19. කටුක යථාර්ථය...

271 29 22
                                    

කලින් චැපියක් තියනවා... අප්ඩේට් නොටිෆි යන්නැ වගේ ආය.... 😒

*********************




ඒ ⁣පුංච් හාදුව.. අපි අතර උනු කතා බහ.. මේ හැම දෙයක්ම එක්ක මතීෂ මට තවත් ළං උනා.. අපි අතරේ සිද්ධ උන හැම පුංචි දෙයක්ම අපිව තවත් ළං කලා. මතීෂ මං ගැන ගොඩක් හෙව්වා... ඉස්කෝලේදි කන බොන එකේ ඉදන්... මට පොඩි ඔලුව කැකුමක්.. හැදුනත්.. ළඟ ඉන්න යාලුවට කලින් එයා ඒක තේරැම් ගත්තා වගේම... මොන ලොකෙන් හරි මට පැනඩෝල් ගෙනත් දෙනවා. ඉස්කෝලේ ඇරිලා.. ගෙදර යද්දි අම්මා එනකල් මතීෂ පාරේ කෙලවරක ඉදන් බලන් ඉන්නවා. මම ගෙට්ටුව ගාවින් අම්මා ගාවට යනකල්ම... ඒකට විනාඩි පහක් දහයක්...විස්සක් තිහක් නෙමෙයි.. පැය දෙක තුනක් උනත්... එයා මම යනකල් බලන් ඉන්නවා. එයා ගෙදර යන්නෙත් බස් එකෙ.. ඒත් එයාට මං නිසා පරක්කු වෙයි.. කියන දේ ගැන එයා පොඩ්ඩක්වත් හිතුවේ නැහැ.


එයා මගේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි.. ඒ වෙද්දිත්... ඔය අතරේ ආය දවසක මතීෂ මට ලියපු ලියුමක් අම්මට අහුඋනා.. හෙන බොරු ගොඩක් කියලා ශේප් උනා.. ඒත් මං ටිකක් මතීෂ එක්ක තරහා උනා. මං දන්නැ... ගෙදරින් මට දැනුන පීඩනය එක්ක මට මේක කරන්න බැහැ කියලා දැනුනා... අම්මා කිව්වෙම මතීෂයි මායි ගැළපෙන්නැ කියලා. ඒත් මතීෂ මට යන්න දෙන්නැ.. කියලා මං දන්නවා. අපි ඉස්කෝලේදි කතා කරන එක ටික දවසකට නැවත්තුවා.. ඇත්තම කියනවා නම් මම එයාව මගඇරියා. ඒත් එයා එක්ක කතා කරාට පස්සේ මගේ හිත වෙනස් උනා... මතීෂ අපේ බැඳීම තවත් තවත් තද කරා... ඒක මගේ හදවතට දැනුනා. ජනවාරියේ දවසකම... අම්මා ගෙදර හිටපු නැති දවසක මම මතීෂට කෝල් කලා. එදා මතීෂ හරි අමුතු දෙයක් කතාවට ඇදලා ගත්තා.


" අමන්දා මං කියන්නේ දේ අහනවාකො.. ඔයාගේ හොදටමයි කියන්නේ.. කව්ෂි ව ආශ්‍රය කරන්න එපා.. ඒකි හොද කෙල්ලෙක් නෙමෙයි..."

" ඒත්..



" ඒකි...අපි දෙන්නව යාලු කරා තමා.... ඒත් කව්ෂිගේ චරිතේ සෙට් නෑ වගේ... කවීන් එක්ක යාලු වෙලා දවස් කීයද.. තරහා වෙලා.. දැන් උෂාන් අයියට ලයින් වේගන වගේ යනවා... අනික... මටත් මැසේජ් කරනවා... මම ඒකිට කැමති නැහැ.. අනික එකි කියවන ඒවා මට අල්ලන්නැ...."

MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now