ගිය අවුරැද්දේ අපි කතා බහා කරන එක ටික ටික අඩු උනාට පස්සේ.. මතීෂගේ ජීවිතේ ආයමත් වෙනස් අතකට පෙරළුනා. මට ඒක කියන්න අමතක උනා. දැන් එයාට අක්කෙක් ඉන්නවා. ඇත්තටම මම එයාගේ ජීවිතේ ගැන මෙලෝම දෙයක් දන්නැ.. එයාගේ හැඟීම් අරවා මේවා.. මම දන්නේ කවුරැ හරි මට කියන දෙයක් හරි.. දකින දෙයක් හරි. මොකද මතීෂ සෝශල්මීඩියා වල දාන දේවල් නේ මට පෙන්නේ.
අපි ඇඳුම් ගන්න තිලකවර්ධන එකට ගියා. අපිට කිව්වට මල්ලිට ඇඳුම් ගන්න ගියේ.. මල්ලිගේ බත්ඩේ එක අගෝස්තු විසිදෙක.. එයාට ගිෆ්ට් වවුචර්ස් වගයක් හම්බුනා. ඒකට ඉතින් එයාට ඕන ඒවා අරන් දෙන්න අපි ඔක්කොම ගියා. මමයි අම්මයි නංගිටයි අමතරව පුංචි.. බාප්පයි.. පුංචිගේ චූටි බබාලා දෙන්නත් එක්කම. අපි හිටියේ මෙන්ස් ෆ්ලො එකේ.. ඉතින්. මට සාමාන්‍යයෙන් හොඳ ෆැශන් සෙන්ස් එකක් තියනවා අපේ ගෙදර අනික් අයට වඩා. මම ම තමා සාමාන්‍යයෙන් ඇඳුම් තෝරන්නේ හැමෝටම.. මල්ලිටත් මම ටී ශර්ට්ස්වගයක් හොය හොය හිටියේ. අනික් අය තැන තැන එක එක ඒවා බල බල ඉද්දි මල්ලිත් මං ගාවම හිටියා.
මොකද ඉතින් මං තෝරන එක තමා අන්තිමට ගන්නෙත්.....
තෝරගත්තු ටී ශර්ට්ස් වගයක් ෆිටෝන් කරන්න මල්ලි ෆිටෝන් රූම් එකකට ගිහින් ඉද්දි.. තවත් ඒවා වගයක් අතේ තියාගෙන මම ඒ ළඟම හිටියා. දුන්නු ටී ශර්ට් එක ඇදගෙන මල්ලි එළියට ආවම මම එකේ හොද නරක බැලුවත් මල්ලි ඈතක් බලාගෙන අමුතුවට හිනාවෙනවා.
" ඕයි.. බන් අක්කේ.. අන්න මතීෂ බ්‍රදර්..!! "
" කෙල්ල එක්ක ශොපින් ඇවිත් ද කොහෙද.."
ඒ වෙලාවේ මට හෙන අපහසුවක් දැනුනා.. ඇයිද මන්දා.. මට හිතුනේ මතීෂ ආය නංගි එක්ක යාලුවෙලා වෙන්න ඇති කියලා... ඒත් හැරිලා බලද්දි කොන්ඩේ සම්පූර්ණයෙන්ම බටර් පාට වගේ කරපු ටිකක් විතර කෙට්ටු චුටි කෙල්ලෙක්. නංගි ඒ තරම් පොඩි නෑනේ.. මං බලද්දිම වගේ මතීෂ මං දිහා බැලුවා වගේම.. ෆ්ලෝ එකේ තැන තැන හිටපු අපේ ගෙදර මිනිස්සුත් අදහාගන්න බැරි ශොක් එකෙන් උනත් අමුතු නක්කල් හිනාවකින් මතීෂ දිහා බලන් හිටියා.
YOU ARE READING
MY DEAREST || SINHALA || COMPLETED
Short Storyඇත්තටම මගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉතින්.. මම... මතීෂ... වගේම ලිමෙව් කියන්නෙත්.. රියලිටියේ හුස්ම ගන්න මිනිස්සු... ලිමෙව්ට මාව තදට දැනුනට...