Chapter 51

246 61 1
                                    

ජන්ග්කුක්ව එදා රෑම ජන්ග්කුක්ගේ තාත්තාගෙයි ටේහ්‍යුන්ගෙයි කීමට ටිකට් කපපුවට පස්සේ  ටේහ්‍යුන් ජන්ග්කුක්ව එහෙම්ම එයාගේ ගෙදරට අරන් ගියේ ජන්ග්කුක්ගේ අම්මටවත් නොකියයි...ජන්ග්කුක්ගේ තාත්තට විතරක් පනිවිඩයක් දුන්න ටේහ්‍යුන් ජන්ග්කුක්ව අරන් එයාලගේ ගෙදරට යනකොට ජිමිනුත් එයාලා එක්කම ආවා..කොහොම හරි දවස් ගානකට පස්සේ ටේහ්‍යුන්ට සැනසීමේ ජන්ග්කුක්ගේ තුරුලේ නිදාගන්න පුලුවන් වෙනකොට එයාල දෙන්නා එදා උදේ වෙනකම්ම කරේ නිදාගත්තු එක..

ටේහ්‍යුන්ට කලින් උදෙන්ම ඇහැරුන ජන්ග්කුක් ටේහ්‍යුන්ටත් එක්ක උයන්න හිතුවේ එහේ ඉන්නකම්ම ජන්ග්කුක්  කෑවේ ටේහ්‍යුන්ගේ කෑම නිසායි...ඇරත් මහන්සිවෙලා ඉන්න ටේහ්‍යුන් දවල් වෙන්න කිට්ටු කරලත් හිටියේ තද නින්දේ...ඒ නිසා ජිමින්ව බලෙන්ම නැගිට්ටවගෙන ඇවිල්ලා දෙන්නාත් එක්ක කෑම උයලයි ටේහ්‍යුන්ව ඇහැරෙව්වේ..ඉදලා හිටලා ඉව්වත් ජන්ග්කුක්ගේ කෑම රස වෙනකොට ටේහ්‍යුන් , ජිමින් දෙන්නා බඩ පිරෙන්න කෑම කෑවා..

උදේට කාලා ඉවර උන තුන්දෙනාම මුලින්ම ගියේ ටේහ්‍යුන්ගේ අප්පච්චිගෙයි අම්මාගෙයි ටේයොන්ගෙයි සොහොන් ලගටයි..අවුරුදු ගානකට පස්සේ එයාලා ලගට ගිය ටේහ්‍යුන් එයාගේ පවුලේ අය එක්ක ජන්ග්කුක් ගැන හුගක් දේවල් කතා කරා..කොටින්ම එයා ආයි ජන්ග්කුක්ව දාලා යන්නේ නෑ කියලා ටේහ්‍යුන්ගේ තාත්තා ලග පොරොන්දු වෙලයි ආවේ..

ඊට පස්සේ හවස් වෙලා දෙන්නා ජිමිනුත් එක්ක රදීශාගේ වෙඩින්ග් එකට අදින්න ඇදූමක් ගන්න යන්න තීරණය කරෙ ටේහ්‍යුන් වෙඩින්ග් එකකට අදින්න හොද ඇදුමක් අරන් ආවේ නැති නිසායි...ටේහ්‍යුන් තනියම ගිහින් අරන් එන්න හැදුවත් රන්ඩුවෙලා ජන්ග්කුක් ජිමින් දෙන්නාත් ටේහ්‍යුන් එක්ක යන්න ලෑස්ති උනාම ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ටේහ්‍යුනුත් කැමති උනේ ජන්ග්කුක් එක්ක කතා කරලා දිනන්න බැරි නිසායි.

ඒත් ඉතින් තුන් දෙනාත් එක්කම ශොපින්ග් කරන්න ආවත් නොහිතපු වෙලේක මාස්ක් දාලා හිටියත් මීඩියා එකෙනුයි මිනිස්සුයි ජන්ග්කුක්වයි ජිමින්වයි හදුනගෙන වටකරගත්තා...එතනින් මිඩීයා එක ජන්ග්කුක් ගහගත්තු එක ගැන විස්තර අහනකොට ජන්ග්කුක් බයටම ටේහ්‍යුන්ගේ පිටිපස්සේ හැංගුනා..ජන්ග්කුක් කොහොමත් පුංචි කාලෙ ඉදන් ෆ්ලෑෂ් ලයිට් වලට බයයි කියලා ටේහ්‍යුන් වගේම ජිමිනුත් දන්නවා...ඒ නිසාම ජන්ග්කුක් ගොඩක් වෙලේට ප්‍රෙස්කොන්ෆෙරන්ස් එකකට ගියත් පිටිපස්සට වෙලා හැංගිලා ඉන්නේ..ජන්ග්කුක් ප්‍රසිද්ධියේ කතා කරනවා හරිම අඩුයි..ඉතින් මේ වගේ වෙලේක ජන්ග්කුක්ව මෙහෙම අහු උනෙ එක මීඩීයා එකට ලොකු චාන්ස් එකක් වෙනකොට එයාලාට ජන්ග්කුක්ව අතාරින්න ඕන උනේ නැ..

You've reached the end of published parts.

⏰ Last updated: Sep 22 ⏰

Add this story to your Library to get notified about new parts!

You Are MY ENEMY || TK Where stories live. Discover now