Chapter 43

315 68 15
                                    

Next day morning

" කූ...පැටියෝ නැගිටින්න..."

රෑටත් නොකා ඊයේ ඇදුම පිටින්ම නිදාගෙන ඉන්න ජන්ග්කුක්ව ඇහැරවන්න ටේහ්‍යුන් ඊයේ රෑ ඉදන්ම ගේමක් දෙන්නේ..කොච්චර නැගිට්ටෙව්වත් රෑ නැගිට්ටේ නැති නිසා ටේහ්‍යුන් අන්තිමට ජන්ග්කුක්ගේ ශර්ට් එකයි සපත්තු එහෙම ගලවලා තෙත රෙදි කෑල්ලක් ගෙනල්ලා ජන්ග්කුක්ගේ මූනයි බෙල්ලයි අත් දෙකයි පිහිදලා දාලා ජන්ග්කුක්ට නිදාගන්න දුන්නා..යට ඇදුම් වලට ටේහ්‍යුන්ට අත තියන්න බයක් දැනුන නිසා ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ කලිසමේ බෙල්ට් එක විතරක් ගලවලා ඒක එහෙම්ම තිබ්බා..

ටේහ්‍යුන්ට බයයි එයාට පාලනයක් නැති වෙයි කියලා..ජන්ග්කුක්ගේ කිරි සුදු හම දැක්කාමත් ටේහ්‍යුන් ඉන්නේ පුදුම ඉවසීමකින්..ඒ නිසාමයි එයා ජන්ග්කුක් ශර්ට් එකත් ගලවන් ඇදට ආපු ගමන් ඇස් වහගන්නේ..ඒත් ඉතින් ජන්ග්කුක් ඒ වැඩේට කැමති නෑ කියලා ටේහ්‍යුන් දන්නවා..දවසෙම කම්මැලිකමේ ඉන්න ජන්ග්කුක් ටේහ්‍යුන් එනකම් ඉන්නේ එයා එක්ක කියවන්න...ඒත් ඉතින් ශර්ට් එකක් නැතුව එයාගේ තුරුලේ ඉදන් කියවන හා පැටියා දිහා ටේහ්‍යුන් කොහොමද ඉවසීමෙන් බලන් ඉන්නේ..එක්කෝ එයා ශර්ට් එකක් ඇදන් එන්න ඕන..නැත්තම් ටේහ්‍යුන්ට ඇස් වහන් ඉන්න දෙන්න ඕන..

අහින්සක ටේහ්‍යුන් දන්නේ නෑනේ ඉතින් රෑට ශර්ට් දාලා නින්ද යන්නේ නෑ කියලා ශර්ට් එකත් ගලවන් ඔය ජන්ග්කුක් එන්නේ එයාව අවුස්සන්මයි කියලා..ඉතින් ඒ අසරණයා හැමදාම එයාගේ හැගීම් පාලනය කරන් ඉන්නවා..

" කූ...නැගිටින්න...රෑට කෑවෙත් නෑ...හැබැයි ඔයා ඔහොම දිගටම නිදාගෙන හිටියොත් මන් අදත් ඔයත් එක්ක ඇවිදින්න යන්නේ නැතුව හොස්පිටල් එකට යනවා හරිද ??"

ඔන්න එතකොට නම් කපටි ජන්ග්කුක් ඉක්මනට ඇස් ඇරියා..නිකන් ඉල්ලන් කන්න ඕන නෑනේ..

" ඔය නැගිට්ටේ...කෝ යන්න වොශ් එකක් දාගෙන එන්න.."

බලෙන්ම අත් දෙකෙන් ඇදලා ජන්ග්කුක්ව ඉන්දුව ටේහ්‍යුන් බාතෲම් එකට ගිහින් ජන්ග්කුක්ගේ බ්‍රශ් එකට ටූත් පේස්ට් ටිකක් දාලා හිටගෙන නිදාගෙන ඉන්න ජන්ග්කුක්ගේ අතට බ්‍රශ් එක දුන්නා..

You Are MY ENEMY || TK Where stories live. Discover now