Chapter 45

319 64 8
                                    

මේ වෙනකොට කාලය ටික ටික ගත වෙලා සීතල නත්තල් සතියත් ලන් වෙලයි තිබ්බේ..වට පිටාවෙන් හිම වැටෙනකොට මිනිස්සු එලියට බැස්සෙම අත්‍යවශ්‍ය කාරනයක් වෙනුවෙන්ම විතරයි..ටේහ්‍යුන් හැම අවුරුද්දකම නත්‍තල් සතියෙත් හොස්පිටල් එකේ වැඩ කර නිසා මේ පාර නත්තලට නිවාඩු ටේහ්‍යුන්ට ලේසියෙන්ම ගන්න උනා..එහෙම ගන්න උනේ නැත්‍තම් ඉතින් ඒ ටේහ්‍යුන්ගේ අවසානේ බවත් එයා දැනගෙනමයි හිටියේ...මොකද ජන්ග්කුක් ටේහ්‍යුන්ට තර්ජනය කරලා තිබ්බේ නත්තල් සතියේ ගෙදර හිටියේ නැත්‍තම් ඊලග දවසෙම ෆලයිට් එකක් බුක් කරන් ලංකාවට යනවා කියලා..

ජන්ග්කුක්ගේ අතත් මේ වෙනකොට 90%ක් විතර හොද වෙලා තිබ්බ නිසාත් ඊලග අවුරුද්දේ ඉදන් ජන්ග්කුක්ට ආයි ප්‍රැක්ටිස් වලට යන්න පුලුවන් නිසාත් ටේහ්‍යුන්ට ඕන උනේ නෑ ජන්ග්කුක්ව කලින්ම ලංකාවට යවලා තනිවෙන්න..ඒ නිසාම ටේහ්‍යුන් කොහොම හරි කියලා නිවාඩු අරගත්තේ ජන්ග්කුක් ලග ඉන්න පුලුවන් හැම තප්පරේකම එයත් එක්ක ඉන්න ඕන නිසායි..ජන්ග්කුක්ව ආයි යවන්න කොච්චර අකමැති උනත් ඒ දෙන්නා මේ සම්බන්දේ පටන් ගත්තෙම මෙහෙම ඈතින් ඉදන් උනත් ආදරේ කරන්න හිත ශක්තිමත් කරගෙන නිසා අමාරුවෙන් උනත් එයාලට හිත හදාගන්න සිද්ධ උනා..

ඉතින් එයාලා හම්බුවෙන්න පුලුවන් හැම තප්පරේකම එකට ඉන්න , කිස් එකකින් එහාට යන්න ,පුලුවන් උපරිමෙන් ඒ දෙන්නාගේ ආදරේ විදින්න දෙපාරක් හිතුවේ නෑ..පලවෙනි පාර දෙන්නා අතරේ සිද්ධ උන එක්වීමෙන් පස්සේ ටේහ්‍යුන්ට සතියක්ම ජන්ග්කුක්ගේ ආවතේවකම් කරන්න සිද්ද උනා..ජන්ග්කුක්ට දවසක් දෙකක් යනකොට ලොකු අමාරුවක් නැතත් ටේහ්‍යුන්ගෙන් ලැබුනු චාන්ස් එක නැති කරගන්න අකමැත්තට ටේහ්‍යුන් ලව්වා ඔක්කොම කරගත්තාම අසරණ ටේහ්‍යුනුත් ජන්ග්කුක්ට රිදෙනවා ඇති කියලා හිතන් ජන්ග්කුක්ගේ ඔක්කොම වැඩ කරා..අන්තිමට ජන්ග්කුක්ට ටේහ්‍යුන් පව් කියලා හිතුනාමයි ටේහ්‍යුන්ට නිදහස ලැබුනේ...කොහොම හරි ආයි ජන්ග්කුක්ට රිද්දන්න තිබ්බ අකමැත්ත නිසා ජන්ග්කුක් එක්ක එකතු වෙන්න ටේහ්‍යුන් අකමැති උනත් ජන්ග්කුක්ගේ බල කෙරිල්ල නිසාම එයාලා සෑහෙන්න වතාවක් එකට හිටියා..එහෙම දවස්වලට ඉතින් යූන්ගිව හොබි එක්කගෙන ගියේ ජෙනීට එයාලගේ සද්දේ ඇහුනේ නැතත් ටේහ්‍යුන්ගේ කාමරේට එහා පැත්තේ කාමරේ යූන්ගිගේ නිසා එයාට ඒ දේවල් ඇහෙයි කියන බයටයි..ඉතින් මේ කාලේ ඇතුලත යූන්ගියා වැඩි හරියක් හිටියේ ඉතින් හොබීගේ අපාර්ට්මන්ට් එකේ..එතන ඉදන් එයාගේ කොලේජ් එකට ලග නිසා යූන්ගි නිකන් දවසටත් එහෙ ගිහින් නතර වෙලා හිටියා.

You Are MY ENEMY || TK Where stories live. Discover now