ඒ අවුරැද්ද මට හරියටම මතක නෑ.. මමත් පොඩි.. එයත් පොඩි.. ලිමේව් ව මට මුලින්ම හම්බවෙද්දි එයයි මායි හෙන බටු ඇට සයිස් අය. සමහරවිට ඒ දත් වැටිලා ලේනට අඩගහන කාලේ වෙන්න පුලුවන්.කොහොම හරි මගේ ජීවිතේ මට හම්බුනු පළවෙනි යාලුවා ඒ. සාමාන්යයෙන් නිල් පාට පොඩි කොට කලිසමට සුදු පාට ශර්ට් එක යට කරලා ප්රයිමරි යන පොඩි බට්ටෙක් ගෙදර එද්දි යවපු විදියටම එන්නැ නේ. මගේ මතකයේ ඉන්නේ ඒ වගේ කොලු පැටියෙක්. චුට්ටක් එහෙන් මෙහෙන් ඉස්සුනු ශර්ට් එකත් එක්ක අවුල් වුන කෙටි කොන්ඩේ.. පොඩි බෑග් එකයි.. බෙල්ලට දාන්න පුලුවන් පොඩි වතුර බෝතලයත් එක්කම.
සාමාන්යයෙන් ඔය වයසේ ළමයි නිකං වඳුරැ පැටව් වගේ නේ. එක විදියකට ඉන්න බැරි නලියන ක්රියාශිලිත්වයක් එක්ක මහ නසාරානි ගතියක් නේ තියන්නේ. මම ඒ පොඩි ඇටයන්ට අවලාද කරනවා නෙමෙයි.. අත්දැකීමෙන් කියන්නේ මාත් පොඩි කාලේ ඔය වගේ නසරානි කෙල්ලෙක්. හැබැයි දැන් තියන තත්වේ එක්ක නම් මට ඔය වගේ කහඹිලි ගාය තියන පොඩි උන්ව පෙන්නන්න බැ.
එතකොට ලිමේව් ගවේෂ්ණ කියන්නේ ඊට හාත් පසින්ම වෙනස් චරිතයක්. අපි ඉස්කෝල දෙකකට ගිය නිසා මම වැඩි දෙයක් දන්නැ.. එයා ඉස්කෝලේ ඉද්දි මොන වගේ කෙනෙක් ද කියලා. ඒත් මට හම්බුන ලිමේව් කියන්නේ හරිම අහිසංක පිරිමි ළමයෙක්. වැඩි කතා බහක් නැති.. දඟ නැති පිරිමි ළමයෙක්.
ඒත් ඒ ගතිය කොච්චරකල් තිබ්බද කියන්න මට මතක නැහැ. අපි හරිම ඉක්මනට එකතු උනා. සෙල්ලම් කලා.. එකට කෑවා.. බිව්වා.. මම ටිකක් නසාරණි දඟ ටයිප් නිසා එයාව සෙල්ලම් කරන්න බලෙන් ඇදලා ගත්තා වෙන්නත් පුලුවන්. මට හරියටම මතක නැහැ. සමහරවිට එයාට මතක ඇති.
අපේ අම්මලා යාලුවො විතරක් නෙමෙයි.. මම හිතන්නේ අපි හෙ.........න දුරින් වගේ නෑදැයො. ඒ නිසා ඔය පොඩි කාලේ.. හරියටම කියනවා නම් අම්මලාගේ එක්සැම් එක ශිෂ්යත්වේට අපේ දිහා ක්ලාස් එකක් දැම්මා. ඒ සර් ගැන කිව්වොත්.. අදටත් නම ඇහෙද්දිත් හදවතට සතුටක් දැනෙන දකින්න ආස හිතෙන ගුරුවරයෙක් එයා. ගොඩක් අය අකමැති.. සබ්ජක්ට් එකක් ගණිතය කියන්නේ. ඒත් මමයි ලිමේව් ගණිතයට ආස උනා.. අපිට උගන්වපු ඒ ගුරුවරයා නිසා.
පහ වසර ශිෂ්යත්වේ කියන්නේ ඉතින් කලවං මැලුම් නේ. සර් අපිට හැමදේම ඉගැන්නුවා. සර්ට කැමති නිසා.. අපි හැමදේම හොඳට අල්ලගන්න ඇති කියලා මට දැන් හිතෙනවා. ක්ලාස් එකේ එයයි මමයි තව මගේ යාලුවෙකුයි.. එයාගේ යාලුවෙකුත් හිටියා. කොහොම හරි අපි දෙන්නම ශිෂ්යත්වේ පාස් උනා. එයාට තරම් මට ලකුණු තිබුනේ නැහැ. ඒත් අපි අර කඩයිම් ලකුණ පාස් කලා.
මම ඉස්කෝලේ මාරු කලේ නැහැ. හේතුව අපේ අම්මට මාව ඒ වෙද්දි වෙන ලොකු ඉස්කෝලේට යවන්න අමාරු උන එක. කොළඹ.. මීගමුව සාපේක්ෂව දුරයි. ලොකු දුරක් නැහැ. ඒත්.. නංගියි මල්ලි එක්ක අම්මට මාව ඒ තරම් දුරකට යවන්න ඒ දවස්වල පුලුවන්කමක් නැහැ.
ලිමේව් ඉස්කෝලේ මාරු කලා. ගම්පහ නමගිය බොයිස් ස්කූල් එකක්. ඒ නායකත්වයට ගහන්න එකක් නෑයි කියන්නේ ඉතින්... හැබැයි ලිමේව් නම් කවදාවත් ඉස්කොලේ ගැන කියවන ජාතියේ කෙනෙක් නෙමෙයි. ලිමේව් ශිෂ්යත්වේ පාස් වෙලා.. ලොකු ඉස්කෝලේට ගියා කියන හැඟීම එක්ක මට ලොකු සතුටක් දැනුනේ ඒ කාලෙදි. හරියටම කියනවා නම් තමන්ගේ ළඟම යාලුවෙක් ඉස්සරහට යද්දි දැනෙන සතුට ඒක.
I always felt proud of him....
ඒ කාලේ.. වෙද්දි... අපි දෙන්නට එක්තරා විදියක සමානකමක් තිබුනා. තදින්ම අවශ්ය චරිතයක හිස් වීමක්. ඒත් ඒක සමානකමක් වෙන්නැ ඇත්තටම. මොකද මගේ අහිමි වීම තාවකාලිකයි.. ලිමේව්ගේ අහිමිවීම සදාකාලිකයි.
.
.
.
.
.
.මම එකවසරට භාර දෙන්නත් කලින් මගේ තාත්තා රට ගියා. එයා අවුරුදු දෙකකට වගේ සැරයක් එනවා.......
ඒත් අපි තුන වසරේ වගේ ඉද්දි ලිමේව්ගේ තාත්තා...... ගියේ ආපහු නොඑන ගමනක්.
_Ayo_
___________________________________
YOU ARE READING
MY DEAREST || SINHALA || COMPLETED
Short Storyඇත්තටම මගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉතින්.. මම... මතීෂ... වගේම ලිමෙව් කියන්නෙත්.. රියලිටියේ හුස්ම ගන්න මිනිස්සු... ලිමෙව්ට මාව තදට දැනුනට...