සාමාන්‍ය විදියට දවස් ගත උනත්.. ඒලවල් කිට්ටු වෙද්දි.. හෙන ට්‍රැක් ගතියකින් හිටියේ. විභාග භීතිකාව මට ඕලවල් වලදි දැනුනේ නැහැ.. හැබැයි ඒලවල් වලදි ලෙසටම දැනුනා. ගෘප් ක්ලාස් මහ රෑටත් තිබුන නිසා.. සතියේ දවස් හත යන විදියවත් තේරෙන්නැ. ඒලවල් කියන්නේ.. මාර බීසනයක්....
කොහොමින් හරි 2022 ඒලවල් බැජ් එක උනාට.. 2023 මුලම යන්තමින් එක්සෑම් එක ලියලා ඉවර කරගත්තා. ඒක හරි ආස්වාදනීය හැඟීමක්... විශේෂ වැඩක් නැතුව.. නිදහසේ පොත් කියවන්න... ලියන්න.. ඩ්‍රාමා ෆිල්ම් බලන්න එහෙ මෙහෙ යන්න.. ඒත් ඉතින් ඔය ටිකම රීපිට් කර කර ඉද්දිත් එපා වෙනවා.
ඔහොම ඉන්න දවසක.. අල්මාරිය අස් කරද්දි.. මට මතීෂ දුන්නු.. ගෝල්ඩ් රින්ග් එක හම්බුනා. ඒක දකිද්දි මට දැනුනේ අමුතු හැඟීමක්..
" මේක මම ජීවත කාලෙම තියාගන්නද.. නැත්නම් එයාට දෙන්න.. ඒත් නැත්නම්.. පන්සලක කැටේකට වගේ ගිහින් දානවද.. නැත්නම් මුහුදට.. දානවාද..."
මගේ හිත ඔය ප්‍රශ්න අහද්දි මම කලේ මගේ යාලුවො කිහිපදෙනෙක්ටත් ඕක කියපු එක. එතකොට මුන්......
" අඩොහ් අපි මේක උකස් කරලා.. මොනා හරි කමුකො.....බන්..."
ඕක තමා ජාතික වැකිය උනේ.. උන් කිව්වට ඉතින්.. මට ඕක කරන්න පුලුවන්ද...
" නියම අදහසක් ආවා.. බන්.. මතීෂ දැන් කවදාහරිම අර නංගිව බදිවි නේ.. ගෙවල්වලිනුත් දන්නවා නේ.. බන්.. මතීෂගේ පළවෙනි බබාට මේ මුද්දත් දාලා පංචායුධයක් හදමු.. උඹ ඒක දියම් උඹ ගානේ කියලා.."
ඕක මගේ හිතට ආවම මම වීනාත්ට ඕක කිව්වා. උඹ නම් අනේ මන්දා කියලා වීනාත් වැඩේට කැමතිත් උනා.... ඒත්... ඒ කියලා දවස් දෙක තුනක් යද්දි මතීෂගේ ස්ටේටස්වල වෙනසක් මට දැනුනා.. සිගරට්.. අරක්කු බොන ඒවයි.. ජීවිතේ අනිත්‍ය ගැන හෙන හැලියි.. පස්සේ මට වීනාත් කතා කලා.
" අඩොහ්.. උඹේ කිරි සිහිනේ බොඳ වෙලා.. අන්න අරුට දාර බූටක් සෙට් වෙලා.."
ඒ වෙලාවේ කියන්න දෙයක් මට හිතාගන්න බැරි උනා. ටිකක් ශොක් වගේ උනත්.. මට ඇත්තටම මතීෂ ගැන දුක හිතුනා.. ඒ නංගි රට යන්න ඉන්න අයියෙක්ට සෙට් වෙලාලු. අනේ මන්දා...ඒත් ගෙවල්වලිනුත් දැනගෙන.. ඒ දෙන්නම අම්මලා තාත්තලට කතා කර කර ඉද්දිත්.. මෙහෙම වෙද්දි.. ඇත්තටම මටත් ඒක විශ්වාස කරගන්න බැරිව ගියා. ඇත්තටම ඒ දෙන්නා හැසිරුනේ එන්ගේජ් වෙච්ච කපල් එකක් වගේ.. අද බදි.. හෙට බදි වගේ ඉදලා මෙහෙම උනාම.... මතීෂ දැන් මොනවා කරනවා ඇතිද.... එයාට මේවා දරාගන්න පුලුවන් වෙයි ද කියලා මට හිතුනා.
YOU ARE READING
MY DEAREST || SINHALA || COMPLETED
Short Storyඇත්තටම මගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉතින්.. මම... මතීෂ... වගේම ලිමෙව් කියන්නෙත්.. රියලිටියේ හුස්ම ගන්න මිනිස්සු... ලිමෙව්ට මාව තදට දැනුනට...