04. ලස්සන මතක...

437 38 19
                                    





ලිමේව්ටයි මටයි හරිම සමීප බැඳීමක් තිබුනේ. පොඩි වයසෙදි අපිට තේරෙන දෙයක් නැහැ තමයි. ඒත් දැන් ඒ ගැන හිතලා බලද්දි ඒක ඒ වගේ දෙයක්. ඒක කොයි තරම් සමීප ද කියනවා නම්......

ලිමේව් මායි.. එකට නිදාගෙන පවා තියනවා.... නිදාගෙන හොඳ ද... කාලය මටයි එයාටයි දෙන්නටම මතකයක් නැතත්.. ඒ එයාලා ගෙ ගෙදර මම නැවතුනු දවසක්.

ලිමේව්ගේ අම්මයි අක්කයි මට මගේ ජීවිතේ හම්බුනු ශක්තිමත්.. මානුෂව හිනාවෙන ලස්සන හදවත් දෙකක අයිතිකාරියො දෙන්නෙක්. එදා ලිමේව්ගේ අක්කා අපිට මොනා හරි ඉගැන්නුවා.. රෑ වෙද්දි ලිමේව්ගේ අම්මා අපිට කන්න දීලා නිදිකෙරෙව්වා.

අපේ අම්මාගේ කෑම වලට පස්සේ මට ළඟම ඉන්න අයගෙන් කෑම මට රස හරිම පොඩි දෙනෙක්ගේ. ලිමේව්ගේ අම්මාව ඒ ගොඩට මුලින්ම වගේ දාන්න පුලුවන්. පුදුම රසක් ඒ කෑම වල තියන්නේ..


කොහොම හරි රෑ දහයට විතර රෙදිත් පොරවගෙන නිදාගත්තට.. පාන්දර වෙද්දි ඒවා එහෙම තියෙන්න විදියක් කොහෙත්ම නැහැ.. මොකද මමයි ලිමේව් කියන හාදයයි දෙන්නම නින්දෙන් සක බඹර වගේ කැරකෙන ජාතියේ අය. පාන්දර ලිමේව්ගේ අක්කා පාඩම් කරන්න නැගිට්ටිද්දි.......



" මල්ලි...!!! මල්ලි... එහාට යන්න... අම්මේ මේ බලන්නකො... මල්ලි නංගිගේ බඩ උඩ නිදි...!!!"



එහෙම තමා වෙලා තියන්නේ ඉතින්.. කොහොම හරි ලිමේව්ගේ අක්කාගේ කටේ සද්දෙටයි.. ලිමේව්ගේ අම්මා නැගිටලා ඇවිත් ලිමේව්ව අදින්න ගත්ත නිසායි අපි දෙන්නම අඩ නින්දේ ව⁣ගේ නැගිටලා. ලිමේව් හෙන නිදිමතේ මුලු කාමරේ දිහාම බලද්දි... නැගිටලා ඉදගෙන හිටපු මම නින්දෙන් වගේ හිනාවෙනවාලු.....

ඔය සිද්ධිය නම් මට මතකම නැහැ.. ලිමේව්ටත් එහෙමටම මතක නැහැ.. අපිට මතක ලිමේව්ගේ අම්මයි.. අක්කායි.. ඕක කියන නිසා.



















මම වැඩිවියට පත් වුනේ අවුරැදු දොළහෙදි.. හරියට කියනවා නම් ලොකු ළමෙක් උනේ.. අපේ ගෙදර එදා පොඩියට උත්සවයක් තිබුනා. ළඟම අයට එන්න කියලා. මාස ගාණකට වගේ පස්සේ මම එදා ලිමේව් දැක්කේ. මොකද ඒ වෙද්දි ඉස්කොලේ යන්න එහෙම අරන්... පොඩි උනත් ළමයි විදියට කාර්‍යබහුල වෙන කාලේ නේ.

MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now