2019 අවුරුද්ද ලබද්දි... අපි මේ අවුරැද්දේ ඕලවල් කියන පන්තියට ආවා. එතකොට වැඩි නිදහසක් තිබුනේ නැහැ. ඉස්කෝලෙන් වගේම පන්තිවලිනුත් අපිට ලොකු ප්‍රෙශර් එකක් දුන්නා. පේපරුයි.. අභ්‍යාසයි.. විචාරයි.. තව අරවා මේවා ජාති කීයක්ද..
ජනවාරි අලුත් අවුරැද්ද ලබද්දි ලිමෙව් අම්මා එක්ක අපේ දිහා ආවා. එතකොට එයාට අමාරු විෂයන් ගැන.. මට අමාරු විෂයන් ගැන අපි කතා කලා. ඉරිදා හවස් වරුව මටත් පන්තියක් නොතිබ්බ නිසා.. අපි දෙන්නා ඉරිදට එකතු වෙලා මොකක් හරි වැඩක් කරන්න දාගත්තා. ඇත්තටම උනේ ලිමෙව් ඉරිදාට අපේ දිහා ආවා.. ඉංග්‍රීසි පෙපර් එහෙම කරන්න. ලිමෙව් ඉංග්‍රීසි වලට වැඩි කැමැත්තක් නැහැ.
ලිමෙව්ව හම්බුනාමයි මට තේරුනේ අපි හුඟ දවසකින් හම්බුනේ නැහැ නේද කියලා.. ඇත්තටම අපිට අපි මඟඇරිලා. ඒ වෙද්දි ලිමෙව් හුඟක් වෙනස් වෙලා තිබුනා. ඇඟ පතින්.. මට වඩා උස ගිහින්.. එයා මහත නැහැ.. ඒත් කෙට්ටුත් නැහැ. ඇඟ ගානට.. උරහිස් පළල් වෙලා.. ලිමෙව්ට තිබුනේ අමුතු පෙනුමක්.. දැක්කම හිත යන පෞරශයක්.. ඒ වගේම අහිංසක කමකුත් තිබුනා.
" ඉතිහාසය නම් මට සෙට් වෙන්නෙම නෑ.. අමන්දා.. ලකුණු හැට ගණන්.. සිතියම් වලින් ලකුණු ඇත්තෙම නෑ.. අනික පාඩම් කරන්න එපා වෙනවා.. විස්තර කරන්න ගියාම ඊටත් වඩා එපා වෙනවා... සිංහල මැඩම් වද දෙන නිසා.. විචාර ටික ගොඩ දාගන්නේ..."
" මම යන පන්තියට එන්නකො.. සෙනසුරාදා දවල් එක තුන.. රුවන් මාපලගමගේ.. සර් නියමයි අප්පා.. මම ඉතිහාසයට හෙනම ආස දැන් සර් නිසා... සිතියම් දාහකට වැඩිය අපි දැන් මාක් කරලා තියනවා.. සර් අවුරුද්දකට සතියම් දාහක් තියන පොතක් කරවනවා අපිට.. අනික හෙන අමුතු අමුතු තරඟ තියනවා.. ශෝක් ක්ලාස් එක..."
" එහෙමද.. එහෙනම් මාත් එන්නම්...."
සාමාන්‍යයෙන් මම කියන දෙයක් ලිමෙව් නොකර ඉන්නෙ නැහැ. මම එයාට දෙයක් කියන්නේ එයාගෙම හොඳට... ලිමෙව් ඒක හොඳටම දන්නවා. මොකද ලිමෙව් හැම අතින්ම ඉස්සරහාට යනවා දකින්න මම හුඟක් කැමති.. ලිමෙව් කියන්නේ හුඟක් දක්ෂ නිහතමානි කෙනෙක්.
YOU ARE READING
MY DEAREST || SINHALA || COMPLETED
Short Storyඇත්තටම මගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉතින්.. මම... මතීෂ... වගේම ලිමෙව් කියන්නෙත්.. රියලිටියේ හුස්ම ගන්න මිනිස්සු... ලිමෙව්ට මාව තදට දැනුනට...