03. මින්ජුන්හෝ උතුමාණන්...

544 40 17
                                    



ක්‍රෂ් එකක් කියන්නේ මොකක්ද ඇහුවොත්..?
            

මගේ මතය අනුව ඒක කෙටි කාලීන.. ආකර්ෂණීය හැඟීමක්.. හරි හමන් නමක් දෙන්න බැරි. ඒක එකිනෙකාගේ ගති පැවතුම් එක්ක වෙනස් ⁣පුලුවන්. ගොඩක් වෙලාවට ඒක ගොඩනැගෙන්නේ ෆිසිකල් ඇක්ට්‍රැක්ශන් එකකට.

අන්න ඒ දැනෙන හැඟීම... තාවකාලික නෙමෙයි.. නම්.. ඒ හැඟීම තවත් ගැඹුරට තදින්ම ඔයාගේ හදවතත් එක්ක මුල් බැදගන්නවා නම් එතන තියන්නේ ඔය කියන විදියේ දෙයක් නෙමෙයි. ඒක ආදරය.....


ඒ ගැන කතා කරන එක පැත්තකින් තියලා ක්‍රෂ් එකක් කියන ටොපික් එක යටතේ ගත්තම මට නම් ඉන්නවා ක්‍රෂ් සෑහෙන්න ප්‍රමාණයක්. මුල ඉදන් ඇති වුන ක්‍රෂ් ටික දිග කොලේකට ලිස්ට් කරන්න පුලුවන් තරමට. තවත් කෙනෙක්ට ක්‍රෂ් කරන්න එයා ඇත්තම වෙන්න ඕන නැහැ. එක්කො ඒ ක්‍රෂ් එක හැමතිස්සෙම ඔයාට පේන කෙනෙක්... නැත්නම් කලාතුරකින් දකින කෙනෙක්.. ඒත් නැත්නම් ජීවිතේටවත් දැකලා නැති.. දැකගන්න බැරි වෙන සෙලිබ්‍රිටි කෙනෙක්.. හෝ මන:කල්පිත හිතලුවක් හරි වෙන්න පුලුවන් ක්‍රෂ් එකක්.

මගේ ලිස්ට් එකේ ඉන්න කොරියන් හාදයො ගාණ කොහොමත් වැඩි... ලංකාවේ ඉපදුණු කෙල්ලෙක් නම්.. ක්‍රෂ් එකක් කොරියන් නම්.. ඔයා දන්නවා ඔයාගේ වටේ පිටේ ඇතිවන යුධමය වතාවරණ තත්වය ගැන. තදින්ම කා වැදුණු ක්‍රෂ් එකකට නම් වචනයක් එහා මෙහා වෙනවටත් කැමති නැහැ නේ. තමන්ට මොන තරම් ළඟ කෙනෙක් එක්ක උනත් මරාගන්න හයියක් ඉඹේම ලැබෙනවා.

අපි ජීවත් වෙන සමාජේ ඇතුළේ තියන නුගත් අවම බුද්ධි මට්ටම නිසයි මේ දේවල් මෙහෙම වෙන්නේ. නැත්නම් ඕවා ගණන් ගන්නවත් ඕන දේවල් නෙමෙයි. කොහොම හරි ලංකාවේ බහුතරයක් පිරිමින්ට.. ඔය මාතෘකාව මූණ ඇදවෙලා නහය චොරොප්පන් කරගන්න පුලුවන් දෙයක්. ඒ මිනිස්සු අතරේ අපේ කැමැත්තට ඉඩ දෙන.. අපි ගරැ කරන ⁣චරිතයකට අපහාස නොකරන කෙනෙක් ගැන ඔයාට තියන්නේ මොන වගේ හැඟීමක්ද.. අන්න ඒ හැඟීම ලිමේව් ගැන මට තියනවා.

මොකද ලිමේව් මාත් එක්ක චන්ගුමි සෙල්ලම් ⁣කරපු කොල්ලෙක්........

ඒ කොයි කාලෙද කියලා හරියටම මට මතකයක් නැහැ. ලිමේව්.. මම එක්ක තවත් මගේ එක යාලුවෙක් හිටියා. ලිමේව් දේවල් හදන්න දක්ෂ කෙනෙක්. එයාට තිබුනා එයාම හදාගත්තු ලස්සන කඩුවක්... ඒක ලී වලින් ද මොනාවලින් හදපු එකක් ද කියලා මට මතක නැහැ.. හැබැයි ඒක හයියයි.. ලොකු බරක් නැහැ.. සෙල්ලම් කරන්නම හදපු ලස්සන කැටයම් දාපු කඩුවක්.

MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now