Chapter 47

393 69 4
                                    

" මේ එෆෙයාර් එකට දැන් කොච්චර කල්ද ?? "

ජන්ග්කුක් ටේහ්‍යුන්ව බලෙන්ම ඇදන් සෝප් ඩබල ඉන්න තැනට එක්කන් ගිය ගමන් ටේහ්‍යුන්ගේ පලවෙනි ප්‍රශ්නේ උනේ ඒක..මේ වෙනකොට ජෙනි ජිමින්ටත් ඔක්කොම විස්තරේ කියලා තිබ්බ නිසා ජිමිනුත් වීඩියෝ කෝල් එකක මේ කතාවට සම්බන්ධ වෙලයි හිටියේ..

හොබි ටේහ්‍යුන් ගැන එයා දන්න යූන්ගි නොදන්න ඇත්ත හැමදෙයක්ම මේ වෙනකොට යූන්ගිටයි ජෙනීටයි කියලා තියෙනකොට හොබී එයාලගෙ හිතේ ජන්ග්කුක් ගැන වෛරයක් කේන්තියක් ඇති නොවෙන්න කතාව කියන්න උපරිම උත්සාහ කරා...

ටේහ්‍යුන් එහෙන් යනකොට යූන්ගි ,ජෙනි කියන්නේ පොඩි ලමයි නිසා එයාලා අතර උන කිසිම දෙයක් ගැන තේරුමක් එයාලට තිබ්බේ නෑ..එයාලා දෙන්නා දන්නේ අනිත් අය කියපු එයාලා කතා කරපු දේවල් විතරයි..ඉතින් ටේහ්‍යුන් ඇත්තටම එයාලා හැමොමව දාලා රට ඇවිල්ලා දුක් වින්දේ ජන්ග්කුක් නිසා කියලා දැනුනෙත් ඒ හිත්වල ජන්ග්කුක් ගැන වෛරයක් ඇති වෙයි කියලා හොබීට බය හිතුනා..එහෙම උනොත් ටේහ්‍යුන්ට එන්නේ තවත් ප්‍රශ්නම විතරයි...ඒ නිසා හොබී ටේහ්‍යුන්ගේ පැත්තෙන් වගේම ජන්ග්කුක්ගේ පැත්තෙනුත් හැම දේම සරලවම යූන්ගිටයි ජෙනීටයි කිව්වේ ඒ දෙන්නාගෙම හිත්වල සම්පූර්ණයෙන්ම පසු තැවීම් ඇති කරලයි.

" මොකද දෙන්නා සද්ද නැත්තේ ?? "

ටේහ්‍යුන් ටිකක් සද්දෙන් අහනකොට යූන්ගි විතරක් නෙමෙයි හොබීත් බය උනා..මොනවා උනත් ඉතින් ඒ මස්සිනානේ..කොහොම හරි ටේහ්‍යුන්ගේ ප්‍රශ්නෙට හොරෙන් හොබි දිහා බැලුව යූන්ගි අතින් ඇගිලි දෙකක් පෙන්නුවේ වැරදිලාවත් ටේහ්‍යුන් දිහා නොබලයි...යූන්ගිට දුකයි ටේහ්‍යුන්ගේ ඇස් දිහා බලන්න..එහෙම බැලුවොත් යූන්ගි දන්නවා එයා අමාරුවෙන් පාලනය කරන් හිටිය කදුලු ආයි ඇස්වලින් එලියට පනිනවා කියලා..යූන්ගිගේ හිත සම්පූර්ණයෙන්ම පසුතැවීමෙන් පිරිලයි තිබ්බේ..

" දෙකයි ?? අවුරුදු දෙකක්ද ?? "

ටේහ්‍යුන් විශ්වාස කරගන්න බැරුව ඇසුත් ලොකු කරන් දෙන්නාගෙන් අහනකොට ඒ විදියටම පුදුම වෙලා ජන්ග්කුක් , ජෙනී වගේම කෝල් එකේ ඉන්න ජිමිනුත් කට ඇරන් බලන් හිටියා..

You Are MY ENEMY || TK Where stories live. Discover now