ජන්ග්කුක් ටේහ්යුන් දෙන්නා වොශ් දාගෙන මේ වාඩිවෙලා ඉන්නේ නිදාගන්නේ කොහොමද කියලා කල්පනා කරලයි..ජිමින් කිව්ව විදියට අන්තිමට ජන්ග්කුක්ට ටේහ්යුන් ලග නිදාගන්න උනත් දෙන්නාගෙන් එක්කෙනෙක්වත් ඇදෙන් තාම හාන්සි උනේ නම් නෑ...ටේහ්යුන් පොත් මේසේ ඉදන් පොතක් දිගෑරගෙන ජන්ග්කුක් එක්ක නිදාගන්නේ කොහොමද කියලා කල්පනා කරන අතරේ ජන්ග්කුක් ඇදට වෙලා ටේහ්යුන් නිදාගන්නේ නැතුව නිදාගන්න එක හරි නැති නිසා ටේහ්යුන් එක්ක නිදාගන්න එක ගැන හීන මව මව හිටියා...බොරු අකමැත්ත පෙන්නුවට ජන්ග්කුක් හෙන කැමති ටේහ්යුන් එක්ක නිදාගන්න...කවුද අකමැති තමන් ආදරේ කරන කෙනාත් එක්ක එකට නිදාගන්න....
ජන්ග්කුක් ටේහ්යුන්ට ආදරෙයිද ?ජන්ග්කුක්ටත් ඒක ප්රශනයක්...ඒත් අන්තිමට ජන්ග්කුක් තීරණය කරා ඒ හැගීම ආදරේ වෙන්න ඇති කියලා..ඒක අසම්මත උනත් ජන්ග්කුක් තීරණය කරා සම්මතයෙන් පිටට හිත ඇතුලෙන් පනින්න...ඒත් ජන්ග්කුක්ට සම්මතයෙන් පිට පැනලා වෙන ප්රශ්න වලට මුහුන දෙන්න පුලුවන් වෙයිද කියලා දන්නේ ජන්ග්කුක්ම විතරයි ඉතින්...
" අහ්ම්...ම්...මේ අපි නිදාගමු නේද ?? "
ජන්ග්කුක් නිදාගත්තාම ඇදට එන්න බලාගෙන හිටියට ජන්ග්කුක් නිදියන පාටක් නැති නිසා ටේහ්යුන් අන්තිමට තීරණය කරා ඕන මගුලක් වෙච්චාවේ කියලා ජන්ග්කුක් ලග නිදාගන්න...ටේහ්යුන් ජන්ග්කුක් වගේ නෙමෙයි...එයාට තාමත් එයාගේ හැගීම් ගැන තේරුමක් නෑ...ටේහ්යුන්ට නොතේරෙනවා නෙමෙයි එයාට ජන්ග්කුක් ගැන තියෙන්නේ වෙනස් හැගීමක් කියලා..ඒත් ටේහ්යුන් ඒ දේ ගැන ඕනවට වඩා හිතන්නේ නෑ....ටේහ්යුන් කොහොමත් හැගීම් හිර කරන් ඉන්න දක්ෂ කෙනෙක් නිසාම එයාට මොනවගේ හැගීමක් ආවත් එයා ඒක නොදැනුනා වගේ ඉන්නවා...
" අහ්...හා හා.."
බර කල්පනාවක හිටිය ජන්ග්කුක් ටේහ්යුන් කතා කරාම ගැස්සිලා හරි සිහියට ආවේ..කොහොම හරි ජන්ග්කුක් බිත්තිය පැත්තෙයි ටේහ්යුන් අනිත් පැත්තෙයි හාන්සි උනත් දෙන්නටම නින්ද අහලකවත් තිබුනේ නෑ..ඉතින් දෙන්නාම දෙපැත්තට හැරිලා ලයිට් එකත් ඕෆ් කරන් හිටියත් එලියේන් හයියෙන් අකුණක් ගැහුවාම ජන්ග්කුක් හිමීට ටේහ්යුන්ට ලන් උනා..
YOU ARE READING
You Are MY ENEMY || TK
Fanfictionකෙනෙක්ට ලන් වෙනකොට, එයා එක්ක ඉන්න වගේම එයා නැති උනාම ඉන්නත් පුළුවන් වෙන විදියට හුරු වෙන්න.. මොකද , " ඔයාට මට ආදරේ කරන්න පුළුවන් ද ?? " කියලා ඇහුවට.... " මන් නැතුව ඔයාට ඉන්න පුළුවන් ද ?? " කියලා කවදාවත් අහන්නේ නෑ...!! # Enemy to lover # Taekok 🔁