14. අලුත් පරිච්ඡේදය...

298 42 8
                                    


පොඩි වයසකින් හා කියලා රිලේශන්ශිප් එකකට ගියාට ඇත්තටම ඒ වෙද්දි ඒ හැඟීම ගැන අපි ඇත්තටම දැනන් හිටියද කියන්න මං දන්නැ. ආදරේ කියන්නේ ගැඹුරු දෙයක්.. හදවතේ ගැඹුරට යන්න යන්න තව තවත් ශක්තිමත් වෙන. මුල ඉදන්ම මේ හැඟීම ස්ථිරවම අපි අතරේ තිබුනද කියලා මට විශ්වාසයක් නැහැ. මොකද අපි යාලු⁣උනාට පස්සේ හරි හමන් විදියට.. ආදරෙයි කියන්නත් කලින්ම බ්‍රෙක්අප් උනා.

ඒ දවස් ගැන විශේෂ මතකයක් මට නැහැ. අපි සාමාන්‍යය විදියට ඉස්කෝලේ ගියා. එකම ගෘප් එකේ ඉදන් ඉගනගත්තා. ෆෝන් වලින් නම් කතා කලේ නැහැ. හැබැයි ඇස්වලින්.. අපි පුලුවන් හැම වෙලාවකම කතා කලා. මගේ තද කලු ඇස්වලින්.. එයාට එයාවම පෙනෙද්දි.. දැනෙන හැඟීම එයාට දැනුනා. වගේම ඒ ලා දුඹුරැ පාට ඇස්වලට මම ඇබ්බැහි වෙලා හිටියේ. අහක බලපු තත්පරයකදිත්.. ආයමත් දකින්න හිතෙන තරමට.......

ඒත් මතීෂගේ හිතේ සැකය කියන හැඟීම ඉපදෙන්න පටන් අරන් තිබුන නිසා ඔය හැමදෙයක්ම කනපිට හැරැනා.

ඒ නොවැම්බර් මාසේ දවසක වෙන්න ඕන.. මම ඩියුටි කරන පන්තිය බලන ගමන් ඉද්දි චිරාන් මට ඇවිත් පොඩි කොල කෑල්ලක් දුන්නා. ඒක කොළ කෑල්ලක් නෙමෙයි... ලියුමක්...

මතීෂට මේක නවත්තන්න ඕනයි..... කියලා තිබුන ලියුම....

හේතුව.... කවීන්..... මට කවීන් එක සම්බන්ධයක් තියනවාලු...

මට හිනාගියා.. ඒත් ඒ එක්කම ඇ⁣ඩුනා. කවීන් මාත් එක්ක එක ගෘප් එකේ ඉන්නවා තමයි. මතීෂ මං හිටිය ගෘප් එකේ ස්ථිර කෙනෙක් නෙමෙයි. එයා කවුරු හරි එක්ක මාරුවක් දාගෙන එතනට ආවොත් මිසක් හැමදාම එයා එන්නැ. ඒත් කවීන් මං ඉස්සරහා ඉදන් ඉන්න කෙනා. බොරු කියන්න ඕනේ නැහැ.. කවීන් කියන්නේ පිස්සු කොල්ලෙක්.. අනික එයාගේ අමුතු ලස්සනක් තියනවා.. සුදුයි.. මතීෂ තරම් උස නැහැ.

කවීන් එක්ක කොයිවෙලෙත් මම හිනාවෙවි ඉන්න හේතුව ඒ මනුස්සයා මහ අජපල් කතා කිය කිය මාව හිනස්සන එක.. පිටසක්වල විකාර ගැන මේ යකා කියවන්නෙත්. අනෙක් අයට වැරැද්දක් කියලා කියන්න පුලුවන් දේකට තියනවා නම් ඒ කවීනුයි මායි ඩෙස් එක යටින් කකුල්වලින් ගහ ගහත්ත එක. ඒක මේ හැමතිස්සෙම කරන මගුලක් නෙමෙයි. ඒකයි මායි මොකකට හරි මල පැනලා තරහා ගියාම ඕක කරද්දි.. මගේ සුදු පාට සපත්තු දෙක මේස්වල ඉදන්ම ජරා වෙනවා ඉතින්. අනික රිදෙනවාත් එක්ක.

MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now