25. ඒකට කමක් නැහැ...

297 34 27
                                    



දුක වගේම සතුට එක්ක දවස් ගත වෙද්දි අපි ඕලවල් ලිව්වා. අන්තිම එක්සෑම් එක ලියන දවසේ මතීෂ මං දිහා බලන් හිටියේ තේරුම් ගන්න නොතේරැන හැඟීමකින්.. හරියට ඉස්සරහට හැමදෙයක්ම වෙනස් උනත් අපිට අපිව නැති වෙන්නැති වෙයි නේද කියලා අහන්න වගේ.

ඉස්කෝලෙත් නැතුව.. ක්ලාසුත් නැතුව.. අපි ආය හම්බෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපිට තිබුනත්... අපි ඒකට උත්තර හොයන්න මහන්සි උනේ නැහැ. මොකද ගෙදර මට අවස්ථාවක් ලැබුන හැම තත්පරේකම මම මතීෂට කෝල් කලා. ලෑන්ඩ් ලයින් එකෙන්.. තව අතට ඒවෙලාවට අහු උන ඕනම ෆෝන් එකකින්. කවුරු හරි හදිස්සියේ ආවොත් ෆෝන් එක එක පාරම කට් කරද්දි.. ආය එයා මට ගත්තේ නැහැ.. අපි ඒ දේවල් වලට පුරුදු උනා.. වෙන කරන්න දෙයක් නැතිම නිසා.

ජනවාරි මුල මම ගිය නැටුම් පන්තියේ කොන්සර්ට් එක තිබුනා.. මම සාමාන්‍යයෙන් ගරා යකා මැඩම් නිසා ඉස්කෝලේ අමතර නැටුම් වලට හිටියෙම නැහැ... ඒත් ක්ලාස් එකේ කොන්සර්ට් එකේ ප්‍රධාන නැටුම් වලට මම හිටියා.. චංගුමි එක්ක.. චංගුමියි මායි විතරක් ඩුවල් අයිටම් එකකුත් කලා. එදා මතීෂ බයික් එකේ ආවා.. මම ඇදන් හිටපු කොස්ටියුම් ටික බලන්න.. ඒ වෙද්දි තාත්තා ලංකාවේ හිටියේ.. ඒ නිසා අපේ පවුලෙන් භාගයක්ම නැන්දලා මාමාලා.. පුංචි.. බාප්පා.. ඔක්කොමලා කොන්සර්ට් එකට ආවා. මතීෂ එන එක හෙන රිස්කි... ඒත් මේ මනුස්සයට මාව බලන්නම ඕන ලු...

ඒ දවස්වල මගේ අතේ ෆෝන් එකක් තිබුනා.. තාත්තා එද්දි ගෙනාව වැඩිපුර එකක්.. ඒක මට කියලා දුන්නැ.. නංගි මල්ලි අපි තුන්දෙනාම ඕක ගේම් ගහන්න පාවිච්චි කලා. සිම් එකකුත් තිබුනා.. ඕක එදා මම ෆොටො ගහන්න කියලා අරන් අවා.. එයා එතනින් එද්දි මට කිව්වේ පොඩ්ඩක් එළියට එන්න කියලා විතරයි. මම චංගුමි එක්ක ඩුවට් එකට ලෑස්ති වෙලා හිටියේ...

ක්‍රීම් සුදු පාට.. ජෝතිය.. අත් කොට.. බඩ පේන ඒ පාටම හැට්ටේ.. පිටිපස්සේ කෝඩ් පටි මට හුස්ම ගන්න බැරි තරමට අන්දපු අක්කලා තද කරලා තිබුනේ.. ඇගේ හැඩේ පෙන්නන්න කියන්නේ... ඔලුවට දාපු ලස්සන ගල් අල්ලපු පැළදුම.. කොස්ටියුම් එකටම ගැළපෙන කරාබු මාල...වළලු එක්ක සිලම්බු.. දාලා මේක්අප් කරලා අපි හිටියේ. ඇත්තටම මට හැඩ ඇගක් තියනවා කියලා මටම එදා හිතුනා.

MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now