කිව්වා මට පැහැදිලිවම.. ආපහු මේ ගැන කතා කරන්න එපා කියලා. මට ඒක මතකයි.. ඒ නිසා මම ඒ ගැන කතා කලේ නැහැ.. කරන්නෙත් නැහැ. එදා රෑ වගේම පහුවෙනිදත් මම ලිමෙව්ට කතා කලා.. ඒත් මට පස්සේ හිතුනා.. ඇයි මම මුලින්ම කතා කරලා එයාට වද දෙන්නේ කියලා.. වෙන වෙන හේතුවලට කතා කලත්.. මම කතා කරන එකෙන් එයාට එයාගේ හැඟිම්වලින් මුව් වෙන්න ආමාරු වෙයි කියලා හිතුනු නිසා මම එයාට කතා කලේ නැහැ. ඇත්තටම එයා ගැන හිතලයි මම එහෙම කලේ. ඇරත්.. මම එහෙම කොයිවෙලෙත් චැට් කරන ජාතියේ කෙනෙක් නෙමෙයි..
ඕතර් කෙනෙක් හැටියට අත්දැකීමෙන් කියන්නේ.. මම හුඟක් වෙලාවට යාලුවො එක්ක චැට් කරන එක.. වස්සැප්...එෆ්බි ඉන්ස්ටා සැරිසරන එකට වඩා ඒ වෙලාවෙත් මුඩ් තියනවා නම් මොනාවා හරි ටයිප් කරනවා. එහෙම නැතුව අප්ඩේට් දෙන්න බෑ.. ඇත්තටම.. මගේ යාලුවො ඒක තේරුම් අරන් ඉන්නේ...වට්පැඩ් පැත්තක දැම්මම... මම එහෙම කොයිවෙලෙත් චැට් කරන එකෙක් නෙමෙයි කියලා එයාලා දන්නවා. චැට් කරන මුඩ් එකක් තිබ්බොත් විතරයි මම කා එක්ක උනත් කතා බහ කරන්නේ. එහෙම ගතිගුණ තියන මට..ඉතින් ලිමෙව් එක්ක කතා නොකර ඉන්නෙක ප්රශ්නයක් නෙවෙයි. ඇරත් ඒ වෙද්දි.. මම මේක ලියන ගමන් නේ... :-)
YOU ARE READING
MY DEAREST || SINHALA || COMPLETED
Short Storyඇත්තටම මගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉතින්.. මම... මතීෂ... වගේම ලිමෙව් කියන්නෙත්.. රියලිටියේ හුස්ම ගන්න මිනිස්සු... ලිමෙව්ට මාව තදට දැනුනට...