Chapter 36

317 75 34
                                    

ජන්ග්කුක් ටේහ්‍යුන් රූම් එකෙන් ගියාට පස්සේ සෝශල් මීඩීයා පැත්තේ රවුමක් දානගමන් බලන් හිටියේ ටේහ්‍යුන් ආයි එයි කියලයි..හිත කොච්චර කේන්තියෙන් පිරුනත් ජන්ග්කුක්ගේ ඇස් තාමත් ටේහ්‍යුනව බලාපොරොත්තු වෙනවා..

සැරින් සැරේ දොර දිහාවට යන ඒ බෝල ඇස් ටේහ්‍යුන්ගේ කඩවසම් රූපේ ඕනවටත් වඩා බලාපොරොත්තු වෙනවා...ඒත් ජන්ග්කුක් හිත ?? තමන්ට ආදරෙයිවත් නොකියා බයගුල්ලෙක් වගේ දාලා ගියපු ටේහ්‍යුන්ට ලන් වෙන්න ජන්ග්කුක්ගේ හිත හැම වෙලේම දෙපාරක් හිතනවා..

ජන්ග්කුක් වැරදි නෑ...ජන්ග්කුක් කොහොමද ටේහ්‍යුන් ගැන බලාපොරොත්තු තියාගන්නේ ??

ටේහ්‍යුන් ජන්ග්කුක්ට ආදරෙයි කිව්වේ නෑ!!

එයාව දාලා ගියාට ටේහ්‍යුන් සමාව ගත්තේ නෑ !!

අඩුම ජන්ග්කුක් කියන්නේ කවුද කියන එකවත් ටේහ්‍යුන්ට දැන් ගානක් නෑ !!

ටේහ්‍යුන්ගේ පුංචි අවදානයක්වත් ජන්ග්කුක්ට ලැබුනේ නෑ !!

එහෙනම් ටේහ්‍යුන් මේ හැමදේම අතෑරලා හිත හදාගෙනද ??

ජන්ග්කුක් එන්ගේජ් උනා කියන එකට ජන්ග්කුක්ට දොස් පවරන්නේ නැති තරම් ටේහ්‍යුන් හිත හදාගෙනද ??

එහෙම නැත්තම් ටේහ්‍යුන් ජන්ග්කුක්ට ආදරේ කරේ නැද්ද ??

ජන්ග්කුක් විතරයිද ටේහ්‍යුන් වෙනුවෙන් මැරීගෙන ආදරේ කරේ ??

ජන්ග්කුක් විතරයිද හැම කැපකිරීමක්ම කරේ ??

ජන්ග්කුක් වැරදි නෑ...ජන්ග්කුක්ගේ පැත්තෙන් ජන්ග්කුක් දන්නේ එච්චරයි...

ටේහ්‍යුන් ජන්ග්කුක්ට කොච්චර ආදරෙයි ද කියලවත්, එයාව දාලා එන්න උන එකට හැමදාම ටේහ්‍යුන් හිතින් ජන්ග්කුක්ගේන් සමාව ගන්න බවවත්, ජන්ග්කුක්ගේ එන්ගේජ්මන්ට් රින්ග් එක ටේහ්‍යුන්ගේ හිත නොසෑහෙන්න පෑරුවා කියලවත් , ජන්ග්කුක්ට වඩා ටේහ්‍යුන් කැපකිරීම් කරා කියලවත් ජන්ග්කුක් දන්නේ නෑ !!

ජන්ග්කුක් දන්නේ ටේහ්‍යුන්ගේ හැගීම් නැති ඇස් පෙන්නපු හිස් හැගීම මිසක් ටේහ්‍යුන්ගේ හිත ඇතුලෙන් නැගෙන විලාපේ නෙමෙයි...

You Are MY ENEMY || TK Where stories live. Discover now