ෆොන් නම්බර් එකක් පාඩම් කරගන්න කොච්චර කාලයක් යනවද...?
අයිඩි එක හැදුවට පස්සේ ගත්ත මගේ ඩයලොග් නම්බර් එක හරියට මතක තියාගන්න මට අවුරැද්දක් විතර ගියා. ඒලවල් කාලේ මගේ ෆෝන් එකත් ඉස්සුවා නේ. ඔයාලා සමහරක් අය දන්නවා ඇති. එතකොට බස් එකේ කොන්දා අයියා නම්බර් එක අහද්දි රින්ග් කට් එකක් දෙන්න...... කියන්න සතුටුයි.. මට මගේ නම්බර් එක මතක් උන්නැ..
ඒ්ත් මීට අවුරැදු අටකට කලින් බීඩියක් වගේ රෝල් කරපු කොළ කෑල්ලක ලියපු ඒ අංක දහය මට අදටත් මතකයි...
මතීෂගේ නම්බර් එකට එදා මුලින්ම මැසේජ් එකක් දාන අතරෙම මට ඕක පාඩම් හිටියා. නිකම්ම වගේ.....
එදා දවස ගැන හරියටම කතා කලොත් ඔක්තොම්බර් 18.. හවස පහට විතර මම මතීෂට මැසේජ් එකක් දැම්මා..... හායි මතීෂ කියලා. එතකොට රිප්ලයි එක උනේ..
' Kawda me Hii kiyanne...? '
' Mawa dannawada...? 🧐 '
' Mage Number e kohenda..? 🧐'
ඔව් ඇත්තටම මම එදා මැසේජ් එකක් දාන්න හිත හදාගත්තෙත් පැය ගාණක් හිතලා.. ආසයි බයයි ෆිලින්ග් එකෙන් තැම්බිලා තැම්බිලා වගේ ඉදලා. අනික අම්මගෙන් ෆෝන් එක ඉල්ලගත්තේ සිංදුවක් අහන්න කියලා. ඔය කාලේ ටච් ෆෝන්ස් අප්ඩේට් ආව මුලම වෙන්න ඇති. අපේ අම්මට තිබුනේ සුදු පාට සෝනි එක්පිරියා හරි මොකක් හරි එකක්. ඒ ෆෝන් එකේ ටිකක් මහතයි.. ටික්ටැක් පැකට් දෙකක් එකට තියලා වගේ.. ටික්ටැක් පැකට් එකට වඩා ටිකක් ලොකුයි.. අන්තිමට මැද ලොකු බට්න් එකයි.. දෙපැත්තේ කෝල් කට් කරන.. අන්සර් කරන බට්න් දෙක.. කෝම හරි ඕක ටච් එකක්.. තාත්තා අම්මට එව්ව පළවෙනි ෆෝන් එක...
ඒ දවස්වල තාත්තට කතා කලෙත් ලැප් එකෙන් ස්කයිප් දාලා....
ෆොන් එක නෙමෙයි වැදගත්.. දැන් අර අපතයා මට මැසේජ් කරන්න කියලා.. කවුද කියලා අහනවා.. මට ඉතින්.. අනික මම හෙන බයේ..ත් හිටියේ. ඒත් ලොකු ආසාවක් එක්ක පොඩි ගප්පියො ටිකක් එකට කෑමකට පොර කරනවා වගේ දැඟලිලි කිතියක් වගේ හැඟීමක් තිබුනේ.
නම්බරේ වැරදිලාවත්.. ද.. මම දැන් කොළ කෑල්ල අරන් අංක එකින් එක බලන්න ගත්තා.. මට ඕකට දැන් රිප්ලයි කරන්න හිතෙන්නෙත් නැහැ. ඒත් මං රිප්ලයි එකක් දැම්මා.. ඒත් ඒකත් හෙන මොංගල්.. එකක්.. මං කියන්නේ ඒ දවස්වල මං හෙනම මැටි ලයින්.. ඉතින්... ඒ උනත් මාත් එදා හිටියේ හෙන අන්ධ බූත ගතියකින් නේ... වෙච්ච දේවල් දරාගන්න බැරි.. අමුතු හැඟීමකින් නේ... අනේ මන්දා... අපහාස ඒම කරන්නැ.. මේ අහිම්සකිට........
YOU ARE READING
MY DEAREST || SINHALA || COMPLETED
Short Storyඇත්තටම මගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉතින්.. මම... මතීෂ... වගේම ලිමෙව් කියන්නෙත්.. රියලිටියේ හුස්ම ගන්න මිනිස්සු... ලිමෙව්ට මාව තදට දැනුනට...