Chapter 39

442 81 10
                                    

ජන්ග්කුක් හිටියේ ටේහ්‍යුන්ගේ අපාර්ට්මන්ට් එකේ ග්ලාස් එකෙන් පේන ලන්ඩන් නගරය දිහා බලාගෙනයි..හිම වැටෙන්න ආසන්න නිසා පරිසරයේ තිබ්බ අදුරු බවත් සීතලත් ජන්ග්කුක්ට ගෙනාවේ තවත් මූසල හැගීමක්..

පැය ගානකට කලින් හොබීගේ කටින් ටේහ්‍යුන් ගැන අහපු දේවල් දරාගන්න පුලුවන් තත්ත්වෙක නෙමෙයි ජන්ග්කුක් හිටියේ..අඩලා අඩලාම හෙම්බත් වෙලා කදුලු වේලිලා ගිහිනුයි තිබ්බේ...ඈත පේන අදුරු අහස දිහා බලාගෙන ජන්ග්කුක් මේ අවුරුදු දහය ගැන කල්පනා කරා...එයාලට කොතනද වැරදුනේ, එයාලා කොතනද මගහැර ගත්තේ කියලා ජන්ග්කුක්ගේ හිත තර්ක කරා..මේ තාක් දුරට ටේහ්‍යුන්ගේ ජිවිතේට තමන් වග කියන්න ඕන කියන හැගීම ජන්ග්කුක්ව පුච්චලා දැම්මා..

ටේහ්‍යුන් තමන්ට නොකියා හැමදේම දාලා, තමන්ව තනි කරලා රටින් ගියා කියන දේ ජන්ග්කුක්ගේ හිතේ ටේහ්‍යුන් ගැන කේන්තියක් ඇති කරපු නිසා ජන්ග්කුක්ට පුලුවන් උනත් හිත හදාගෙන මේ අවුරුදු දහය ජීවත් වෙන්න කිසිම වැරැද්දක් නොකරපු ටේහ්‍යුන් කොහොම ජීවත් උනාද කියන එක ගැන ජන්ග්කුක්ට දැනුනේ තමන් ගැනම කලකිරීමක්..ජිමින්ගේ කීම නිසාම ටේහ්‍යුන්ට තව අවස්ථාවක් දෙන්න ජන්ග්කුක් හිත හදාගත්තේ නැත්තම් ජන්ග්කුක් තාමත් කරන්නේ ලොකු වැරැද්දක්..

පැය ගානකට කලින් එයා දැන ගත්ත එයා නොදැක්ක , එයාට නොපෙන්නුව ඇත්ත ජන්ග්කුක්ගේ මනස සෑහෙන්න වට්ටලයි තිබ්බේ..ජන්ග්කුක් දැනගෙන හිටියේ නෑ ටේහ්‍යුන් ලංකාවේ දි එදා සූසයිඩ් කරගන්න හැදුව කියලා, ජන්ග්කුක් දැනගෙන හිටියේ නෑ ටේහ්‍යුන්ට රට යන්න ස්කොලර්ශිප් එක හදලා දුන්නේ එයාගේ තාත්තා කියලා, ජන්ග්කුක් දැනගෙන හිටියේ නෑ එයාර්පෝර්ට් එකේදි ටේහ්‍යුන් තමන් දිහා හොරෙන් බලන් ඉදලා ගිය බව, ජන්ග්කුක් දැනන් හිටියේ නෑ ටේහ්‍යුන් රට ඇවිල්ලා විදපු දුක, ජන්ග්කුක් දැනන් හිටියේ නෑ ටේහ්‍යුන් ඩිප්‍රෙශන් වලට බෙහෙත් බිව්ව වග, ජන්ග්කුක් දැනන් හිටියේ නෑ ටේහ්‍යුන් ඇල්කොහොල් ඇලජි උනත් ඒ දේට ඇබ්බැහි වෙලා වග, ජන්ග්කුක් දැනන් හිටියේ නෑ ටේහ්‍යුන් අත පුරා තියෙන තුවාල මාර්ක් වලට හේතුව...

You Are MY ENEMY || TK Where stories live. Discover now