31. ඒකපාර්ශික ආදරවන්තයෙක්...

245 30 32
                                    



එදා මතීෂ මාත් එක්ක අර තරම්ම කතා කලේ එයා බීලා මත් වෙලා හිටපු නිසා වෙන්න ඇති. නැත්නම් එයා ඔය තරම් සංවේදි ⁣උනේම නැහැ.. අපි මීට කලින් මැසේජ් කරලා තියනවා උනත්. ඇරත් ඒ වෙද්දි එයාට එයාගේ නංගි හිටියා.. ඒ වෙද්දි එයා ඉන්නේ වේදනාවෙන්... මාව දැක්කමත්.. ඒක වැඩි වෙන්නැති... මට හුඟක් රිදුනා එයා කියද්දි.....

" මං වගේ කොල්ලොන්ට ආදරේ ලැබෙන්නැ..."


ඒ පිරිමි කටහඬ හුඟක් බිදිලා තිබුනේ.

එදායින් පස්සෙත් දවස් ගාණක් එයා මට හැමදාම රෑට මැසේජ් කලා. මම එයාට කියන්න උත්සහ කලා.. හැමදාම රෑට ක්ලබ් යන...එක ඩ්‍රින්ක්ස් ගන්න.. එක මත් වෙන ජාති... ඇත්තටම මම නොදන්න මත් වෙන ජාති මොනවා හරි එයා යූස් කරනවා... ඒකෙන් එයාව ටිකක් හරි නවත්තන්න...


" මේකෙන් විතරයි ඕයි මට සැනසීමක් දැනෙන්නේ.. අනික කලින් හිටපු හොඳ මතීෂ උනා කියලා මට ලැබෙන දෙයක් නැ.. ඉන්න ටික කාලේ ෆන් එකේ ඉන්න ඕන..."


" ගෙදරිනුත් මාව අතඇරලා නම්.. ආදරේ කරන උනුත් අන්තිමට මාව දාලා යනවා නම්.. මම මම වෙන්න ඕන නේ.. මං කැමති දේවල් මම කරන්නේ.. කවුරු මොනා කිව්වත් මට අදාළ නැ.."



" හ්හ්.. අනික උඹ විතරමයි.. මට බොන්නවත් දුන්නැත්තේ.. නංගි මට......."







" හරි... හරි ඇති.. මම ආය මුකුත් කියන්නැ.. අනික මම ඔයාගේ නංගි නෙමෙයි කියලා මතක තියාගන්න..."






" ඔව් ඉතින්.. ඔයා කොහොමත් මට අක්කා නේ.... 😪😁"





මොන දේට ආගිව් කලත් අන්තිමට අපි එක එක විදියට ඒවා මඟින් නතර කරගත්තා. ඒ දවස් වෙද්දි.. මතීෂටයි මටයි.. අපි දෙන්නා ගැන කේන්තියක්වත් නොරිස්සුමක්වත් තිබුනේ නැහැ. මම වගේම එයත්.. කලින්ට වඩා දේවල් තේරුම් අරගත්ත අය.

ඇත්තටම අපි ආදරේ කලේ ටීනේජස්ලා විදියට.. නේ ඒ දවස්වල අපි දන්න දෙයක් නැහැ. අපිට අපිවත් හරියට බලාගන්න පුලුවන්කමක් නැති වෙද්දි.. හැඟීම් ගනුදෙනු එක්ක බැඳීම් පවත්වගන්නේ කොහොමද..?

අපි ආදරේ කරද්දි පොඩි වැඩි කියලා අපි දෙන්නටම තේරිලා තිබුනේ ඒ වෙද්දි. සමහරවිට අපි.. දැන් යාලු උනා නම්.... නැත්නම් ඉස්කෝලේ ඉවර වෙනකල්වත් හිටියා නම්.... මේ අවසානේ වෙනස් වෙන්න තිබුනා.. ඒත් ආපහු හැරිලා බලද්දි.. උනු දේවල් ඒ විදියට නොවුනා.. නම් අපි ආදරේ නොකර ඉන්නත් තිබුනා.

MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now